ඉරානයේ මරණ දඬුවමට ලක්ව සිටි ඝාතකයෙකුට අවසන් මොහාතේ සමාව ලැබීමේ අපුරු පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තාකොට තිබෙනවා. බලාල් නම් වන එම පුද්ගලයා මෙයට වසර කිහිපයකට පෙර විදියකදී අබ්දුල්ලා නම් තරුණයකු ඝාතනය කිරීමේ වරදට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියමකොට තිබුණා.
ඉරාන ශාරියා නීතියට අනුව අදාළ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බලාල් නමැති ඝාතකයා ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙන විත්
තිබුණා.ඔහුගේ ගෙළට තොණ්ඩුව දමා තිබූ අතර ඝාතකයා එහිදී සමාව ඉල්ලා කෑ ගසා තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කරවීම සඳහා බලාල් ලී පුටුවකට නංවා ගෙලට තොන්ඩුව දමා ඇති අතර බලාල් අතින් ඝාතනයට ලක්වූ අබ්දුල්ලාගේ දෙමාපියන් විසින් එම ලී පුටුවට පයින් ගසා ඔහුව එල්ලා දැමීමටයි කටයුතු සූදානම් කර තිබුනේ.
ඝාතකයාගේ කෑ ගැසීම් හමුවේ හද කම්පා වූ ඝාතනයට ලක්වූ පුත්‍රයාගේ මව වේගයෙන් ඔහුට කම්මුල් පහරක් දී ඇති අතර පසුව ඔහුට සමාව ලබාදී ඇත.
ඒ මොහාතේ මරණ දඬුවමට නියමව සිටි බලාල්ගේ මව අබ්දුල්ගේ මව වැළඳ හඬා වැටි තිබෙනවා. අබ්දුල්ගේ මව පවසන්නේ අබ්දුල් මරණයෙන් පසු නැවත හොද උත්පත්තියක් ලබා ඇති බවට පෙනුන සිහිනයකින් අනතුරුව බලාල් නම් සිය පුතුගේ ඝාතකයාට සමාව ලබාදීමට තීරණය කල බවයි.
ශාරියා නීතිය අනුව මරණ දඬුවම් ලබන පුද්ගලයෙකුට සමාව දීමට අගතියට පත් පාර්ශවයට හැකියාව පවතිනවා. නමුත් සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් වෙනුවෙන් ද එවැනි සමාවක් ඉල්ලා සිටිය ද එය ඉටු වුනේ නැහැ. ඒ වෙනුවට ඇයව හිස ගසා මරාදමනු ලැබූවා.

0 comments:
Post a Comment