facebook like

ඔබාමාගේ ආරක්ෂක නිලධාරීන්ට විනය චෝදනා

නෙදර්ලන්ත සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට රැකවරණ සැලසීමේ නිරත කර සිටි එක්සත් ජනපද රහස් ඔත්තු නිලධාරීන් තුන් දෙනකු “විනය හේතූන් “ මත ආපසු යවන ලද බවක් වාර්තා වෙයි.

ඔවුන්ගෙන් එක් නිලධාරියෙක් බීමත්ව නෙදර්ලන්තයේ ,ඇමස්ට්ර්ඩෑම් අගනුවර හෝටලයක ශාලාවක් ඔස්සේ ගමන් කර තිබුණ බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු රහස් ඔත්තු අංශයේ නිලධාරියෙක්
කියා සිටියේ, විභාගයක් පැවැත්වෙන තෙක් නිලධාරීන් තිදෙනා නිවාඩු යැවූ බවයි.

ඇමෙරිකානු රහස්‍ය අංශය මෙයින් පෙරත් විවිධ අපචාර වාර්තා වීමෙන් අනතුරුව ඔවුන්ගේ නැති වූ කීර්තිය යළි ගොඩ නගා ගැනීමේ ප්‍රයත්නයක නිරතවයි සිටියේ.

ජනාධිපති ඔබාමාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ලිංගික අතවර සහ වැරදි හැසිරීම් නිසා ඉවත් කිරීමට ඇමෙරිකානු රහස් ඔත්තු අංශය 2013 වසරේ පියවර ගෙන තිබුණි.

අතීත චෝදනා
2012 වසරේ කාම්බෝජයේ දී අබිසරු ලියන් කුලියට ගැනීමේ චෝදනාවට ලක් වූ ඇමෙරිකානු රහස් ඔත්තු නිලධාරීන් කීප දෙනකුද පදවි වලින් ඉවත් කරනු ලැබිණ.

ඇමෙරිකානු රහස් ඔත්තු අංශයේ ප්‍රකාශක එඩ් ඩොනවන් ප්‍රකාශයක් කරමින්, න්‍යෂ්ටික ආරක්‍ෂාව පිළිබඳ සමුළුවක් සඳහා ජනාධිපති ඔබාමා ලබන සඳුඳා නෙදර්ලන්තයට පැමිණීමට නියමිතව තිබියදී මුලින් කී සිද්ධිය වාර්තා වූ බවයි කියා සිටියේ.

එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් තිදෙනා ජනාධිපතිවරයාට ආරක්‍ෂාව සැලසීම භාර ප්‍රති ප්‍රහාරක ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වන අතර ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් කණ්ඩායම් නායකයකු වන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසයි.

මූලාශ්‍රය සඳහන් නොකරන වාර්තා උපුටා දල්වමින් “වොෂින්ටන් පෝස්ට්” පුවත්පත සඳහන් කර තිබෙන්නේ, එක් ඇමෙරිකානු ජනාධිපති ආරක්ෂක නිලධාරියෙක් බීමත් ව සිහිසුන්ව සිටිය දී හෝටලයේ කාර්ය මණ්ඩලයට හසුව ඔවුන් ඒ ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive