උෟව වෙල්ලස්ස කියන්නේ අභිමානවත් මිනිසුන් හිටිය ප්‍රදේශයකි. සුද්දන්ට එරෙහිව කැරැලි ගහපු මිනිසුන් හිටිය ප්‍රදේශයකි. උෟව වෙල්ලස්සේ මිනිසුන්ට සුද්දන් කොච්චර බය වුණාද කියනවා නම් උෟව වෙල්ලස්සේ ජීවත් වූ වයස අවුරුදු 18ට වැඩි සියලුම පිරිමින් මරන්න කියලා ඉංග්‍රීසි ආණ්ඩුව ඉංග්‍රීසි හමුදාවට නියෝග කළේය. උෟව වෙල්ලස්සේ සියලුම කුඹුරු ගිනි තියන ලෙසත්, හරකා බාන විනාශ කරන ලෙසත් ඉංගී්‍රසි ආණ්ඩුව ඉංග්‍රීසි හමුදාවට නියෝග කළේය. සුද්දන් ඒ විදියට උෟව වෙල්ලස්සේ ජනතාවට කරදර හිරිහැර කළේ උෟව වෙල්ලස්සේ ජනතාව හැම වෙලාවේම සුද්දන්ට එරෙහිව එඩිතරව නැඟී හිටිය නිසාය. අන්න ඒ වාගේ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන උෟව වෙල්ලස්සට අද අයිති වෙන්නේ බදුල්ල හා මොනරාගල කියන දිස්ත්‍රික්ක දෙකය.
මීට සියවසකට විතර කලින් උෟව වෙල්ලස්ස අධිරාජ්‍ය විරෝධීන්ගේ රජදහනක් වුණා වාගේ මීට දශකයකට දශක දෙකකට විතර කලින් උෟව වෙල්ලස්ස එක්සත් ජාතික පක්‍ෂයේ රජදහනක් විය. බදුල්ල කිව්වාම කාගේත් මතකයට නැඟුණේ සමරවීරලාය. උෟවේ මහ ඇමැති වෙලා හිටිය බදුල්ලේ පර්සි සමරවීර කියන්නේ යූ.ඇන්.පී. එකේ පතාක යෝධයෙකි. මොනරාගල නායකයා වෙලා හිටිය ධර්මදාස බණ්ඩා කියන්නේ යූ.ඇන්.පී. එක ගොඩගන්න බොක්කෙන්ම වැඩ කළ සද්දන්ත කුලයේ ඇතෙකි. පර්සි සමරවීරලා නියෝජනය කරමින් උපාලි සමරවීරලා හා රවීන්ද්‍ර සමරවීරලා අදටත් බදුල්ලේ දේශපාලනය කරන්නේ ඒ නිසාය. ධර්මදාස බණ්ඩලා නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාරලා අදටත් මොනරාගල දේශපාලනය කරන්නේ ඒ නිසාය.
සී.පී.ජේ. සෙනෙවිරත්නලා, වි.ජ.මු. ලොකු බණ්ඩාරලා බදුල්ලේ යූ.ඇන්.පී. පවුරු පදනම් ශක්තිමත් කළේ ජනතාවත් එක්ක දේශපාලනය කරලාය. යූ.ඇන්.පී. එකට බදුල්ලේ කොච්චර ලොකු තැනක් තිබ්බාද කියලා කියනවා නම් 94 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා මුළු රටම ජය ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය මහියංගණය ආසනය විතරක් ජය ගත්තේය. ඒ කාලයේ මහියංගණයේ ලක්‍ෂ්මන් සෙනෙවිරත්නට කිව්වේ බදුල්ලේ තනි අලියා කියලාය. මැද කොළඹිනුත් යූ.ඇන්.පී. එක පරදිද්දී යූ.ඇන්.පී. එක මහියංගණය දින්නේ බදුල්ලේ ජනතාව යූ.ඇන්.පී. එකට දැක්වූ ආදරය නිසාය.
එහෙව් යූ.ඇන්.පී. එකට අද බදුල්ලේදී මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරිය. මොනරාගලදී මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරිය.
උෟවේ ඉපදුණු උෟවේ හැදී වැඩුණු රංජිත් මද්දුමබණ්ඩාරට ඡන්දය දෙන්න එපා කියලා රනිල් මොනරාගලටම ඇවිත් කියපු ඉතිහාසයක් එක්සත් ජාතික පක්‍ෂයට තිබේ. රනිල් එහෙම කියද්දී රනිල්ගේ ඒ ඉල්ලීම තඹ සතයකට ගණන් නොගෙන රංජිත්ව පාර්ලිමේන්තු යැවූ ඉතිහාසයක් මොනරාගල එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට තිබේ.
උෟවේ ඉපදුණු නායකයන් ඕනෑ තරම් ඉද්දී බදුල්ලේ ඉපදුණු නායකයන් ඕනෑ තරම් ඉද්දී පැරෂුට්වලින් බදුල්ලට ඇවිත් මුළු බදුල්ලටම නින්දා කරන මන්ත්‍රිවරුන් සිටින වර්තමානයක් අද එක්සත් ජාතික පක්‍ෂයට උදාවී තිබේ.
මේ විදියට බදුල්ලට උඩින් කඩා පාත්වුණු දේශපාලකයා වෙන කවුරුවත් නොව හරින් ප්‍රනාන්දුය. හරින් ප්‍රනාන්දු කියන්නේ බදුල්ලේ කීර්තිමත් දේශපාලනඥයකු වූ වින්සන්ට් ඩයස්ගේ බෑනාය. ඒ කියන්නේ වින්සන්ට් ඩයස්ගේ දුවව කසාද බැඳලා වත්තල ඉඳන් බදුල්ලට ඇවිත් බදුල්ලේ බින්න බැස්ස හාදයාය.
අද හරින් ප්‍රනාන්දු තමන් කොහුකුඹුරේ රටේ රාලලාගේ පරපුරේ උෟව වෙල්ලස්සේ වීර සිංහලයකු කියලා පෙන්නන්න හැදුවාට හරින් කියන්නේ උෟව වෙල්ලස්සට මෙලෝ සම්බන්ධයක් නැති කෙනෙකි. හරින් ප්‍රනාන්දු කියන්නේ වත්තල බොනිපස් ප්‍රනාන්දුගේ මුනුබුරාය.
බොනිපස් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා අප නොකිව්වාට වත්තල ජනතාව නම් ඔහු ගැන හොඳට දනිති. බොනිපස් සල්ලි හෙව්වේ කොහොමද කියලා වත්තල පැත්තේ වැඩිහිටියකුගෙන් ඇහුවොත් සුද්ද සිංහලෙන්ම දැනගන්න පුළුවන්ය. හරින් ප්‍රනාන්දු කියන්නේ එහෙව් බොනිපස් ප්‍රනාන්දුගේ මුනුබුරාය. හරින් ප්‍රනාන්දුගේ පරම්පරාවම කතෝලිකය. හැබැයි අද හරින් පෙනී ඉන්නේ ඔරිජිනල් බෞද්ධයකු වාගේය. බදුල්ලෙන් ඡන්දය ඉල්ලන්න හරින් බොරුවට ආගම මාරු කළා කියන චෝදනාවට හරින් අද දක්වාම හරි උත්තරයක් දීලා නැත.
වත්තල ඉඳන් බදුල්ලට පැරෂුට් එකෙන් පාත්වුණු මේ හරින් ප්‍රනාන්දුගේ කෙරුවාව නිසා අද බදුල්ලේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට යන එන මං නැති වෙලා තිබේ. පාක්‍ෂිකයන් අතර සමඟිය නැතිවෙලා තිබේ. එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ හරින් ගහන ගේම් නිසා අසරණ වී ඉන්නේ බදුල්ලේ යූ.ඇන්.පී. පාක්‍ෂිකයන්ය.
හරින්ට ඕනෑවෙලා තියෙන්නේ පක්‍ෂය ඇතුළේ තද පොරක් වෙන්නය. ඒකට තමන්ට අභියෝගයක් වෙන අයට හීන් නූලෙන් වැඩේ දෙන්න හරින් හරි දක්‍ෂය. ඒ සඳහා ඕනෑම දෙයක් කරන්න හරින් ලෑස්තිය.
කාලයක් හරින්ට ඕනෑ වෙලා තිබුණේ දයාසිරිගේ තැන ගන්නය. දයාසිරි එක්සත් ජාතික පක්‍ෂයේ ජනප්‍රිය තරුණ නායකයකු වෙලා ඉන්න හැටි දැක්ක හරින් දයාසිරිට ඉරිසියා කළේය. හැබැයි හරින් දයාසිරිට ඉරිසියා කළේ දයාසිරිගේ හොඳම යාළුවා වාගේ පෙනී ඉඳිමින්ය. එහෙම ඉඳිමින් රනිල් එක්ක එකතු වෙලා දයාසිරිව යූ.ඇන්.පී. එකෙන් එළවන්න ප්ලෑන් ගැහුවේය. හරින් හිතුවේ දයාසිරි ආණ්ඩුවට ගියොත් තමන්ට යූ.ඇන්.පී. එක ඇතුළේ ලොකු තැනක් හැදෙයි කියලාය. දයාසිරි ළඟට වෙලා ඉඳන් දයාසිරිට වළ කැපූ හරින් සජිත් ළඟට වෙලා ඉඳලා සජිත්ටත් වළ කැපුවේය. එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රතිසංවිධාන යෝජනා ඉදිරිපත් කළ විට ඒවාට පක්‍ෂව සජිත් එක්ක හිටිය හරින් අන්තිමේදී සජිත්වත් පාවාදී රනිල් ළඟට ගියේය.
ඔන්න ඔය විදියට දෙබිඩි චරිතයක් අනුගමනය කළ හරින් හැම තැනකදීම හැසිරුණේ ලොකු චණ්ඩියකු වාගේය. තමන් කාටවත් බය නැහැ සහ තමන් ජව සම්පන්න තරුණයකු කියලා ලෝකයට පෙන්නන්න හරින්ට ලොකු වුවමනාවක් තිබුණේය. පාර්ලිමේන්තුව ඇතුළේදී හරින් චණ්ඩි පාට් දැමුවේය. එක පාරක් හරින් පාර්ලිමේන්තුව ඇතුළේදී සුජීව සේනසිංහ මන්ත්‍රිවරයාට ගහන්න ගියේය. ඒ රනිල්ගෙන් ලකුණු දාගන්නය. හැබැයි සුජීව හරින්ව මගහැර ගියේය. මේ වාගේ චණ්ඩි පාට්වලට අමතරව මඩ කොන්ත්‍රාත්ද හරින් බාර ගත්තේය. රනිල්ගේ හතුරන්ගේ චරිත ඝාතනය කර ඔවුන්ගේ දේශපාලන ජීවිත විනාශ කිරීමේ කොන්ත්‍රාත් කිහිපයක්ම හරින් පාර්ලිමේන්තුව ඇතුළේදී වාගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ඉටු කළේය.
චණ්ඩි පාට් දාන්න වාගේම පොර ටෝක් දෙන්නත් හරින් දක්‍ෂයෙක් විය. ඒ නිසා පහුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ තිබුණු කාලයේදී හරින් කිව්වේ ඊළඟ උෟව පළාත් සභා මැතිවරණයේදී තමන් මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවය. එහෙම කියලා රට පුරාම මහ ලොකු සද්දයක් දැම්මේය. හැබැයි නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකක් ඕනෑ කිව්වා වාගේ උෟව විසුරුවන්න ළං වෙනකොට හරින් කොන්දේසි දාන්න පටන් ගත්තේය. මහ ඇමැතිකමට තරග කරන්න වෙන එකෙන් ගැලවිලා යන්න බැලුවේය.
රනිල් හා සජිත් එකම වේදිකාවට එනවා නම් පමණයි තමන් මහ ඇමැතිකමට ඉල්ලන්නේ යැයි හරින් මුලින්ම කිව්වේය. කොහොම හරි අන්තිමට මොනරාගලදී රනිල් හා සජිත් එකම වේදිකාවට ආවෝය. ඒ නිසා හරින්ගේ ඒ තුරුම්පුව වැරැදී ගියේය. ඊට පස්සේ හරින් කිව්වේ තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙලා මහ ඇමැතිකමට තරග කරනවා නම් තමන්ගෙන් හිස්වන මන්ත්‍රිධුරය තමන් කැමැති කෙනකුට දෙන්න ඕනෑ කියලාය. ඒ වාගේම ඉදිරි මහ මැතිවරණයකදී තමන්ට බදුල්ලෙන් තරග කරන්න බැරි බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල වැනි කතෝලික ආසනයකින් තරග කරන්න ඕනෑ බවත් හරින් කිව්වේය. මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් තිබ්බොත් තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න ඕනෑ කියලාත් හරින් කොන්දේසි දැම්මේය. එහෙම කොන්දේසි දාන ගමන් හරින් නාමල් රාජපක්‍ෂ එක්කත් ලොකු යාළුකමක් ඇතිකර ගත්තේය. නාමල්ගේ යාළුවන් වන උදිත ලොකුබණ්ඩාරලා එක්කත් හරින් ලොකු සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය. හිරුණිකාව නයිට් ක්ලබ්වලදී හම්බවුණේය. යූ.ඇන්.පී. එක පැත්තේ එක කකුලක් තියාගෙන අනෙක් කකුල ආණ්ඩුව පැත්තේ තියාගන්න හරින් කටයුතු කළේ ඔන්න ඔය විදියටය.
හැබැයි මොන චණ්ඩි පාට් දැම්මත්, මොන කුමන්ත්‍රණ කළත්, මොන ගේම් ගැහුවත් හරින් අන්තිමේදී දෙරණ වාදපිටියේදී දයාසිරිගෙන් ගුටි කෑවේය. මෙච්චර ජවසම්පන්න තරුණ නායකයා තලතුනා දයාසිරිගෙන් ගුටි කෑවා කියන්නේ වස ලැජ්ජාවකි. හරින් මේ විදියට දෙරණ මැදිරියේදී දයාසිරිගෙන් ගුටි කාපු එකට හඳුන්නෙත්තිත්, අරුන්දික ප්‍රනාන්දුත් සාක්‍ෂිය.
උෟව කියන්නේ ගුටි කන මිනිසුන් ඉන්න පළාතක් නොවේ. උෟව කියන්නේ සුද්දන්ගේ සේනාංක පිටින් මරා දමා සුද්දන්ට මදියි නොකියන්න ගැහූ වීර සිංහලයන් හිටිය පළාතකි. එහෙව් පළාතක් නියෝජනය කරන හරින් වයඹ දයාසිරිගෙන් ගුටි කෑම හතරම විළිලැජ්ජාවකි. එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැත. මොකද හරින් කියන්නේ උෟවේ මිනිහෙක් නොවේ. හරින් කියන්නේ වත්තලින් උෟවට ගොඩබැහැපු සංචාරක පක්‍ෂියෙකි. මේ සංචාරක පක්‍ෂීන් වැඩි කලක් එක තැන ඉන්නේ නැත. වසන්තය ඉවර වුණාම ඔවුහු ආපහු තමන්ගේ රටවලට යති. අන්න ඒ වාගේ දැන් හරින්ගේ බදුලු වසන්තය අවසන් වී ඇත. හරින් දැන් දත කට මැදගෙන ඉන්නේ ආපහු තමන්ගේ උපන් බිම වූ වත්තලට යන්නය.
mawbima -

0 comments:
Post a Comment