ඉන්දියාවේ මී ළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ආණ්ඩුවක් පිහිටුවිමේ අවස්ථාව සලසා දෙමෙන් නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්ෂයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස එම පක්ෂය විසින් අද තෝරා පත් කර ගත්තේ ය.
මෙවර මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෝක් සභාවේ දිනා ගත් ආසන ගණන 336කි.ඉන් ආසන 282කට ම හිමිකම්
කියනු ලබන්නේ, භාරතීය ජනතා පක්ෂය යි.
ඒ අනුව ආසන 543 කින් සමන්විත ලොක් සභාව තුළ තනි පක්ෂයක් බහුතර බලය තහවුරු කරගෙන ඇත්තේ
වසර 25කට පමණ පසුව යි.
නරේන්ද්‍ර මෝඩි තම පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය සඳහා යෝජනා කරනු ලැබුවේ, භාරතීය ජනතා පක්ෂයේ
ජ්‍යෙෂ්ඨ නායක ලාල් ක්‍රිෂ්ණා අද්වානි විසිනි.
63 හැවරිදි මෝඩි නවදිල්ලිය කේන්ද්‍ර කරගත් පාලන තන්ත්‍රයකට ප්‍රථම වරට පිවිසෙනුයේ වසර 13 ක් තිස්සේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය පාලනය කිරීමෙන් අනතුරුව ය.
පසුගිය වසරේදී ඔහු භාරතීය ජනතා පක්ෂයෙන් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කිරීම ත් සමඟ උද්වේගකර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේ, ආධාරකරුවන් අතර විශ්වාසය තහවුරු කර ගනිමින් හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් හවුල් කර ගනිමිනි.
ජ්‍යෙෂ්ඨ නායක අද්වානි මෝඩිගේ නම පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරය සඳහා යෝජනා කිරීම ත් සමඟ එය ස්ථිර කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර ඇතිවුයේ උණුසුම් තරඟයකි.
ස්ථිර කෙරුණු යෝජනාව භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ් නාත් ප්‍රකාශයට පත් කළේ ය.
මෙම තෝරා පත් කර ගැනීම ත් සමඟ නව රජයක් පිහිටුවිම සඳහා විධිමත් ඉල්ලීමක් කිරීමට ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හමුවීමේ අවකාශය මෝඩිල සැලසෙයි.
මෝඩිගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ජනතාව හමුවේ තැබූ පොරොන්දු අතර වූයේ වැඩියෙන් පාලනය කරන කුඩා ආණ්ඩුව සාදන බව ය.
ඒ අනුව ඇතැම් අමාත්‍යංශ ප්‍රතිව්‍යවුහගතකරණයට හා ඒකාබද්ධ කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා
කරයි.
තමාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය හා බලාපොරොත්තු තබා ඡන්දය භාවිත කළ මිලියන ගණනක් වන ඉන්දියානුවන්ගේ අපේක්ෂා දල්වාලන බවට මෝඩි ප්‍රකාශ කළේ හැගීම්බර වෙමිනි.

0 comments:
Post a Comment