facebook like

සතේ නැතිව ආපු ඇමැතිලා මහා ධනවතුන් බවට පත්වෙලා...................කාන්තා අඟපසඟ වර්ණනා කළාට ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්න බෑ

ආණ්ඩුවේ අධිවේගී මාර්ග ගැන පාරවල් කාපට් කිරීම ගැන කයිවාරු ගැහුවට ජනතාවට යෑමට හරිහමන් බස් එකක්, දුම්රියක් විධිමත් ලෙස යොදා තිබුණේ නැහැ. ප්‍රවාහනය බාර උන්දෑ කාන්තා අඟපසඟ වර්ණනා කළාට රටේ ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ. උන්දෑගේ කාරිය කාන්තා වර්ණනාව.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ වැඩකරනවායි කියන ආණ්ඩුවේ බංකොලොත්කමයි. නමුත් ආණ්ඩුව කියන්නේ රටේ ඒකපුද්ගල ආදායම වැඩිවෙලා කියලයි. ඇත්තටම වෙලා
තියෙන්නේ රටේ ආදායම බෙදීයෑමේ බරපතළ විසමතාවක් ඇතිවීමයි. අතේ සතේ නැතිව ආපු ඇමැතිලා මහා ධනවතුන් බවට හැරිලා. ඉතාම කුඩා කල්ලියක් අතේ රටේ සියලුම ධනය හිරවෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ ජනතාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන එක වළක්වන්න පුළුවන්ද? යනුවෙන් 'මව්බිම'ට පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතාය.

මීට අවුරුදු 45කට පෙර පාසලේ නේවාසිකාගාර ගාස්තු ගෙවා ගැනීමට බැරි යැයි කියපු පුද්ගලයෙක් අද ඇමැතිවරයෙක් වෙලා මහා පරිමාණ දේපොළකට හිමිකම් කියනවා. එහෙම දේපොළ ලැබුණා නම් ඒ ලැබුණේ කොහොමද කියලා ජනතාව හිතලා බලන්න වෙනවා.
පිටරට ගිහින් බැලමෙහෙවරකම් කරලා ගෙනෙන මුදල් ප්‍රමාණය. ඒ වගේම තේ, රබර්, පොල් විකුණලා ගේන මුදල් ප්‍රමාණය, ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලා දහස් ගණනක් වැඩකරමින් සේවිකාවන් ලබා දෙන මුදල් ප්‍රමාණය මේ සියල්ලම විසින් රටින් ගෙනෙන ජාතික ආදායමට වඩා වැඩි ප්‍රමාණක් අපේ රටේ පාලක කල්ලිය අතේ තියෙනවා. ඩොලර් බිලියන 10කට වඩා වැඩි වත්කමක් හිමි පාලක කල්ලියක් තමයි රටේ ඉන්නෙ.

ඒ නිසා මේ රටේ තියෙන වත්කම් ප්‍රමාණය ජනගහනයෙන් බෙදුවට පස්සෙ ඩෙලර් 4000ක් එනවා. ඒක ගණිතමය වශයෙන් හරි! නමුත් රටේ ජනතාව අපිට පෙනෙනවා දැන් සතිපතා නිල්වලා ගඟට පනින තරමට කලකිරිලා කියලා. එක්කෝ තමන්ගෙ දරුවෝ දෙන්නව ගඟට තල්ලු කරලා තාත්තත් ගඟට පනිනවා. ණය ගෙවා ගැනීමට බැරිව සමෘද්ධි සේවිකාවෝ ගඟට පනිනවා. අම්මල දරුවන්ට වස දීලා සිය දිවි නසාගන්නවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive