facebook like

'පල බූරුවෝ යන්න' කියා මහෙස්ත්‍රාත්ට බැන්න රථවාහන සැරයන් රිමාන්ඩ්

'තමුසෙ කවුරු වුණත් කමක් නැහැ පල බූරුවෝ යන්න' යනුවෙන් බැන වැදී මහරගම ප්‍රදේශයේ සිය නිල රථයෙන් යමින් සිටි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අපහාස කළ බව කියන මහරගම පොලිස් රථවාහන අංශයේ සැරයන්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.

මහරගම පොලිසිය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වෙත ඒ බව කියා සිටියේ සැකකාර සැරයන්වරයා ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කරමිනි. මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහරගම පොලිස්
ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැරයන් චානක (27832) නමැත්තා එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර ඔහු අප්‍රේල් මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරිණි.

පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයාගේ නිල රථය එහි රියැදුරු කොස්තාපල්වරයා විසින් මහරගම පමුණුව පාර දෙසට හැරවීමේදී එහි රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ඉහතකී ආකාරයට මහෙස්ත්‍රාත්වරයාට බැන වැදී ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරිණි.

1 comment: Leave Your Comments

  1. kohoma unath aluthin evlla inna pc kattoi sajanlatai una wedi okun ohomawath padam egena ganii apiwa elluwothh nee unta wejabenna puluwan den kala balapallakoo hirabath

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive