facebook like

හම්බන්තොට බූරු නාටකය.................ජනාධිපතිවරයාගේ 'එව බලව' ආරාධනය හෑල්ලු වී ගියේය......

හම්බන්තොට රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය නැරැඹීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකට ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයේ තොරතුරු මෙරට පමණක් නොව එතෙර මාධ්‍ය ඔස්සේ ලෝකයම අසා දැක අවසන්ය. පිස්තෝලයක් අතැතිව සගයකු සමඟ මන්ත්‍රි කණ්ඩායම හඹා යන හම්බන්තොට නගරාධිපතිවරයාගේ රුව සහිත දර්ශනය ඒ සියලු දෙනාගේ නොමඳ අවධානයට බඳුන් වූවාට
සැක නැත. පිස්තෝලයක් රැගෙන තමන් වරාය පරිශ්‍රයට ගියේ එජාප මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව සැලැසීමට යැයි නගරාධිපතිවරයා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය හාස්‍යජනක වන්නේ මේ මැර ප්‍රහාරය හමුවේ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ද අත් බැඳ බලා සිටි බව වාර්තා වී ඇති නිසාය. නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔහු කළ යුතුව තිබුණේ සිය නගරයට පැමිණි අමුත්තන් වූ මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටීමය.

ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු යනු ජනතාව නියෝජනය කරන සැලකිය යුතු පිරිසකි. ඔවුන්ට හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන් තොට නිරීක්ෂණයට බාධා කිරීමට කිසිවකුට අයිතියක් නැත. අනෙක ඔවුන් අදාළ ස්ථානවලට ගොස් ඇත්තේ රජයේ නිල අවසරය ලබාගෙනය. මත්තල ගුවන් තොට අසලට රැස්වී පිරිසක් තර්ජනාත්මක ලෙස හැසිරීම නිසා මන්ත්‍රි කණ්ඩායම වරාය නිරීක්ෂණයට යෑමට පෙර දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට තමන්ට ආරක්ෂාව සපයන ලෙස දැනුම් දී ඇත. එහෙත් වරාය පරිශ්‍රයට කඩාවැදී 'මත්තල මැරයන්' මන්ත්‍රි කණ්ඩායමට තර්ජනය කරමින් යකා නටා ඇත්තේ ආරක්ෂාව සැලැසීමට පැමිණි හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම වීම මෙහි ඇති කැපීපෙනෙන කාරණයයි.

ප්‍රභූ ආරක්ෂක නිලධාරින් මැදිහත් වී මන්ත්‍රිවරුන්ව හා මාධ්‍යවේදීන්ව බස් රථයකට නංවා ගෙන කඩිනමින් පිටවී නොයන්නට බරපතළ තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබුණේ මැර පිරිස හමුවේ පොලිසිය වෙල් පඹයන් ගාණට පත්වීම නිසාය. මෙවැනි අවස්ථාවල අක්‍රිය වන පොලිසිය ආණ්ඩු විරෝධී යැයි පෙනී යන සිද්ධිවලදී සක්‍රිය වීමේ රහස මුළු රටම දනී. කාරණය අනෙකකි. මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරුන්, දේශපාලන පක්ෂ, සංවිධාන හා විවිධ පුද්ගලයන් විවේචන, චෝදනා එල්ල කළ බව ඇත්තකි. එජාප ආණ්ඩු කාලයේ කළ කඩිනම් මහවැලිය, ගම්උදාව, ජනසවිය වැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් එවක විපක්ෂයේ සිටි ශ්‍රී ලනිපය ඇතුළු දේශපාලන පක්ෂ නිර්දය විවේචන, විවිධ චෝදනා එල්ල කෙළේය. ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලනඥයන් ආණ්ඩු පක්ෂයේ හොඳක් දකින්නේ කලාතුරකිනි. වරාය හා ගුවන්තොට ගැන එල්ල වූ ඇතැම් චෝදනා පදනම් විරහිත විය හැකිය. නරුම විවේචන කළාද විය හැකිය. එහෙත් එජාප මන්ත්‍රි කණ්ඩායම අදාළ ස්ථාන දැකබලා ගැනීමට පැමිණි විට කළ යුතුව තිබුණේ ඔවුන්ට සියලු පහසුකම් සලසා දීම මිස මෙලෙස හැසිරීම නොවේ. ජනාධිපතිවරයා විදේශිකයන්ට පවා ආරාධනා කෙළේ 'එව බලව' කියාය. යමක් ගැන ඇසූ - කියැවූ තොරතුරුවලින් තීරණය කිරීමට පෙර පැමිණ සියැසින් දැකබලා තීරණය කිරීමේ වටිනාකම ගැන ඉන් අවධාරණය කෙරිණි. එහෙත් වරාය හා ගුවන් තොට නිරීක්ෂණයට ගිය එජාප මන්ත්‍රි කණ්ඩායමට බාධා කළ නගරාධිපති ඇතුළු පිරිස ජනාධිපතිවරයාගේ අදහස තේරුම් ගැනීමට තරම් ඥානයක් ඇත්තන් නොවන බව පෙනේ. මේ බූරු මහත්තුරුන් හම්බන්තොටදී රඟ දැක්වූ මැර නාටකය නිසා ජනාධිපතිවරයාගේ 'එව බලව' ආරාධනයේ වටිනාකමද හෑල්ලු වී ගියේය. රජතුමා ආරක්ෂා කළ මෝඩ වඳුරා මෙන් හැසිරෙන මෙවැනි කඳ පණුවන් නිසා මෙරට පාලනය කළ බොහෝ නායක නායිකාවන්ට සිදුවූයේ හානියක් මිස සේවයක් නම් නොවේ. බරපතළ කාරණය වන්නේ මෙවැනි අවකල් ක්‍රියා නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේහයට තව තවත් හානි වීමය. ආණ්ඩුවේ නම කැළැල් වීමය.
ජාත්‍යන්තරයෙන් මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති රටකට එය කිසිසේත් ඔරොත්තු දෙන්නක් වන්නේ නැත.
ප්අඉසප් -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive