facebook like

අම්මා මා බිහිකලේ ඇමතිවරයෙක් වෙයන් කියා නෙමෙයි.. මර්වින් කැළණිය හැර යයි

තම මව විසින් තමන් බිහිකලේ ඇමතිවරයෙක් වෙයන් කියා නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කැලණිය වනවාසල දුම්රියපොළේ නව මඟී පාලම විවෘත කරමින් පැවති උත්සව සභාව අමතමිනි.

තමන් කැලණියේ වැඩටික අවසන් කළ පසු තවත් දුර්වල ආසනයක් සොයා පිටත්ව යන බවත් එදා සිට කැලණියේ නායකත්වය රෙහෙන්සිරි වරාගොඩ මහතා විසින් දරණු ඇති බවත්
එහිදී කී ඔහු මෙසේද කීය.

“මම බෙන්තර ගඟෙන් මෙහා පැත්තට ආවේ එහා පැත්තේ ඉඳලා. නැවත මට බෙන්තර ගඟෙන් එහා පැත්තට යන්නත් පුළුවන්. කැලණිය පසුකරල රජ රට පැත්තට යන්නත් පුළුවන්. උෟව සමබරගමුව පැත්තට යන්නත් පුළුවන්. කොතැන ගියත් ඒ ජනතාව මට ආදරය කරනවා.

එම නිසා කැලණියේ වැඩටික අවසන් කළායින් පසු තවත් දුර්වල ආසනයක් කොතැනද තියෙන්නේ කියල සොයා බලනවා. මම කැලණි පන්සල මුල්කරගෙන, මහා සංඝරත්නයේ අදහසුත් විමසලා මගේ කැලණියේ හිතවතුන්ගෙත් අදහස් විමසා ඒ අයගේත් අවසරය ලැබෙනවා නම් දුර්වල තැනක් ගොඩනඟන්න මම යනවා. එදාට කැලණියේ නායකත්වය රෙහෙන්සිරි වරාගොඩ මැතිතුමා ගනීවි. එවිට දෙදෙනාටම පාර්ලිමේන්තු යන්න ලැබේවි. මට කිසිම තැනක බලෙන් ඉන්න අවශ්‍යතාවක් නැහැ. මම මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්නේ සිංහල රජවරුන් නවාතැන් ගත් වනවාසල ගමේ සිටියි.

මගේ අම්මා මා මේ ලෝකයට බිහි කළේ පාර්ලිමේන්තු පලයන්, ඇමැතිවරයෙක් වෙයන් කියල නොවෙයි. සදාචාර සම්පන්න ගුණගරුක කොල්ලෙක් වෙයන් කියලා. ඒක මගේ හිතේ සැමදාම තියෙනවා. මගේ සිංහලකමයි බෞද්ධකමයි කුලියට අරන් ආපු එකක් නෙවෙයි. මම අනෙකුත් ජාතීන්ටත් අනෙකුත් ආගමිකයන්ටත් ගරු කරනවා. නමුත් අපේ ජාතියට අපේ ආගමට කවුරුහරි අවඩැක් කරනවා නම් ඒ සඳහා නැඟීසිටින්න මට තැනක් නොතැනක් නැහැ”

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive