facebook like

රනිල් සහ සජිත් සමගි කරවීම නිසා තමන්ට කෙනෙහිලිකම් සිදු වු නිසයි ඉවත් වුණේ

නායකත්ව මණ්ඩලයේ දී එල්ල වු කෙනෙහෙලිකම් එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතුව බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. පක්‍ෂයේ සමගිය වෙනුවෙන් තමන් ගනු ලැබු උත්සහයට ඇතැම් නායකත්ව මණ්ඩල සාමාජිකයින්ගෙන් විවේචන එල්ල වු බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් තමන් ඉල්ලා අස්වන බව තිස්ස අත්තනායක මහතා ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් වෙත අද ලිපි මගින් දැනුම් දෙනු ලැබුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වු තිස්ස අත්තනායක මහතා.


එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවීම අපි සියලූ දෙනාගේම යුතුකමක්. මෙම ජයග‍්‍රහණය ඇති කිරීමට නම් පළමු කාර්ය තමයි පක්ෂයේ නායකයින් සියලූම දෙනා එකම මතයක සිටීම සහ ජයග‍්‍රහණය සඳහා අපේ සමගි සම්පන්න බව ප‍්‍රදර්ශනය කිරීම. නායකත්ව මණ්ඩලය තුළ මට මේ සඳහා දැඩි ප‍්‍රයත්නයක් දැරීමට සිදු වුණා. යම් යම් අවස්ථාවල නායකත්ව මණ්ඩලය තුළදී මම දුටුවා මෙම කි‍්‍රයාමාර්ගයට බාධා සිදුවන සිදුවීම් සහ විවිධ විවේචන ඇඟිලි දික්කිරීම් ආදිය සිදු වුණා. මම කල්පනා කළා පුද්ගලික අදහසක් අනුවම මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට නොහැකි නම් තවදුරටත් එම සාමාජිකත්වයේ සිටීම ඵලරහිතයි කියලා. එම නිසා තමයි මම නායකත්ව මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වුණේ. නමුත් තවදුරටත් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් පාක්ෂිකයන්ගේ අරමුණු ඉටු කිරීම සඳහා කැපවීමට බලාපොරොත්තු වනවා.


රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා සමගි කරවීමට තමන් ගනුලැබු ක‍්‍රියාමාර්ග ඇතැම් නායකත්ව මණ්ඩල සාමාජිකයින්ගෙන් තමන්ට කෙනෙහෙලිකම් සිදුවීමට ආසන්නතම හේතුව බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

පක්ෂයේ අභ්‍යන්තරයේ කටයුතු ගැන මම විවෘතව කතා කරන්න අකමැතියි. නමුත් එකක් සැප්තැම්බර් 6 වැනිදා අපේ පක්ෂයේ සංවත්සරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගි කරවා ගැනීමත්, එසේම ජනතාවගේ අපේක්ෂා කරන පරිදිත් ජාතික නායකතුමා සහ සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු අපේ පක්ෂයේ නායකයින්  එකම වේදිකාවකට ගෙන ඒම සඳහාත් මම විශාල වැඩකොටසක් කළ බව ඇත්ත. මේ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ඒ මත කෙසේ වුවත් අපේ ජයග‍්‍රහණය සඳහා අපි යායුතුයි කියන අදහසයි මගේ තියෙන්නේ. ඒවාට බාධා එල්ල වී තිබුණා. නොයෙක් නොයෙක් අදහස් හුවමාරු වී තිබුණා. තනතුරු පිළිබඳ ගැටලු තිබුණා. මේවා අපි දැන් සාකච්ඡුා කරමින් තිබෙනවා. කෙසේ නමුත් මම මේ වෙලාවේදී සියල්ල විවෘතව අදහස් ප‍්‍රකාශ කරන්න අදහස් කරන්නේ නැහැ. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive