facebook like

අතුරුදන් මැලේසියන් යානාව ලංකාවේ ඇතැයි තවත් කතාවක්

සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේ Business Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම
කතාව මෙය බව වාර්ථා වේ.
යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි.
මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්‍ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි.

රුක්ලන්ති පෙරේරා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive