හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ආණ්‌ඩුවට එරෙහිව නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇය වෙත ලිපියක් යවමින් දන්වා ඇත.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පිටු හතරකින් යුත් සවිස්‌තරාත්මක ලිපියක් මගින් ඒ බව දැනුම්දී ඇත.
ආණ්‌ඩුවේ ඔත්තු සේවා ඇය පිළිබඳව දිගින් දිගටම සිදු කරන ඔත්තු බැලීම් හා තොරතුරු රැස් කිරීම් හේතුවෙන් ඇයගේ පෞද්ගලිකත්වයට බාධාවක් මෙන්ම ආරක්‍ෂාවට තර්ජනයක් බව දක්‌වමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපති වෙත ලිපියකින් දැනුම්දී තිබිණි. ඇය සඳහන් කරන ආකාරයට රජයේ බුද්ධි අංශ ඇය පිළිබඳව ඔත්තු බැලීමක් හෝ තොරතුරු රැස් කිරීමක් හෝ නොකළ බවත් එම චෝදනා පදනම් විරහිත බවත් දන්වමින් ජනාධිපති ලේකම්වරයා පිළිතුරු ලිපියක් යවා ඇත.
හිටපු ජනාධිපතිනියගේ ලිපියේ සඳහන් පරිදි ඇයට සිදුවන හිරිහැර පිළිබඳව පොලිස්‌පතිට දැනුම්දීමක් කර ඇතත්, ඒ පිළිබඳව ජනාධිපතිට දැනුම්දීමක් කර නොතිබූ බව ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 'දිවයින' ටපවසා ඇත
තමා යන එන තැන් හමුවන පුද්ගලයන් පිළිබඳව දිගින් දිගටම සිදු කෙරෙන මෙම ඔත්තු බැලීම් තමාට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට සැලසුම් සකස් කිරීමක් බවට සැකයක් මතුවන බවත් ඇය තම ලිපියේ සඳහන් කර තිබේ. එසේම ජනාධිපති කාර්යාලයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජයේ රහස් තොරතුරු සේවා තමාගේ දුරකථන ඇමතුම් හා විද්යුත් තැපැල් පණිවුඩ පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන බවටත් කොළඹ, හොරගොල්ල පිහිටි තම නිවෙස් පිළිබඳව සෝදිසියෙන් සිටින බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලිපියේ සඳහන් කර ඇත.
මේ තත්ත්වය අනුව තමා සම්බන්ධයෙන් නීතිවිරෝධී ලෙස ඔත්තු බැලීම නවත්වන ලෙස ද අදාළ අංශවලට උපදෙස් දීමට වහාම පියවර ගන්නා ලෙසද හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයා හමුවීමට දිනයක් වේලාවක් ඉල්ලා සිටියේ ඇයට හමුවීමට නොව දකුණු ආසියා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නියෝජිත පිරිසකට හමුවීමට යෑයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේ සම්බන්ධව "දිවයින" කළ විමසුමකදී පැවසීය.





0 comments:
Post a Comment