facebook like

දෙවැනි ලෝක යුද්ධය නිමා වූ පසුත් ඒ වෙනුවෙන් වසර 30 යුද වැදුණු හීරෝ ඔනාඩා

දෙවෙනි ලෝක සංග්‍රාමය නිම වෙලා දැන් දශක 5ක් ඉක්ම ගිහින්. මේ සංග්‍රාමයෙන් දැවී විනාශ වී ගිය ජපානය ශක්තිමත් ජාතියක් ලෙස යළි ගොඩනැගී සිට අවසන්. ජපන් ජාතිකයන්ගේ මේ ශක්තිමත්  නැගී සිටීමට හේතුව අනෙකක් නොව ඔවුන් තම රටට දක්වන ආදරය, විනය ගරුක බව දැන් ලෝකයට රහසක් නමෛයි. ජපාන ජාතිකයන්ගේ විනයගරුක බව හා දේශප්‍රේමය පසුගිය මාසයේ යළිත් ලෝ පුරා කතා බහට ලක්වුණා. ඒකට හේතුව  ලෝක සංග්‍රාමයට සම්බන්ධ සුවිශේෂී ජපන් සෙබළ විරුවකුගේ අභාවය. ඔහු නමින් හිරෝ ඔනොඩා.
හිරෝ ඔනොඩා ජපන්
හමුදාවට එක් වනුයේ   වන ලෝක යුද්ධයේ උණුසුම අහස උසට නැගෙමින් තිබියදීය. ඒ 1940 වසරේදීය. ජපානය වෙනුවෙන් රටවල් කිහිපයක යුද වදිමින් සිටි ඔනොඩාගේ හමුදා ඛණ්ඩය පිලිපීනයේ ලුබෑන්ග් දිවයිනට ගොඩ බසිනා ලද්දේ 1944 වසරේදීය. මෙම කණ්ඩායමට අණ දෙනු ලැබුවේ යොෂිමි මනිගුචි නම් සෙන්පතියා විසිනි. ඔවුන් ලුබෑන්ග් දිවයිනට ගොඩ බසිනා විටත් ඇමෙරිකානු හමුදා එම දිවයින ආක්‍රමණය කරන්නට පටන් ගෙන තිබුණා. ඇමෙරිකානු ප්‍රහාරයෙන් හිරෝ ඔනොඩා ඇතුළත් වූ භට පිරිසෙන් සැලකිය යුතු පිරිසක් මියගිය අතර ඉතිරි සුළු පිරිසෙන් ඇමෙරිකා හමුදාවට මුහුණ දිය නොහැකි  බව වටහා ගත් සෙන්පති යොෂිමි මනිගුචි හිරෝ ඔනොඩා ඇතුළු සෙබළුන් කිහිප දෙනකු අමතා අසල වූ වනයට පසු බසිමින් ඇමෙරිකානු සෙබළුන්ට ප්‍රහාර එල්ල කරන ලෙස අණ දුන්නා. තම ඉහළ නිලයේ අණ පිළිගත් ඔනොඩා ඇතුළු සෙබළුන් පසුබසිමින් ප්‍රහාර එල්ල කරන්නට වුණා.
ඔවුන් නොදැනම ලුබෑන්ග් දිවයිනේ ඝන වනය තුළට කොටු වුණා. මේ වන විටත් ලුබෑන්ග් හි සිටි  සෙසු ජපාන සෙබළුන් ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඊට පස්සේ ජපානය යටත් වුණ නිසා   වෙනි ලෝක යුද්ධය නිම වුණා. ඒත් ලුබෑන්ග් දිවයිනේ වන ගහණය තුළ කොටු වුණා. ඔනොඩා ඇතුළු පිරිසට ලෝක යුද්ධය නිම වූ බව දැනුණේ නෑ. ඔවුන් වනයේ සැඟවී තම සතුරු හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ බලා‍පොරොත්තුවෙන් බලා සිටියා. ජපාන හමුදාවටද හිරෝ ඔනොඩා ඇතුළු පිරිස අමතකව ගියා. ඔවුන් තීරණය කළ හිරෝ ඔනොඩා ඇතුළු පිරිස මියගිය බව.
මද කලකට පසු වනගතව සිටි හිරෝ ඔනොඩා ඇතුළු පිරිසට යුද්ධය නිම වූ බවට සැක ඇති වුණත් ඔවුන් ඒ බව විශ්වාස කළේ නෑ. ජපානය යුද්ධය පැරදී ඇති බව සිතන්නටවත් ඔවුන් කැමති වුණේ නෑ. දිනපතා ජාතික ගීය ගයමින් සිය දේශාභිමානී හැඟීම් වර්ධනය කරගත් ඔවුන් ජපාන අධිරාජ්‍යයට පක්ෂපාතී බවට දිව්රමින් කාලය ගත කළා. ඉඳහිට වනයට එන පිලිපීන ගොවියන්ට ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ බව භෝග  පැහැර ගනිමින් හිරෝ ඔනොඩා ඇතුළු පිරිස කල් ගෙව්වා. යුද්ධය නිමවී කෙටි කලකට පසු වනගතව සිටි සමහර ජපන් සෙබළු පිලිපීන රජයට භාර වුණත් හිරෝ ඔනොඩා එලෙස සිදු කළේ නෑ. ඔහු පිලිපීනයට යටත් වීම ජපන් අධිරාජ්‍යයට අවමානයක් බව පැවැසුවා. 1970 වන විට ලුබෑන්ග් දිවයිනේ ඉතිරිව සිටියේ හිරෝ ඔනොඩා පමණයි.
මේ එකම ජපන් සෙබළා අත්අඩංගුවට ගන්න එරට හමුදාව උත්සාහ කළත් එය සාර්ථක වුණේ නෑ. අවසාන වශයෙන් පිලිපීන ගුවන් හමුදාව යුද්ධය නිමවූ බවටත්, එබැවින් යටත් වී ආපසු ජපානයට යන ලෙසටත් මුද්‍රණය කළ පත්‍රිකා ලුබෑන්ග් වනාන්තරය පුරා හෙළුවා. එහෙත් ඔනොඩා යුද්ධය නිමවූ  බව දිගින් දිගටම
ප්‍රතික්ෂේප කළා. වනයේ සැඟවී සිට පිලිපීන වැසියනට පහර දීමටත් ඔවුන්ගේ සහල් කෙසෙල් වැනි දේ පැහැර ගැනීමටත් හිරෝ ඔනොඩා දිගින් දිගටම කටයුතු කළා. පිලිපීන ගොවියන්ගේ ගවයන් මරා මස් වියළා, ආහාරයට ගැනීමටත් ඔනොඩා පුරුදු වුණා. මේ තත්ත්වය නිසා ලුබෑන්ග් දිවයිනේ පදිංචිකරුවන් ඔනොඩා යුද සෙබළෙක් නොව මංකොල්ලකරුවෙකැයි විශ්වාස කරන්නට වුණා.
1974 වර්ෂයේ පෙබරවාරි මසදී ලුබෑන්ග් දිවයිනට පැමිණි ජපාන සංචාරකයෙකු වන නොරියේ සුසුකිට හිරෝ ඔනොඩා අහම්බෙන් මෙන් මුණගැසුනා. ඒ ඔනොඩාට වසර 30 කින් විතර තම රටවැසියෙකු මුණගැසුන පළමු වතාව.
නොරියෝ සුසුකි යුද්ධය නිම වූ බවත් ජපානය දියුණු රටක් බවත් ඔනොඩාට පැවැසුවත් ඔහු එය එක්වරම පිළිගත්තේ නෑ. කෙසේ නමුත් ඉතා අසීරුවෙන් යුද්ධය නිමවූ බව ඔනොඩාට වටහා දෙන්නට නොරියෝ සුසුකි සමත් වුණා. ඒත් පිලිපීනයට යටත් වීමට ඔහු කෙලෙසකවත් කැමති වුණේ් නෑ.
“මං ජපන් අධිරාජ්‍යයේ සෙබළෙක් මම පිලිපීනයට යටත් වෙන්නේ නෑ. මට වනගතව ප්‍රහාර එල්ල කිරීමට අණ දුන්නේ සෙන්පති යොෂිමී මනිගුචීයි. මට දුන් අණ අවලංගු කළ හැක්කේ ඔහුට පමණයි. මම යටත් වනුයේ මගේ අධිරාජ්‍යයට සහ මගේ ප්‍රධානියාට පමණයි.” ඔනොඩාගේ වදන් ඇසූ නොරියෝ ආපසු  ජපානයට ගොස් එවකට ජපාන හමුදාවේ මේජර්වරයකුව සිටි ඔනොඩාට අණ දුන් හමුදා ප්‍රධානියා වන යොෂිමී මනිගුචී මුණගැසුනා. ජපාන රජයේ අනුදැනුම සහිතව මේජර් යොෂිමි මනිගුචී වහාම පිලිපීනයට ගියා. ජපාන ධජය සහිතව ලුබෑන්ග්ස් දිවයිනට ගිය මේජර් යොෂිමි මනිගුචී 1944 තමා විසින් හිරෝ ඔනෝඩාට දුන් අණ අවලංගු කර, එකී නියෝගය ආපසු කැඳවන ලදි. එපමණක්ද නොව පිලිපීන රජයට භාර වන ලෙස ඔනොඩාට නියෝග කර ඇත.
ඉන් පසු පිලිපීන රජයට භාරවූ ඔනොඩා එවකට පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් වෙත පමුණුවනු ලැබුවා. ඔනොඩා තමා පැළඳ සිටි ජපාන අසිපත ජනාධිපති මාකෝස්ට භාරදී යටත් වූවා.
විශේෂත්වය වනුයේ වසර 30 කට පසු යටත් වන විටත් ඔනොඩා ඇඳ සිටි ජපාන යුද ඇඳුම පාවහන් දෙක සහ හිස් වැසුම ඉතා හොඳ තත්ත්වයෙන් ආරක්ෂා වී තිබිමයි.
ආපසු ජපානයට පැමිණි ඔනොඩාට තම රට වැසියන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. මිත්‍රපාක්ෂික හමුදාවට  යුද්ධයේ ජය ලැබුණත්, මුළු ජපන් හමුදාවම යටත් වුවත්, හිරෝ ඔනොඩා නම් ජපන් සෙබළා යටත් කරගන්නට ඔවුනට පුළුවන් වුණේ නෑ. ඔහු ජපානයට සැබෑම ආඩම්බරයක් බව එරට වැසියන් අදටත් පවසනවා.
ආපසු ජපානයට පැමිණ කෙටි කලක් බ්‍රසීලයේ ගත කළ ඔනොඩා ජපානයේ ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාලයක් පවත්වාගෙන ගියා. ඔනොඩා පසුගිය ජනවාරි මස මියගියේ ජපන් වීරයෙක් ලෙසයි. ඔහුගේ අවමංගල්‍ය පිළිබඳ අධිරාජ්‍යයාගේ කනගාටුව පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අධිරාජ්‍යයාගේ නියෝජිත යොෂිහිඩේ සුගා පැවැසුවේ   වෙනි ලෝක යුද්ධය නිමවූ බව තමාට හැඟුනේ වසර 30ක් පිලිපීනයේ වනගතව සිටි ඔනොඩා ජපානයට පැමිණි මොහොතේ බවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive