බලංගොඩ, කිරිඳිගල, වැලිහරනාව ප්‍රදේශයේ මැණික් ඉල්ලමක් මතුවීමත් සමග ඊයේ පස්‍වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
එම මැණික් ඉල්ලම මතුවී ඇත්තේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ඉදිකරන අතරතුරදී ය.
මැණික් ඉල්ලමක් මතුවීමත් සමග එහි පස් ප්‍රදේශවාසින් රැගෙනයාමට පියවර ගෙන තිබේ.
අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පැමිණ පස් ගෙනයාමට පැමිණි වාහනවල යතුරු
ඔවුන්ගේ භාරයට ගෙන මැණික් ගැරීමට පැමිණි පිරිස ද එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
එම ස්ථානයේ රැඳී සිටි රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයාට පිටත්ව යෑමට නොහැකි වුණේ කිරිදිගල වැලිහරනාව පාර අවහිර වීම හේතුවෙනි.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය, මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් ඉවත් කර බලංගොඩ, කිරිඳිගල, වැලිහරනාව ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

0 comments:
Post a Comment