facebook like

කොතලාවල පාසලේ ගුරුවරුන් මාරු කරනවා දයාසිරි ජයසේකර කියයි

කුරුණෑගල සර්.ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පතිට පක්ෂ හා විපක්ෂ ගුරුවරුන් දෙපිරිසම වෙනත් පාසල්වලට මාරු කර යවා අළුතින් ගුරුවරුන් පත් කරන්නට පියවර ගන්නා බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හාරදහස් පන්සියයකට ආසන්න පිරිසකගේ අනාගතය වෙනුවෙන් තමන්ට මෙම පියවර ගන්නට සිදුවන බව මහ ඇමැතිවරයා
පෙන්වා දෙයි.
සත්කෝරළයේ නිදහස් මාධ්‍ය සංසදයේ “පන්හිඳක අසිරිය” බක්මහ උළෙල ඉරිදා (06) කටුපොත අඹ සෙවන සාද නිකේතනයේ පැවැති අවස්ථාවට ආරාධිතයකු වශයෙන් සහභාගී වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කළේය.
ජෝන් කොතලාවල විදුහලේ සිදුවූ ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේ දී ජනමාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක් පමණක් කඩා‍කප්පල්කාරී ලෙස ක්‍රියා කර තිබෙන බව මහ ඇමැතිවරයා කීවේය. ඒ නිසා පාසලේ විශාල ගැටළු මතු වූ බවත් එම තත්ත්වය එහි සමස්ත සිසුq දරුවන්ට බලපා තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඉකුත් 03 වැනිදා එම පාසලට ගිය අවස්ථාවේ ගුරුවරුන් දෙපිලකට බෙදී සිටිනු අයුරු තමන්ට දකින්නට ලැබුණ බව මහ ඇමැතිවරයා පැවසීය. මේ නිසා හිටපු විදුහල්පති අවශ්‍ය යැයි කියන ගුරුවරුන් හා විදුහල්පති එපා යැයි කියන ගුරුවරුන් දෙපිරිසම මාරු කර යවන්නට තමන්ට සිදුවන බව මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේ සිදුකරනු ලබන්නේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ අරමුණින් බවත් හෙතෙම කීවේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive