facebook like

මම පාටි දානවා..හොඳට විනෝද වෙනවා..හැබැයි මස් මාළු කන්නේ නෑ..වයින් උගුරක්වත් බොන්නේ නෑ.. භාවනාත් කරනවා..

කෙටි කාලයක් ඇතුළත රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නඟින්නට නදීෂා හේමමාලි වාසනාවන්ත වුණා. ඒ වගේම කවුරුත් නොසිතුව විදියට දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නටත් අෑ තීරණය කළා. ‘නදීෂා දේශපාලනයට ගියේ ඇයි? විපක්ෂය තෝරා ගත්තේ ඇයි? කවුද නදීෂා පිටිපස්සේ ඉන්නේ? මොකක්ද අරමුණ?’ මේ නදීෂාගේ ඒ තීරණයන් එක්ක ඇගේ රසිකයන්ට ඇතිවුණ ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවාට වඩා දේශපාලනයට එක්වුණු නදීෂට කලාව අමතක වෙලාද කියලා අහන්න අපිට හිතුණා. ඒ නිසා කාලෙකින් පුවත්පත් මාධ්‍යයට ළං නොවුණු නදීෂාගේ හදගැස්මට ඉඩ දෙන්න අපිට හිතුණා.

නදීෂා හේමමාලි කියන රංගන ශිල්පිනියට මොකද වුණේ?
හිටියා වගේම කිසිම වෙනසක් නැතිව ඉන්නවා.

ඒත් ඉන්නවා කියලා පේන්න නෑනේ?
කලාව කියන්නේ මගේ ‘හදගැස්ම.’ ඒත් තෝරා බේරා ගත් නිර්මාණයක් ඇරෙන්න ලැබෙන හැම නිර්මාණයක්ම මම භාර ගන්නේ නෑ. වැඩිම වුණොත් අවුරුද්දකට නිර්මාණ දෙකයි කරන්නේ.

ළඟකදි නිර්මාණයකින් දකින්න නොලැබෙයිද?
ඇන්ජලා කුරුප්පු මගේ හොඳම යෙහෙළියක්. ඇය නිෂ්පාදනය කරපු විශ්ව සංක්‍රාන්තිය ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වෙයි. ඒ නාට්‍යයෙන් මගේ රසිකයන්ට මම ආයෙමත් සමීප වෙයි. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකටත් ඉදිරියේදී සම්බන්ධ වෙනවා.

‘ඇත්කඳ ලිහිණියා’ වගේ හොඳ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු දීලා නිශ්ශබ්දව ඉන්නෙ ඇයි?
හොඳයි ටිකයි කියනවානේ… අද ටෙලි නාට්‍ය කලාව අර්බුදකාරී තත්ත්වයක තියෙන්නේ. නිෂ්පාදකවරුන්ට මේ තත්ත්වය සුබ නෑ. අනෙක් එක මම කරන්නෙත් ඉදිරියට කරන්න කැමැතිත් ටිකක් දැවැන්ත නිර්මාණ. ඒ නිසා දැන් තියෙන තත්ත්වය ඒකට කොහෙත්ම සුදුසු නැහැ.

ඒ කියන්නේ නදීෂා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ඉන්නේ ආණ්ඩුව පෙරළුණාට පස්සෙද?
නෑ… නෑ… කලාකාරිනියක් විදියට නිර්මාණවලදී මට පාට පක්ෂ නෑ… මම කිව්වෙ ටෙලි නාට්‍ය නිෂ්පාදන කලාවේ තත්ත්වය ගැන. අපි ප්‍රේක්ෂකයාට දෙන දේ අර්ථයක්, රසවින්දනයක් ඇතිව දෙන්න ඕනෑ. ඒ වගේම නිෂ්පාදනය කියන්නේ ව්‍යාපාරයක් නිසා ලාභයක් ලබන්නත් ඕනෑනේ.

ඉස්සර හිටපු නදීෂා දැන් වෙනස් වෙලාලු… අහංකාර වෙලාලු, ඇත්තටම නදීෂා වෙනස් වෙලාද? මොකක්ද ඒ වෙනසට හේතුව…?
එදා වගේම අදත් මම පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි යුක්තිය, සාධාරණය වෙනුවෙන් කතා කරන කෙනෙක්. මම කෙළින් වැඩ කරනවා. කියන්න තියෙන දේ මූණටම කියනවා. සමහරවිට මගේ ඒ චර්යා, ගති නුරුස්සන අය එහෙම කියනවාද මංදා… හැබැයි කවුරු චෝදනා කළත් මම මගේ වෙනසක් දකින්නෙ නෑ… ඉස්සර හිටපු නදීෂාමයි මම. ඉස්සර වගේම සුහදශීලීයි.

දේශපාලනයට ගිහින් නදීෂාට කලාව අමතක වෙයිද කියලා හිතෙනවා…
එහෙම වෙන්නේ නෑ… කලාව වගේම දේශපාලනයත් මට ව්‍යාපාරයක් නෙවෙයි. දේශපාලනය ව්‍යාපාරයක් කර ගත්තොත් නම් ඔයා කියන දේ වෙයි. ඒත් මට එහෙම කර ගන්න වුවමනාවක් නැති නිසා කලාව අමතක වෙන්නෙ නෑ…

රංගන ශිල්පිනියක් විදියට කාර්යබහුල වෙද්දි මහජනතාව වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද?
රංගනයට ආපු මුල් කාලේ නම් ජනප්‍රිය වෙන්න ඕනෑ නිසා නිතරම රූපවාහිනියේ පේන්න ඉන්න ඕනෑ… මගේ වාසනාවට පොඩි කාලයක් ඇතුළත මම ජනප්‍රිය වුණා. ලබා ගත්ත ජනප්‍රියත්වයත් විනාශ වෙන්නෙ නෑ. ඒ නිසා දැන් නිතර රූපවාහිනියේ නොසිටියා කියලා ප්‍රේක්ෂකයන්ට අපිව අමතක වෙන්නෙ නෑ… ඒ නිසා දේශපාලන කටයුතුවලට මට වෙලාව තියෙනවා. ජනතාවට අවංක සේවයක් කරන්නයි මට ඕනෑ…

ජනතාවට සේවය කරන්න විපක්ෂයේ ඉඳලා බෑනේ… පාට පක්ෂ මාරු කළා නම් නදීෂාටත් හොඳ තැනක් ලැබෙයි…?
මම මුලිනුත් කිව්වනේ මම මගේ ප්‍රතිපත්ති මුදලට විකුණන්නේ නෑ… විකිණෙන්නෙත් නෑ… මම ඉන්න තැන ඉඳගෙන මට කරන්න පුළුවන් දේ කරනවා.

නදීෂා හිටපු විදියත් එක්ක විපක්ෂයට එකතුවීම පුදුමයක්…?
ඒකනේ මම කියන්නේ ඔයාලා කවුරුත් මාව හරියට තේරුම් අරගෙන නෑ… පිටින් පේන නදීෂාට වඩා ඇතුළතින් ඉන්න මම හරි වෙනස්. බැලූ බැල්මට පේන්නේ නදීෂා කියන්නේ කාලා, බීලා විනෝදෙන් ඉන්න ජීවිතේ බරක් පතලක් නැති කෙනෙක් කියලා… මම විනෝදා වෙනවා… ඇත්ත… මම පාර්ටිවලට යනවා. පාටි දානවා… ඒකත් ඇත්ත. ඔයා දන්නවද මම නිර්මාංස කෙනෙක්. වයින් එකක්වත් නොබොන කෙනෙක්… භාවනා කරන, ආගමානුකූලව වත් – පිළිවෙත් කරන කෙනෙක්. හැබැයි මම වෘත්තීය නිළියක්. ඒ නිසා මම නිළියක් විදියට මේන්ටේන් වෙන්න ඕනෑ… මම අඳින පලඳින විදිය වෙනස් වෙන්නෙ ඒක නිසා… මාව බාහිරින් දැකලයි හුඟක් අය වැරැදි විදියට මාව රීඩ් කරන්නේ. ඒ වගේම ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්කෝ… මගේ ප්‍රතිපත්තිවලට හොඳටම ගැළපෙන්නේ විපක්ෂය. ඒ නිසයි මම දේශපාලනයට විපක්ෂය තෝරා ගත්තේ.

දේශපාලනයට එන්න වගේම තෝරා ගත්ත පක්ෂය ගැන එදා ගත්ත තීරණේ අද හරි කියලා හිතනවාද?
හරියට හරි.

කලාවෙන් දේශපාලනයට ආපු හුඟ දෙනෙක් කලාවට සේවයක් කරලා නෑ… නදීෂාට ඒ අඩුව පුරවන්න පුළුවන් වෙයිද?
මම සේවය කරන්නේ සමාජයට. කලාව කියන්නේ එක අංශයක් විතරයි. විෂයක් විදියට කලාව බාර දුන්නොත් කරන්න පුළුවන් දේ නොකර ඉන්නෙ නෑ…

දේශපාලනය ගැන හැදෑරීමක් ඇතුවද දේශපාලනයට ආවේ…? නැත්නම් රැල්ලටද?
හැදෑරීමක් ඇතිව. මම දේශපාලන විද්‍යාව විෂයක් විදියට ඉගෙන ගෙන තියෙනවා… ඊට අමතරව මට ඒ ගැන අවබෝධය තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම ඕනෑ වුණේ සමාජ සේවය කරන්න. ඒ නිසයි දේශපාලනයට එන්න හිතුවේ…

කලාවට දේශපාලනයට හිර වුණ නදීෂාට පෞද්ගලික ජීවිතයකට වෙලාව තියෙනවාද?
මං ඒ ගැන හිතන්නෙ නෑ…

ඔයාගේ සමකාලීනයෝ, ඔයාටත් පස්සේ කලාවට එක් වුණු අයට මංගල සීනු හැඬවිලා… නදීෂා පිළිවෙළක් වෙන්නේ කවදාද?
හරි කෙනා ලැබුණු දවසට…

තවම හරි කෙනා ලැබිලා නැද්ද?
හම්බවෙලා තියෙනවා… ඒත් ඒ හරිම කෙනාද කියලා කියන්න බෑ… අනාගතය ගැන තීන්දු තීරණ ගන්න දැන්මම හදිස්සි වෙන්න ඕනෑ නෑනේ…

කොහොම වුණත් නදීෂා දැන් පෙම්වතියක්නේ..?
අනිවාර්යයෙන්ම ඔව්…

හිමේෂා සවන්තී රාජපක්ෂ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive