“මට අවුරුදු හැට නවයෙදි මාරකයක් යෙදෙන බව කීවා මතකද?” නිල්වක්කේ සෝමානන්ද හිමියෝ තම මේසය අසල පුටුවේ සුව පහසු ලෙස සකස් වෙමින් කීහ.
“එහෙයි හාමුදුරුවනේ. සෙංගමාලය වැලඳුණාට පස්සේ කුට්ටාලම් දිය ඇල්ලෙන් දින හතළිස් අටක් නාන්න කීවා වගේම ඔබවහන්සේට අවුරුදු හැට නවයේ නොවැළැක්විය හැකි මාරකයක් යෙදී තිබුණ බව නන්දිකේශ්වර නාඩි වාක්‍යවල දක්වා එකක් ඉන් ගැලවීමට යන්ත්‍රයක්
පැලඳිය යුතුය කියන එකත් කීවා. ඒ වගේම අර්ශස් රෝගය ඔබ වහන්සේට වැලඳිලා මදුරාසියෙ රෝහලක දින ගණනාවක් සිහි නැතිව ඉඳලා බේරුණ හැටිත් මට කීවා.”
“හොඳට මතකය කතාව.”
“එහෙයි හාමුදුරුවනේ ඔබවහන්සේ කීව හැටියට මම ඒව සටහන් කර ගන්නවා.”
“බොහොම හොඳයි. ඕව තව අවුරුදු තිහ හතළිහකින් ප්‍රයෝජනවත් වේවි.”
“එහෙයි හාමුදුරුවනේ.” ඒ කතාවේ අගක් මුලක් එදා තේරුම් ගැනීමට නොහැකි වුවත් මම කීවෙමි.
“මම යන්ත්‍රය පෙන්වන්න කීවේ එක පොරොන්දුවක් පිට හරිද?”
“එහෙයි.”
“පොරොන්දුව ඉෂ්ට කළාද?”
එහෙයි. ටිකක් විතරයි.” යන්ත්‍රය ගැනත් ජප කළ යුතු මන්ත්‍රය ගැනත් නන්දිකේෂ්වර නාඩි වාක්‍යවල සඳහන්ව තිබූ හෙයින් ඒ පිළිබඳව විස්තර කීමට මැදගොඩල්ලේ විහාරාධිපති මෙනේරිගම චන්දානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් සහ හල්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මූලික දැනුම ලබාගෙන එන ලෙසට උන්වහන්සේ මට නියම කර තිබිණි.
මැදගොඩැල්ලේ නායක හාමුදුරුවන්ගෙන් කරුණු දැන ගැනීමට මට හැකි වුවද හල්විටියේ ලොකු හාමුදුරුවන් හමුවීමට නොහැකි විය.
ඒ නිසා ලොකු හාමුදුරුවන් පොරොන්දු ඉටු කළා දැයි විමසූ විට ටිකක් කීවේ එබැවිනි.
“ඇයි ඒ ටිකක් කීවේ?”
“මට හල්විටියෙ නායක හාමුදුරුවන් හම්බවෙන්න බැරිවුණා.”
චන්දානන්දගෙන් (මැදගොඩැල්ලේ ලොකු හාමුදුරුවන් වහන්සේ) අහගන්න තියෙනවද?” උන්වහන්සේ නඩුකාරයකු විමසන්නාක් මෙන් විමසති.
“එහෙයි, කටුසහනක මම විස්තර එක්ක ලියාගෙන යනවා.”
“හරි මට ඒ දෙන්න තියෙන කරුණු හොඳට විස්තර ඇතිව ලියල ගෙනත් පෙන්වන්න ඕනෑ.”
“එහෙයි හාමුදුරුවනේ.”
මැදගොඩැල්ලේ ලොකු හාමුදුරුවෝත් කිසිදු මුදලක් නොලබා මන්ත්‍ර බලයෙන් රෝගීන් සුවපත් කරති. මැදගොඩැල්ලේ හාමුදුරුවෝ ඇදුම රෝගීන්ට නූලක් පලඳවා ඇදුම රෝගය සුවපත් කරති. හල්විටියේ නායක හාමුදුරුවෝ පිස්සු බල්ලන් කෑ අයට (ජලභීතිකා රෝගීන්ට) නුලක් බැඳ රෝගය සුවපත් කරති. මේ දෙදෙනා වහන්සේම මේ රෝග මන්ත්‍ර බලයෙන් මිස ඔෟෂධ මඟින් ප්‍රතිකාර නොකර සුවකරන්නෝය. ඒ වන විට පොත්පත්වල රෝගීන්ගේ ලේඛනයේ හල්විටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ රෝගීන් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් එසේ සුවපත් කර තිබිණි.
හරි මෙන්න මට මාරකයෙන් බේරෙන්න නාඩි වාක්‍යවල සඳහන් කර තිබූ යන්ත්‍රය යැයි උන්වහන්සේ මට පවසා “බුජ” පත්‍රයක් දුන්හ.
මම එම “බුජ පත්‍රය” දෑතින්ම ගතිමි. බුජ පත්‍රය යනු යන්ත්‍රයක් ඇඳීමට ගන්නා ඉතා සියුම් කුඩා පත්‍රයකි. එය ඉන්දියාවේ වැවෙන කිසියම් ගස් වර්ගයක පොත්තෙන් ලබා සකස් කරගනු ලැබේ. මෙය “ටිෂූ” කොලයක් සේ තුනී එකකි. ලංකාවේ ශාන්තිකරුවන් තඹ පත්‍ර යොදාගත්තද ඉන්දියාවේ යන්ත්‍ර ආරක්‍ෂිතව තබා ගන්නේ මේ පත්‍රවල ලියා තැබීමෙන් යැයි උන්වහන්සේ විස්තර කළහ.
ඒ බුජ පත්‍ර ලබාගන්නා ගස් වර්ගයේ නම උන්වහන්සේ කීවත් මට එය දැන් අමතකය.
හරි දැන් අද විස්තරේ පටන්ගනිමු කී උන්වහන්සේ ඔය අසනීප හැදුනට පස්සේ මම ඉස්පිරිතාලෙන් මාරක ලෙඩෙන් සුවපත් වෙලා ආවත් මගේ ඇඟට කිසිම පණක් නෑ. මම හරියට දුබල වුණා යැයි කීහ.
“නන්දිකේශ්වර ඉසිවරතුමාගෙ නාඩි වාක්‍යවල දික්ෂා කාණ්ඩයේ ප්‍රතිකර්ම සඳහන් කර තිබුණා. එහි සඳහන්ව තිබුණේ කෂායක්. මම උන්වහ්නසේ දෙස බලා සිටියෙමි. උන්වහන්සේගේ දිනපොත පෙරළා විවර කර හාෆ්ෂීට් පිටු භාගයක තරම් කොළයක් ගෙන මට පෙන්වූහ.
මම මොහොතක් ඒ දෙස බලා සිටියෙමි.
“හරි දැන් මේ කෂාය ලියා ගන්ඩ.” උන්වහන්සේගේ අණින් මම එය සටහන් කර ගන්නට වූයෙමි.
“එළඟිතෙල් බෝතල් දෙකයි, සීනි පලම් තිහයි (30), අමු ඉඟුරු පලම් දහයයි (10), හීරැස්ස පලම් එකයි (1), කොරසානි අසමෝදගම්, සාරිස්පතිරි සහ කීකිරිඳිය පලම් එක බැගින්, සූදුරු, මාදුරු, තිප්පිලි, තිප්පිලි මුල්, එනසාල්, වලඟසාල් ගංසූරිය පොතු, මී පැණි යන දේත් පලම (පලමක් යනු ග්‍රෑම් 58.12කි) බැගින් අරගෙන ඔය ඔෟෂධ කොටා කුඩු කර ගෙන සීනි සමඟ ගිතෙල් ළිප තබා ඊට එක්කර පසුව ගුළිකරගෙන ඒවා මීපැණිත් එක්ක වැලඳීමටයි නියම කර තිබුණේ.”
“මම ඒ කියපු හැටියටම පාවිච්චි කළාට පස්සේ අර ඇඟේ බැරිකම කොහෙන් ගියාද දන්නේ නෑ.”
උන්වහන්සේ මා දෙස බලා සිටියහ. මම උන්වහන්සේ දෙස බලා උනිමි.
“ඉතින් අපේ හාමුදුරුවනේ ඒක බලගතු ඔෟෂධයක්නේ” උන්වහන්සේ හිස සැලූහ. ඉන් පසුව සිනාසුණහ. සමා වුව මැනවි. උන්වහන්සේ කිසි දිනක හඬනඟා සිනාසෙන්නේ නැත. එය මුව මත රැඳී යන සිනාවකි. ඒ සිනාව දෙනෙතින් මුහුණෙන් විදහා පෙනෙන්නක් විය. හඬනඟන සිනාවක් නොවේ.
මම ඒක බලන්ගොඩ ආනන්ද මෛතේරය හාමුදුරුවන්ට දුන්නා යැයි උන්වහන්සේ අර සිනාවෙන් යුතුවම මට කීහ.
“ආනන්ද මෛතේරය නායක හාමුදුරුවෝ ඒ වට්ටෝරුව අපේ හිතවතකුට දුන්නා.”
“එහෙයි.”
“ඒ මහත්තයා තමයි කේ.කේ. සත්‍යපාල කියන්නේ. ඒ මහත්තයා ඒකෙන් ඔෟෂධයක් හැදුවා. ඒකට මගේ නම දාන්න හැදුවත් මම එපා කීවා. මම ඒකට ආනන්ද මෛතේරය හාමුදුරුවන්ගෙ (බළන්ගොඩ) නම දාන්න කියලා කීවා. ඒ නිසා ඒ බේතට ආනන්ද කියලා නම දාලා රෙජිස්ටර් කරල වෙළෙඳපොළට දැම්මා.”
අද “ආනන්ද ඍතය” කියල බොහෝම බලගතු ඔෟෂධයක් තියෙන්නේ අන්න ඒක තමයි.
“ඉතින් බළන්ගොඩ නායක හාමුදුරුවෝත් නාඩි වාක්‍ය ගැන ඔය නිසා හොයන්න බලන්න ඇතිනෙ.” මම කීවෙමි.
“උන්වහන්සේ නාඩි වාක්‍ය බලන්න ගියා තමයි.”
“බළන්ගොඩ නායක හාමුදුරුවො මම කීප විටක් දැකල තියෙනවා.ඒත් මම එතරම්ම කිට්ටුවෙන් දන්නෙ නෑ පොතපතින් විතරයි. උන්වහන්සේ හරියට භාවනා කරනවලු.” මම කීවෙමි.
සෝමානන්ද හාමුදුරුවෝ කිසිම වෙනසක් නොදක්වා අර බර වූ කල්පනාවෙන්ම ටික වේලාවක් සිටියහ.
“දකිණ්ඩ වාසනා කරන්ඩ ඕනෑ මහා පුණ්‍යවන්තයෙක්.”
මම ඒ මොහොතේ ගොළුවීමි. “නායක හාමුදුරුවන්ට පුදුම ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. උන්වහන්සේගේ හිසෙන් රශ්මි දහරා විහිදෙනවා සමහර අය දැකපු බව ගැන මටත් කියල තියෙනවා.” සෝමානන්ද හිමියෝ සුසුමක් හෙළා පැවැසූහ.
“උන්වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තියට අපේ පියවි ඇසට නොපෙනෙන දේවල් පවා පේනවා.”
“අපට නොපෙනෙන දේවල් කියන්නෙ නායක හාමුදුරුවොනේ?” මා ඇසුවා නොවේ. උන්වහන්සේ ඉදිරියේ කෙඳිරිගෑවා පමණි. උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නේ අර දුරස්ථ ස්වභාවයෙන් යුතු බැල්මෙන් බොහෝ වේලාවක් සිටීමෙන් පසුවය.
“ඔය වෙනත් ලෝකවල ඉන්නවා යැයි කියන ජීවින්”
අඟහරු වැනි ග්‍රහලෝකවල වෙසෙන අය ගැන එදා ඒ මොහොතේ මට සිහිපත් වූ බව අදත් එදා වගේම මතකය. එහෙත් මම ඒ ගැන කිසිවක් නොකීවෙමි. අසා සිටියා පමණි.
“වෙනත් ලෝකවල ඉන්න අය කියන එක මට තේරෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.”
“ඔය ප්‍රේත ලෝකවල ඉන්නවා යැයි කියන සත්ත්ව කොට්ඨාස.”
මගේ ඇඟ සීතල වී ගියේය.
“ඒ කියන්නේ බලන්ගොඩ නායක හාමුදුරුවන්ට ප්‍රේත ලෝකවල ඉන්න භූතයො පවා දකින්ඩ පුළුවන්කම තිබෙනවා කියන එකද නායක හාමුදුරුවනේ?”
උන්වහන්සේ ඊට කිසිවක් නොකීහ. ගැඹුරු දෙයක් අනුමත කරන්නාක් මෙන් හිස හලා පිළිගත්තාක් මෙන් හිස සැලූහ.
“උන්වහන්සේ මහා බලසම්පන්න කෙනෙක්. ඒ වුණත් බොහෝදෙනෙක් ඒ ගැන දන්නේ නෑ.”
“බලංගොඩ නාහිමියන් ගැන “කාක බුජන්දර” නාඩිවල දීර්ඝ විස්තරයක් තිබුණා. මට දැන් ඒ විස්තරේ කියන්න වෙලාව මදි. පොඩි වැඩක් තියෙනවා. ඒ නිසා ඒක වෙන දවසක කියන්නම්.”
“නාඩි වාක්‍ය කියන්නේ මහා සාගරයක්. ඒක කිසිදාක කියල ඉවර කරන්න බැරි දෙයක්. හැම ක්‍ෂේත්‍රයටම සම්බන්ධයි. දැන් මම පෙන්වපු යන්ත්‍රයත් පේනවා නේද? නාඩි වාක්‍ය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට සම්බන්ධ බව?”
“එහෙයි.”
“බලන්ගොඩ නායක හැමුදුරුවෝ ගැන මතක් කරපු නිසා මේ ටික කියන්න ඕනෑ. උන්වහන්සේගේ ඔය ආධ්‍යාත්මික ශක්තියට හේතුව භාවනා කරන එක.”
“එහෙයි.”
“මම කීවා එදා ඉන්දියාවෙ හිමාල වනයෙ අදත් මීට අවුරුදු හාරපන්දහසකට පෙර ජීවත් වූ ඉසිවරුන් ඉන්නවා කියලා.”
“එහෙයි.”
“ඉතින් ඔය එවරස්ට් කියන නැත්නම් හිමාලයේ ටිබෙට් ප්‍රදේශයට ආසන්නයේ මුහුද මට්ටමෙන් මීටර් පන්දහසකට ආසන්න ඉහළ ප්‍රමාණයක පිහිටලා තියෙනවා විලක්. ඒක තියෙන්නේ කෛලාෂ කියන කඳු ප්‍රාන්තයේ. කන්ද පාමුල දක්‍ෂිණ ප්‍රදේශයේ. ඒ විල සැතපුම් හැටකට ආසන්න ප්‍රමාණයක් විශාලයි.
“එහෙයි.”
“පුදුම ශාන්ත පරිසරයක තියෙන්නේ, හින්දුවරුන්ගේ විශ්වාසය ඒ විලේ ජලය පානය කළාම සියලු පව් සේදී යනවා, ආත්මය පවිත්‍ර වෙනවා කියලා.”
“එහෙයි.”
“ඒ එක්කම ශරීරයෙ තියෙන ලෙඩ රෝග හොඳ වෙනවා කියලත් කියනවා.”
“එහෙයි.”
“ඔය ජලය මොකක්ද දන්නවද?”
“නෑ අපේ හාමුදුරුවනේ.”
“මහාමායා බිසවුන් වහන්සේ කුසේ බෝසතාණන් පිළිසිඳගත්තදා ස්නානය කරපු බව කියන අනෝතත්ත විල කියලයි අනුමාන කරන්නේ.”
මම කතාව අසා සිටියෙමි.
“එතෙන්ට යනවා කියන එකත් පුදුම වාසනාවක් කියලයි කියන්නේ. ඒක ඇත්ත.”
“එහෙයි.”
මහාමායා දේවිය යහනත් එක්ක ඔසවාගෙන ගිහින් ස්නානය කරවනවා හීනෙන් දුටුවා කියන අනෝතත්ත විල තමයි ඒක. දැන් ඒකට “මාන සරෝවර්” කියලා හින්දු අය කියනවා.”
“එහෙයි.”
“ඔය ආසන්නයේම කෛලාෂකන්දේ මුහුදු මට්ටමෙන් අඩි විසිදාහකට ඉහළින් අම්මාන් කියන ගුහාව තියෙනවා. ඔය ප්‍රදේශයට ශ්‍රී නගර්වල ඉඳල හැතැක්ම පන්සීයක් විතර තියෙනවා.”
“එහෙයි.”
“ඔන්න ඔය හරියෙ තමයි අර මම කියපු මීට අවුරුදු හාර පන්දසකට ඉහත ජීවත්වෙච්චි ඉසිවරු තවත් භාවනානුයෝගීව ජීවත් වෙනවා කියන්නේ.”
“එහෙයි අපේ හාමුදුරුවනේ.”
“ඔය “මානසරො” කියන විලට නැත්නම් අනෝතප්ත විලට සමහර අය “මානස” විල කියලත් කියනවා.”
“එහෙයි.”
“මානස විල කියන නම හැදිල තියෙන හැටි දන්නවද?”
මා “නෑ” යන අදහස ඇඟවෙන ලෙසට හිස වැණුවේ ඒ අවස්ථාවේ මට කතා කිරීමට පවා ශක්තියත් නොවූ හෙයිනි.
ඔසු කියල කියන්නේ ඔෟෂධවලට. “මන” කියල කියන්නේ “හිතට.” මේ ප්‍රදේශය මනසට ඔෟෂධයක් කියන තේරුමෙන් මන+ඔසු “මනොහු” වෙලා ඔසු කලෙක මානස කියල භාවිත කරනවා.
චන්ද්‍රසේන මාරසිංහ

0 comments:
Post a Comment