facebook like

බූසි කොණ්ඩෙටයි ඇස් දෙකට කොල්ලො පිස්සු වැටිලා හිටියෙ

හැඩකාර දුවක් නිවෙසක ආලෝකයක්. ඒ හැඩකාර දෝණි රටේම ආදරය දිනා ගන්න තරම් වාසනාවන්තියක් වුණා. තිරයේ හැඩකාරිය කැලෙන්ඩර් පිටු අතර සටහන් වෙද්දී ඒ හැඩකාරියගේ රූපය දිහා බලාගෙන බොහෝ තරුණයෝ ඇයට ආදරය කළා. ඒ රුවැති තරුණිය රුවන්ති මංගලා, එදා වගේම තාමත් හැඩකාරයි.

ඔබේ ලස්සන මුලින්ම දැක්කේ?
මම හිතන්නේ මගේ අම්මයි, අක්කලා දෙන්නයි තමයි මගේ ලස්සන මුලින්ම දැක්කේ. මට මතකයි මගේ අම්මා මට කියනවා මගේ නමට ගැළපෙන
රූපයක් මට තියෙනවා කියලා.

ඒ ලස්සන නිසාම ගෙදරින් සීමා දාන්නත් ඇති?
සීමා දාලා නොතිබ්බේ නෑ. ගොඩාක්ම රඟපාන්න එනවට අම්මයි, තාත්තයි කැමැති වුණේම නෑ. තාත්තා කලාවට සම්බන්ධ නිසා තමයි රඟපාන්න එනවට ටිකක් හරි කැමැති වුණේ අම්මා නම් ඒත් කැමැති වුණේ නැහැ. හැබැයි අනෙක් දේවල්වලට නම් ලොකුවට පරිස්සම් කළේ නෑ. නිදහස දීලා තිබුණා.

යෙහෙළියෝ අතරේ ඔබට කැපී පෙනෙන රූපයක් තිබුණද?
සමහර විට තියෙන්න ඇති. ඒ කාලේ යාළුවෝ කියනවා ලස්සන නිසා නිළියක් වෙන්න කියලත්.
හැමෝම ලස්සන වර්ණනා කරන කොට ඔබට ඔබේ ලස්සන දැනිලා තිබුණද?
ඒ අය එහෙම කිව්වට මට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. එහෙම ලොකු හැඟීමකින් හිටියෙත් නෑ. කවුරු හරි මට ලස්සනයි කියලා කිව්වොත් මම හිනාවෙලා ඉන්නවා. නැත්නම් මට වඩා ලස්සන අය ඉන්නේ කියලා කියපු අවස්ථා තියෙනවා.

ඔබේ ලස්සන දැනෙන්න ගත්තේ කොයි කාලෙද?

මම ආදරය කරපු කාලය තමයි මගේ ලස්සනම කාලය කියලා මට හිතෙන්නේ.

ඔබේ ජීවිතය ලස්සන කරපු ආදරවන්තයා ඔබේ පෙම්වතා ඔබගේ ලස්සන දැක්කේ කොහොමද?
විශේෂයක් නෑ. ඒත් ඒ කාලේ මම ලස්සනයි කියලා එයා කියලා තියෙනවා.

ලස්සන නිසා නාමල් වැට කඩොලු දැම්මේ නැද්ද?
එයා නම් මාව හරියට පරිස්සම් කළා. එයාට තිබ්බ ආදරය නිසා මට ලැබුණ ගොඩක් අවස්ථා මට කැප කරන්නත් වුණා.

හැඩකාරකම නිසා ඔබට ලැබුණ වටිනාම දේ මොකක්ද?
නිළියක් වෙන්න ලැබීම තමයි මට ලැබුණ වටිනාම දේ. මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ විපුල සුමනසේකරගේ ඒකාංගික නාට්‍යයකින්. ඒ වාගේම `ලස්සනයි බලන්න' චිත්‍රපටයෙන් මම සිනමාවටත් එනවා. මේ හැම දෙයක් එක්කම මම ප්‍රධාන චරිත බොහොමයක රඟපාන්න අවස්ථාව ලැබුණා.

ඔබේ රූපය ඔබව රංගන ක්ෂේත්‍රයේ වාසනාවන්තියක් කළා කිව්වොත් හරිද?
ඔව්. එක පැත්තකින් හරි. මොකද රඟපාන්න එන්නත් මගේ රූපය එක්තරා විදියකින් බලපෑවා. දක්ෂකම වගේම මගේ රූපයත් මේ තරම් කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න බලපාන්න ඇති.

ඔබව නිරන්තරයෙන් වඩාත් ලස්සනට දුටුව නිර්මාණය මතකද?
බෙනට් රත්නායකයන්ගේ `ග්‍රහණය' ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම මාව ලස්සනට දැක්කේ. ඒ ප්‍රාසාංගික නාට්‍යයේ `ටි‍්‍රලීෂියා' චරිතයට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා.

ඔබේ ස්වාභාවික ලස්සන නිර්මාණවලින් වෙනස් කිරීමට කැමැති වුණාද?
මම ගොඩාක් කැමැති මගේ ස්වාභාවික ලස්සනට. සමහර නිර්මාණවලට නම් මේක්අප් දැම්මෙම නෑ. `ග්‍රහණය' නාට්‍යයේත් තිබ්බේ මගේ ස්වාභාවික ලස්සන. බෙනට් රත්නායක ඒ දවස්වල කියනවා මේක්අප් දාලා ලස්සන කෙල්ල කැත කරන්න එපා කියලත්. අනේ මන්දා කැමරාවට මාව ඉස්මතු වෙලා පේනවා. ඒ නිසා මට වඩා පාට අඩු කෙනෙක් ආවොත් එයාට තමයි ලයිට් වැඩිපුර ගහන්නෙත්. එතකොට මට ලයිට් එකක්වත් නෑ.

ඒ කාලේ ලස්සන රූපයක් තියාගන්න මොනවද විශේෂයෙන් කළේ?
ලස්සන වෙන්න කියලා එහෙම විශේෂ දෙයක් කළේ නෑ. අම්මා හදලා දෙන දෙයක් කෑවා. කොහොමත් මූණට ගාන එක එක ක්‍රීම්වර්ග නම් අම්මා මට ගන්න දුන්නෙ නෑ. අඩු ගාණේ මම ක්ෂේත්‍රයට එනකොට අයිබේ‍රා්ස් හදලා තිබ්බෙත් නෑ. පස්සේ කාලෙදි තමයි ඒවත් කළේ.

ඒ කාලේ කැලෙන්ඩර්වලත් ඔය හැඩකාර රුව රැඳුණා නේද?
ඔව්. 1997 කියන්නේ මම ගොඩාක් ජනප්‍රිය කාලයක්. ඒ අවුරුද්දෙදි විතරක් මම කැලෙන්ඩර් පහළොවකට විතර පෙනී හිටියා.

විලාසිතාවලට කොයි වගේ කැමැත්තක්ද තිබුණේ?
මම ඉස්සර වගේම දැනුත් විච්චූර්ණ වැඩවලට කැමැති නෑ. නිර්මාණවලදී නම් මාව එක එක විලාසිතාවලට හැඩ ගැස්සුවා. ඒත් මම චාම්ව ඉන්න කැමැති කෙනෙක්. මම එළියට යනකොටවත් මේක්අප් දාන්නෙ නෑ. කරාබු දෙකවත් දාන්නේ නැතිව ඉන්න අවස්ථා තියෙනවා. අනේ ඇත්තටම මම විකාර වැඩවලට කැමැති නෑ.

ඒ කාලේ රසිකයන්ගෙනුත් ඔය ලස්සන රූපෙට ප්‍රතිචාර ලැබෙන්න ඇති?
අම්මෝ ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. සමහරු විවාහ යෝජනා අරගෙන ගෙදරටම ආවා. ලියුම් මිටි ගණන් එව්වා. අද හැම ගෙදරකම නිළියක් හිටියට ඉස්සර නිළියක් වෙන්න අමාරුයි. හැබැයි ඒ අමාරුවෙන් ඇවිත් රැඳෙන අය රසිකයන්ට මතකයි. ඒ කාලේ මට හිටපු රසිකයෝ මගේ බූසි කොණ්ඩයට, ඇස් දෙකට ගොඩාක් ආදරය කළා.

ඒ තිබ්බ ලස්සන තරුණ කාලේ ගෙවිලා යනකොට මොකද හිතෙන්නේ?
දුකක් නම් නැහැ. මගේ සමකාලීන අය මාත් එක්කම එකට වයසට යනවානේ. දැන් මගේ දරුවොත් ලොකුයි. අපිට සොබා දහමෙන් ලැබෙන දේ පිළිගන්න වෙනවනේ.

ඒ කාලේ සැලකිලිමත් නොවුණට දැන් නම් රූපේ රැකගන්න මහන්සි වෙනවා ඇති?
ඔව් තරුණ කාලේ නිකන් හිටියට දැන් එහෙම බෑ. දැන් වයසත් එක්ක රංගනයේදී මේක්අප්වලට ලයිට්ස්වලට අපේ සම ඇදෙනවා. ඒ නිසා ක්‍රීම් වර්ගයකින් අපේ රූපය රැකගන්න ඕන. මම මාස හයකට වතාවක් ෆේෂල් එකක් කරනවා. ඒ වගේම ස්වාභාවික සත්කාර ගැනත් සැලකිලිමත් වෙනවා. කෑම බීමත් පාලනය වගේම ව්‍යායාමත් කරනවා.

දැනුත් ඔය රූපෙට අඩුවක් නැතිව රසික ප්‍රතිචාර ලැබෙනවද?
ඔව්. රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නෑ. ඒ වගේම ප්‍රවීණයන් තාම කියනවා මම ආපු කාලේ වගේමයි කිසි වෙනසක් නෑ. තාම ලස්සනයි කියලා.
 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive