facebook like

බයවෙන්න එපා කිය කියා දෙදරු මව දූෂණය කරලා

සැමියාගෙන් වෙන්වී ජීවත් වූ 24 හැවිරිදි දෙදරු මවක රැයක් එළිවනතුරු තිදෙනකු විසින් දූෂණය කරනු ලැබීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමට යන අතර වාරයේදී එම සැකකරුවන් විසින් ඇය මහ මඟදී ත්‍රිරෝද රථයක දමාගෙන යළිත් දූෂණය කිරීමේ සිද්ධියක් සියඹලාණ්ඩුව පොලිස් වසමෙන් වාර්තා වේ.

මෙම තරුණියගේ සැමියාගේ සහෝදරයා සමඟ ඇය අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ඇති බවට චෝදනා කරමින් දියණියන් දෙදෙනා රැගෙන සැමියා නිවෙසින් පිටව ගොස් වෙනම ජීවත්වන බව පොලිසිය
පවසයි.  නමුත් ඇය එසේ අනියම් සබඳකමක් සැමියාගේ සහෝදරයා සමඟ ඇතිකරගෙන නොමැති බවත්, සැමියාගේ අවිශ්වාසය මත ඇය මෙලෙස දූෂණයට ලක්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත. ඇය සැමියාගෙන් වෙන්වී තනිව ජීවත්වන බවට ගමපුරා පැතිර ගිය ආරංචියත් සමඟ ඇයට ගමේ කොලු ගැටයන්ගේ අනඟ බැලුම් විඳීමට සිදුවී ඇත. පසුගිය 16 වැනි දින ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයකු ඇයට මහ මඟදී හමුවී නිවෙස වෙත කැඳවා ගෙන යන බව පවසා තවත් තරුණයන් දෙදෙනකු සමඟ ඇයව බලෙන් පෙරපාසල් ගොඩනැඟිල්ලක කාමරයක් තුළට රැගෙන ගොස් වරින්වර රෑ පහන්වන තුරු දූෂණය කර ඇති බවට පොලිසියට අනාවරණය වී තිබේ.

පසුදින සැකකරුවන් ඇය නැවත නිවෙස අසලින් බස්සවා ගොස් ඇති බවත්, එදින ඇය පොලිසිය වෙත යමින් සිටියදී නැවත වරක් ත්‍රිරෝද රථයට නංවාගෙන ගොස් මහ මඟ ත්‍රිරෝද රථය නවතාගෙන ඇයව දූෂණය කළ බව ඇය සියඹලාණ්ඩුව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

“ඔයා ඕවා ගනන් ගන්න එපා. ඔයාට දැන් මිනිහත් නෑ. දරුවොත් නෑහැනේ” කියා සැකකාර තරුණයන් තිදෙනා ඇය සමඟ ගත කර ඇති බවද පැවැසේ.
මෙම තරුණියන් සියඹලාණ්ඩුව පොලිසියට කළ පැමිණිල්ලෙන් අනතුරුව සැකකාර තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කිරීමටද පියවර ගෙන තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive