රාවණා රජු කාන්තාවන් පැහැර ගන්නා අයෙක් යයි අගමැති දි.මු. ජයරත්න මහතා විසින් සිදු කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් රාවණ සවිය ජාතික සංවිධානය දැඩි විරෝධය පල කරයි.
එම සංවිධානයේ ලේකම් දුලීප සංජය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
අග‍්‍රමාත්‍ය දි.මු.ජයරත්න මහතා රාවන රජුගේ චරිතයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකිමු.
2014-08-06 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ‘රාවනා කියන්නේ, කාන්තාවන් හොරෙන් ගෙනාපු කෙනෙක්. ඉතිහාසයේ ලොකු කෙනෙක් වෙන්න පුඵවන්. නමුත් චරිතය එහෙමයි’ යනුවෙන් අපහාසාත්මකව, උපාහාසාත්මකව ප‍්‍රකාශ කරන ආකාරය මාධ්‍ය මගින් අපට දැකගන්නට ලැබුණි. එම ප‍්‍රකාශය එතුමා සිදුකරන්නේ ‘රාවනා බලය’ නම් සංවිධානය සමග තිබෙන මත ගැටුමකටය. අග‍්‍රාමාත්‍යතුමා ඉතා පහත් ලෙස අපහාසයට පත්කළේ අපේ රටේ ප‍්‍රාග්ඵෙතිහාසික යුගය නියෝජනය කරන හෙළ අසුර අධිරාජ්‍යයේ සක්විති මහරජ දසිස් රාවනයන්ය. මෙරට ශිෂ්ටාචාරය ගොඩනැගු සිව්හෙළයින් විජයගෙන් පැවත එන්නන් නොව සූර්යවංශයේ මහාරාවන පරපුරේ සිට පැවත එන සිංහලයන් බව අප ඉතා අවධාරණය කර සිටිමු. ‘තුන්ලොව තමා නතුකළ රවුඵ’ යැයි රාවනා රජුට උපහාර පුදනු ලැබුවේ ෂඞ් භාෂා පරමේෂ්වර තොටගමුවේ සිරිරහල් මහා කිවිසුරාණන් විසිනි. ‘වෛද්‍ය ශිරෝමනී’ ලෙස රාවන රජුව උපහාරයෙන් පුදනු ලැබුවේ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ නිර්මාතෘ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් විසිනි. කුමාරතුංග මුනිදාස, රැපියල් තෙන්නකෝන්, ගුණපාල මලලසේකර, අරිසෙන් අහුබුදු, වි.ජ.මු ලොකුබණ්ඩාර යන බහුශුත වියත් ගිහිපැවිදි විද්වතුන්ගේ මහත් ගෞරවයට උත්තමාචාරයට උතුම් වූ ශී‍්‍ර රාවන නාමය පත්විය. රාවන රජු ගැහැණියක (සීතා) පැහැරගෙන ආවාය යන්න අප සංවිධානය කිසිවිට පිළිනොගන්නා අතර ඊට අවශ්‍ය සාධාරණ හේතු සාධක අප සතුව ඇත. අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා රාවන රජුට එවැනි අපවාදයක් දැක්වූයේ වාල්මිකීගේ රාමායනය පදනම් කරගෙන බව නම් පැහැදිලිය.
ප‍්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක්දැයි හඳුනා ගතයුතුය. මුල් අවස්ථාවේ ග‍්‍රන්ථයක් ලෙස නොපැවිති මෙය සංස්කෘතික ශ්ලෝක 24000 කින් සැකසි තිබුණි. සමස්ත රාමායණයට අනුව වාල්මිකී යනු සොරදෙටුවෙකි. ඔහු වනාන්තරයේ මංපහරමින් සිට පසුව සෘෂිවරයෙක් බවට පත්විය. මෙම වාල්මිකී නම් සොරදෙටුවා රාජවරප‍්‍රසාද ලබාගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවෙකු පහළ කරදෙයි. මෙවැනි ප‍්‍රකාශ මනස්ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතෙකු පිළිගනියි. ස්ති‍්‍රයක් වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප‍්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සතිපූජා පැවැත්වූ මිලේව්ඡු ජනකොටසකි. ලක්දිව හෙළ කාන්තාවන් කිසිවිටෙකත් තම සැමියා මිය ගිය පසු ගිනිමැළයකට ඇඳ දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. මහාරාවන යුගයේ පැවතියේ ද මාතෘ මූලික සමාජයකි.
ලෝක පූජිත රාවනා රජු පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදුණු දේශපේ‍්‍රමී උගතුන් රාවනා රජු පිළිබඳව රාමායණය තුළින් කරුණු ගෙනහැර දක්වා නොමැත. ඉන්දියාවේ ඉතා සු`ඵ වශයෙන් පැතිර ඇති ඇතැම් ගෝති‍්‍රක ජනයා අතර රාමායණය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකටව නැතත් එම කථා පුවත ජනප‍්‍රවාදයක් ලෙස පැතිර තිබේ. එම පුවත් ප‍්‍රවාද අනුව රාම රාවන යුද්ධයෙන් ජයගනු ලබන්නේ රාවණයන්ය. ඉන්දීය ප‍්‍රාන්ත භාෂා සම්බන්ධයෙන් ප‍්‍රවීනයකු වන ආචාර්ය මෝහියර් විලියම්ස් මහතා පවසන අකාරයට රාමායණය මුල්වරට ලියවී ඇත්තේ ප‍්‍රාකෘත බසිනි. දෙවනුව එය වාල්මිකී විසින් සකු බසින් ලියා ඇති අතර වාල්මිකි හින්දු භක්තිකයෙකු වූ බැවින් හින්දු දහමට අනුකූල වන ලෙස ඇතැම් සිද්ධි වෙනස්කර ඇත.
රාමායණය නමින් ප‍්‍රකට මහා රාමායණය නම් සංස්කෘත ග‍්‍රන්ථයට සමගාමීව චූල රාමායණය නමින්ද ග‍්‍රන්ථයක් භාරත දේශයේ කුඩා ගෝති‍්‍රක ජනයා අතර ප‍්‍රකටව පවති. එහි මෙම වෘත්තාන්ත කාව්‍යය අවසන් වනුයේ රාවනා රජු විසින් රාම කුමරු පරදවා භාරත දේශයේ යුවරජකමට නැවත තම ප‍්‍රතිමල්ලව රාම කුමරුන් පත්කිරීම උත්සවාකාරයෙන් සිදුකළ අවස්ථාවකි. මෙම චූල රාමායණය කෘතිය භාරතයේ හින්දුන් නොවන ගාන්ධාර ප‍්‍රදේශයේ සුඵ ගෝති‍්‍රක ජනයා අතර ප‍්‍රකට ග‍්‍රන්ථයක් වන අතර එය මුලින්ම ප‍්‍රාකෘත භාෂාවෙන් ලියවුණු සත්‍ය කෘතිය විය හැකි යැයි ආචාර්ය නාරායන් ශෙන්නායියා අවධාරණය කර සිටියි. වරිගපූර්ණිකාව නම් ඉපැරණි පුස්කොළ ග‍්‍රන්ථයේ රවිශෛලාශ වංශයේ යක්ෂ ගෝති‍්‍රකයන්ගේ නීතිරීති අන්තර්ගතකර ඇත. ඒඅනුව ස්තී‍්‍ර දුෂණය නොකිරීම හා එයට අනුබල නොදීම පරපුරේ හා අන්‍ය ජාතික සියඵ ස්තී‍්‍රන්ගේ ගෞරවය ආරක්‍ෂා කළ යුතුය යන්න යක්‍ෂ ගෝති‍්‍රක රාවනා පරපුරේ නීතියයි. රාමායණය ලියවුණු කි‍්‍ර.පූ. 5 වන සියවසින් සියවස් දෙකකට පමණ පසු සම්පාදිත ‘ජාතක අට්ඨ’ කතාවෙහි එන දශරථ රජුගේ පුත්් රාම පණ්ඩිතයෝ බෝධිසත්ව චරිතයකි. තම බාල සොහොයුරු ලක්‍ෂ්මන හා නැගණිය සීතා සමග පියාගේ නියමය පරිදි දහතුන් වසරක් දණ්ඩක ආරණ්‍යයේ සිට අනතුරුව ආපසු ආයෝධ්‍යාවට අවුත් රජකම භාරගැනීම හැර රාවන රජු සීතා පැහැරගැනීමක් හෝ රාවන යුද්ධයක් ‘දශරථ ජාතකයේ’නැත. සියවස් දෙකකට ඉහත කාලය ගැන ලංකාවේ භික්‍ෂූන්වහන්සේලාට ඉතා හොඳ දැනුමක් තිබිණි.
තවද චක‍්‍රවර්තී රජෙකුට රත්න හතක් පහළ වෙන බව බුදුරජාණන්වහන්සේ දේශණාකර ඇත. එබැවින් සක්විති රජෙකු වූ රාවනයන්ට සීතා කෙනෙකු අනවශ්‍යය. වාල්මිකීගේ රාමායණයට අභියෝග කරමින් ලොව ප‍්‍රකට චිත‍්‍රපට අධක්‍ෂකවරයෙකු වූ මනිරත්නම් විසින් මෑතකදී ‘රාවන්’ නම් චිත‍්‍රපටය නිර්මාණය කරමින් රාවනයන්ගේ ශිෂ්ටසම්පන්න බව නිර්දෝෂි බව පෙන්නුම් කර ඇත. ලක්දිව ඉතිහාසය පිළිබඳව අග‍්‍රාමාත්‍යතුමාගේ දැනුම සම්බන්ධව අප කණගාටුවන අතර ඉතිහාසය හරිහැටි නොදැන අපේ හෙළ රජදරුවන් උපහාසයට පත් කිරීම අප දැඩි ලෙස හෙළා දකිමු. ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඇති ඉතිහාසයට ආදරය කරන ඉන්දීය සංස්කෘතිය, ජන විඥානය, උරුමය හඳුනන නරේන්ද්‍ර මෝඞී වැනි දේශපේ‍්‍රමී අගමැතිවරයෙක් අපේ රටට අවශ්‍ය කාලය දැන් එළඹ ඇත. තමන්ගේ ජාතියේ ඉතිහාසය නොදැනීම පෙන්නුම් කිරීම තුළින් අගමැතිවරයා මෙම තනතුරට නුසුදුසු බව නැවත වරක් පෙන්වා ඇත. අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ඉතිහාසයට ආදරය කරන ගවේෂණ කරන ජාතික උරුමයට හිතැති සැමගේ සිත් රිදවා ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මැතිතුමා විසින් මහාරාවන රාජඋපහාර උළෙලක් පවත්වමින් රාජ්‍ය අනුග‍්‍රහය ලබාදුන්නේ පසුගිය 2014-08-01 දින වන අතර ඉන් දවස් පහකට පසුව අගමැතිවරයා මෙවැනි ප‍්‍රකාශයක් සිදුකිරීම කෙතරම් හාස්‍යජනකද?
සව_ආගමික බහුභූත සංකල්ප තුළින් ජාතියක් ඡුන්මයක් නැති ඕපපාතික ජාතියක් බවට සිංහලයන් පත් කිරීමේ සැළැස්මක් ද මේ යන්න අපට සාධාරණ මතයක් මතුවේ. මහාරාවන රජු සිංහලයන්ගේ ගෞරවාදරයට වන්දනාමානයට පාත‍්‍ර වූ සුවිශේෂි බෝසත් චරිතයකි. හිමාලය තුළ ධර්මය ආරක්‍ෂා කරන ධර්මපාලවරු සතරදෙනෙකු ගැන සඳහන්වේ. එහි දක්‍ෂිණ ධර්මපාල ලෙස රාවනා රජු හඳුන්වන්නේ සිහලාධිපති යන විශේෂන නාමය සමගිනි. චීනය, කොරියාව, ජපානය වැනි නැගෙනහිර ආසියාව පුරා විහිදී ඇති ලංකාවතර සූත‍්‍රය මගින් රාවනා කවුරුන්ද යන්න තේරුම්ගැනීමට අපහසු නොවේ. තිබ්බතයේ නික්බාන නිකාය (පුරාණ නිකාය) භාවිතා කරන භාවනා ක‍්‍රමය මලයගිරියේ දී බුදුරජාණන්වහන්සේ රාවනා රජුට දේශිත භාවනා ක‍්‍රමය බව ඔවුන් පවසයි. ආයුර්වේදය හා ජ්‍යොතිශ් ශාස්ත‍්‍රයට මහාරාවන රජු කළ සේවයට උපහාරයක් වශයෙන් ඉන්දියාවේ බරණැස විශ්ව විද්‍යාලයේ පිහිටි ප‍්‍රදේශය ඈත අතීතයේ දී ‘ශී‍්‍ර වෛද්‍යනාථ දාම්’ ලෙසින් නම් කරන ලද අතර වෛද්‍යනාථ දාම් යනු ඉන්දියානුවන් මහාරාවනයන්ගේ සුවිශේෂි වෛද්‍යදැනුමට උපහාර පිණිස යෙදු ගෞරව උපාධි නාමයකි. එවන් වූ උතුම් ශී‍්‍ර රාවන නාමය කෙලෙසීම ඉන්දියානුවකු අතින් සිදුවූයේ නම් අපට එය ඉවසා දරා ගතහැක. එහෙත් අපේ රටේ දෙවන පුරවැසියාගෙන් එවැන්නක් සිදුවීම බරපතල තත්වයකි. ඉතා අවාසනාවන්ත තත්වයකි. මේ සම්බන්ධව අප සංවිධානයේ බලවත් විරෝධය අප‍්‍රසාදය හා කලකිරීම අග‍්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතාට පළකර සිටිමු.
දුලිප් සංජය
ලේකම්
රාවණ සවිය ජාතික සංවිධානය

0 comments:
Post a Comment