facebook like

ලොකුම හොරා දේශපාලනඥයා නොව නිලධාරියාය

මේ රටේ ලොකුම හොරා දේශපාලනඥයා නොව රජයේ නිලධාරියා බව පෙරේදා (08 දා) ප්‍රකාශයට පත් වූ වැට්‌ බදු වංචා නඩු තීන්දුවෙන් පෙනී යයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්‌ ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි 400 ක වැට්‌ බදු වංචා කිරීමෙන් පසු පවරන ලද නඩුව මේ තීන්දුවට අදාළ නඩුව ය. ඔහු වංචා කළ මුදල මෙන් තුන්ගුණයක්‌ දඩ ගසන ලදී. දඩය නොගෙවන්නේ නම් ඔහුගේ දේපළ රාජසන්තක කර මුදල් අයකරනු ලැබේ. ඔහු අවුරුදු 102 ක සිර දඬුවමකට යටත් කළ නමුත් එයද
වසර 3 ක්‌ තුළ ගෙවී යන්නේ ය. විත්තිකාර නියෝජ්‍ය කොමසාරිස්‌තුමාගේ දේපළ සමූහයෙහි විස්‌තරයක්‌ ඊයේ (09 දා) පුවත්පත්වල පළ විය. එතුමා දේපළ එකතු කර ඇත්තේ පොඩි ළමයින් සෙල්ලම් බඩු එකතු කරන්නා සේ ය. එම දේපළ විස්‌තරය දෙස බැලීමෙන් පසු පෙනී යන්නේ ඒවා විකුණා රුපියල් කෝටි 2000 ක්‌ පමණ උපයාගත හැකි බව ය. මන්ද, නි. කොමසාරිස්‌තුමා එදා දේපළ ගත් මිලට වඩා අද මිල ඉතා ඉහළ ය. මේ නිසා කොමසාරිස්‌තුමාට ද පාඩුවක්‌ නැත. ආණ්‌ඩුවට ද පාඩුවක්‌ නැත. අවුරුදු 102 ක සිර දඬුවම අවුරුදු තුනෙන් ගෙවෙන නිසා හිරගෙදරට ද පාඩුවක්‌ නැත. මෙය අවසන් වශයෙන් සියලුම දෙනා ජයග්‍රහණය කරන  එකකි. එහෙත් එක කට්‌ටියක්‌ මෙහිදී පරාද ය. ඒ වූ කලී රටේ ජනතාවගේ සදාචාරය ය. ආත්ම ධෛර්යය, ආණ්‌ඩුවේ ක්‌ලාක්‌ කෙනෙක්‌ එළවළු දෙකක්‌ සහ පොල් සම්බෝලයක්‌ සහිත බත් මුලක්‌ බැඳගෙන එය සිය කරකබල් වූ හම් බෑගයෙහි ඔබාගෙන තනි කකුලෙන් දුම්රිය පාපුවරුවෙහි එල්ලී කන්තෝරු ගොස්‌ සතියේ දින පහම වැඩ කර මාසේ අන්තිමට රුපියල් 15,000 ක්‌ ගෙදර ගෙන ගොස්‌ දරු පවුලක්‌ රකී. අර ලෝන්වලට, මේ ලෝන්වලට, කැන්ටිමෙන් බොන තේවලට මුදල් කැපුණු පසු ඉතිරිවන ඒ 15,000 පවා ගෙදර ගිය විට 30,000 ක බිල් ගෙවීමට තිබේ. ඒ අතර එම ආණ්‌ඩුවේම නියෝජ්‍ය කොමසාරිස්‌ කෙනෙක්‌ ඒ. සී. කළ කාමරයක හිඳගෙන රුපියල් කෝටි 400 ක්‌ වංචා කර කෝටි දෙතුන් දාහක දේපළ අත්පත් කර ගනී. එහි ප්‍රතිඵලය වන්නේ ඒවා අසන කියවන සාමාන්‍ය ජනයා පිරිහී ගිය සදාචාරයෙන් පිරිහී අපේක්‍ෂා භංගත්වයට පත්වීම ය.

දේශපාලනඥයකු මුදල් ගසා කන්නේ ඇයි? ඊළඟ ඡන්දයට වියදම් කිරීමට ය. තම ආධාරකරුවන්ට වියදම් කිරීමට ය. ඒ මිනිසුන් තම දරු පවුල්වල නැති බැරිකම් කියාගෙන එන විට දීමට ය. පක්‍ෂයට වියදම් කිරීමට ය. නැති බැරි අපේක්‍ෂකයකුට වියදම් කිරීමට ය. එහෙත් රජයේ නිලධාරියා යනු දේශපාලනඥයා මෙන් පොදු මිනිසෙක්‌ නොවේ. ඔහු අතිශය පෞද්ගලික බලකොටුවකි. ඔහු සමාජ මෙහෙවරක්‌ වශයෙන් කරන ලොකුම දෙය කන්තෝරුවේ පිං පත්තරයකට රුපියල් 100 ක්‌ ලිවීම ය. ඒ හැරුණු විට තමන් විසින් ගසාකන ලද සියල්ල ඔහු තම අභිවෘද්ධිය උදෙසා පමණක්‌ කැප කරන්නේ ය. එය ඉතා හොර රහසේ කරන්නකි. දේශපාලනඥයාට කොහෙන් හෝ ටැප් එකක්‌ විවෘත වී මුදල් ගලන බව සාමාන්‍ය ජනයා දන්නේ ය. ඒ නිසා දේශපාලනඥයා හතර අතේ මුදල් වැය කිරීම ප්‍රශ්නයක්‌ වන්නේ නැත. එහෙත් රජයේ කොමසාරිස්‌ කෙනකු ලොකුවට මුදල් වියදම් කරන විට හැමෝම ප්‍රශ්න කරන්නේ ඊයේ බස්‌ එකේ ගිය මේ හිඟන්නා අද මොන්ටොරෝවක යන්නේ කෙසේද යනුවෙනි. මේ නිසා ඔහු ඕනෑවටත් වඩා ප්‍රවේසම් වෙයි. එහෙත් ගැස්‌සෙන තැන කොතැනද කියා ඔහු නොදනී. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමාට ද සිදුවූයේ එයම බව සෙසු කොමාලා දැන ගනිත්වා.

divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive