facebook like

කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපන් : නැත්නම් මන්ත්‍රිකම දාලා ගෙදර පලයන්

මගේ මැතිවරණ ව්‍යාපාරයේ එක පෝස්ටරයක්, කටවුට් එකක් එක පොලිතින් කෑල්ලක් නෑ. මම බෙදන්නේ මේ කාඩ් විතරයි. මම මේ කාඩ් එක දැම්මා ලංකාදීප පත්තරේ. පසුගිය 03 වැනිදා ඉඳන් ලබන 26 වෙනකන් මේක දැන්වීමක් හැටියට දැම්මා. මේකේ මොකක්ද තිබ්බ වාක්‍යය.

'මහරජාගේ ඒකාධිපති වියරුවට එරෙහිව ජය සටනට එජාපයෙන්' මේක දාලා දවස් 02යි. 'ලංකාදීපයේ' මහත්වරු සටපට ගාලා
වෙව්ළ වෙව්ළ මට කතා කළා යැයි එජාප අපේක්ශක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අවිස්සාවේල්ලේ පැවැති රැස්වීමකදී ඒ මහතා මෙසේ කීය.
ඊට පස්සේ මං ගියා ලංකාදීපයට. 'ලංකාදීපෙන්' කිව්වා 'අපිට මරණ තර්ජන මහත්තයෝ, ඉල්ලන ගාණක් දෙන්නම් මේ ඇඩ් එක ගලවන්න' කියලා.

දවස ගාණේ ලංකාදීපයට මහරජෙක් ඉන්නවද මේ රටේ? දවස් 7යි ගියේ 'ලංකාදීපේ' උන් මගෙන් අහන්නේ නැතිව ඇඩ් එක ගැලෙව්වා. මං කිව්වා 'දානවා තොපිට නඩු. මම සල්ලි ගෙවලා තියෙන්නේ. වාක්‍ය මගේ. වගකීම මගේ. තොපි කොහොමද මගේ ඇඩ් එක ගලවන්නේ කියලා. මං අහනවා ලංකාදීපේ අපේද උගේද කියලා? 'ලංකාදීපේ' අපේ. රනිල් වික්‍රමසිංහගේ මස්සිනාගේ. මුන් මොකටද යකෝ උන්ට බයවෙන්නේ. ලංකාදීපෙත් උන්ටම දීලා පලයන් ගෙදර. රුවන් විජයවර්ධන ඊළඟ නායකයා වෙන්න බලන් ඉන්නේ මේකේ. යකෝ නායකයෙක් වෙන්න පුළුවන්ද උන්ට බයවෙලා?

මම රුවන්ට කියන්නෙත් එකයි. හරියට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපන්. නැත්නම් පාර්ලිමේන්තුවත් දාලා පලයන්. 'ලංකාදීප' අපේ. අපි සල්ලි ගෙවලා ඇඩ් දාන්නේ. මොන මඟුලටද යකෝ බයවෙන්නේ? මම කියනවා මේකට බය නැත්නම් දාපං මේ ඇඩ් එක ආපහු.
අපි මේවට මුහුණ දෙන්න ඕන. අද බැලු බැලූ හැම තැනම දූෂණය, වංචාව, නාස්තිය, කැසිනෝ, එතනෝල්, කුඩු, මිනීමැරුම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මේකද ආශ්චර්යය.

මේක තමයි මහින්ද චින්තනයේ ආශ්චර්යය. දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවා කිව්වා ලංකාව. පාසල් තියෙනවා ගුරුවරු නැහැ. වරාය තියෙනවා නැව් නැහැ. එයාර්පෝර්ට් තියෙනවා ගුවන් යානා නැහැ. බලාගාර තියෙනවා විදුලිය නැහැ. බැංකු තියෙනවා සල්ලි නැහැ. කුඩු තියෙනවා නඩු නැහැ. මේ රට රජදරුවන්ගේ කාලයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. අද කාලයේ හඳුන්වන්නේ කුඩුගාරය කියලා.
අද මහින්ද චින්තනය යට ගිහිල්ලා පැකර් චින්තනය ඇවිල්ලා තමයි මේ රට කරන්නේ. මේ ආණ්ඩුවට කායන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා නෙවෙයි මිත්‍රවරුනි. එකට ජරාව කන නින්දිත සන්ධානය කියලා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive