facebook like

දුලාංජලී ප්‍රේමදාසට ලක්‍ෂ 20ක හොර නෝට්ටු දුන් ඇඟලුම් කම්හලේ හිමිකරු මාට්ටු

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ දියණියක වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගේ අතට රුපියල් විසි ලක්ෂයක ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු තොගය පැමිණි අන්දම පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් අනාවරණය කරගෙන තිබේ. මෙම හොර නෝට්ටු ජාවාරමට දුලාංජලී ප්‍රේමදාස මහත්මියගේසම්බන්ධයක් තිබෙන බවට තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ
මහතා අද (26) උදේ පවසා ඇත.
දුලාංජලී ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්‍ෂ විස්සක හොර නෝට්ටු තොගය ලබා දී ඇත්තේ ඇඟලුම් කම්හල් හිමිකරුවකු විසින්ය. මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා දුලාංජලී ප්‍රේමදාස මහත්මියගේ පාර්ශවය විසින් මුදලක් ආයෝජනය කර තිබේ.
එසේ ආයෝජනය කරන ලද මුදලට අදාළ ලාභය වශයෙන් රුපියල් ලක්‍ෂ විස්සක මුදලක් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් මෙම පුද්ගලයා දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ලබා දී තිබේ. මුළු නෝට්ටු තොගයම හොර සල්ලි බව අනාවරණය වී ඇත්තේ ඒවා බැංකුගත කරන්නට කුරුඳුවත්තේ පිහිටි H.S.B.C බැංකු ශාඛාවට ගිය විටදීය. ඇඟලුම් කම්හල් හිමිකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මොහු හොර නෝට්ටු මුද්‍රණය කරන්නෙකු බව අනාවරණය වී තිබේ.
නිවසේ තිබී රුපියල් පන්දහසේ තවත් හොර නෝට්ටු ‍රුපියල් විසි එක් ලක්‍ෂයක්, ප්‍රින්ටරයක්, නෝට්ටු මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි ඇතුළු ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
හොර නෝට්ටු ‍මුද්‍රණය කොතෙක් කලක් සිදුකර තිබේද? කො‍පමණ හොර නෝට්ටු ප්‍රමාණයක් මාරු කර තිබේද? යන කාරණා ඇතුළු මෙම ජාවාරම පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකරුගෙන් දිගටම ප්‍රශ්න කර ගෙන යනු ලැබේ. සොයා ගන්නා ලද මුද්‍රණය නිමා කළ හා මුද්‍රණය වෙමින් තිබූ මුළු හොර නෝට්ටු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 43ක් පමණ වේ.
දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් කට උත්තර සටහන් කර ගැනීමෙන් පසු ඇය මුදා හැර තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive