facebook like

‘මගේ ඉඩම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගෙන’ - සරත් ෆොන්සේකා

යුද ජයග්‍රහණයෙන් පසුව රජය මගින් තමන්ට පවරා දුන් ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්තනෝමතික ආකාරයෙන් පවරා ගෙන ඇතැයි හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණයට ගොණු කර ඇති පෙත්සමක් මගින් කියා සිටියි.

අද,බදාදා අභියාචනාධිකරනය ඉදිරිපිටදී සංදේශයට අදහස් දැක් වූ හිටපු යුද හමුදාපතිවරයා 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට රජය තීරණය කළ බවත් ඒ අනුව කොළඹ ,කිරි මණ්ඩල මාවතේ
ඉඩමක් තමාට ප්‍රදානය කළ බවත් සිහිපත් කළේය.

එහෙත් එම ඉඩම ආණ්ඩුව ආපසු පවරා ගැනීමට එරෙහිව ඉහත කී පෙත්සම ගොණුකළ බවයි හිටපු යුද හමුදාපතිවරයා පවසන්නේ.

එම පෙත්සම විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේ ඉඩම් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ, අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගෙන ඇති බවයි.

වන්දි ගෙව්වේ නැහැ
“එය නීති විරෝධී පවරා ගැනීමක්. ඉඩමක් පවරා ගනු ලබන විට ඒ ගැන අයිතිකරුට දැනුම් දිය යුතුයි. වන්දි ගෙවීමක් කළ යුතුයි. ඒ කිසිවක් නොකර ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ අසීමිත බලතල පාවිච්චි කරමිනුයි මේ පවරා ගැනීම හොර රහසේ සිදු කර තිබෙන්නේ” පෙත්සම්කරු වැඩිදුරටත් පවසයි.

ඉඩම පවරා ගනු ලැබීම සම්බන්ධයෙන් තමාට කිසිදු වන්දි ගෙවීමක් සිදු නොකළ බවත් ජනරාල් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.

එම පෙත්සම විභාග කිරීමට අධිකරණයේ අවසරය ලැබුණි.

පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන ජූනි දහනව වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අධිකරණය ඉඩම් ඇමතිවරයාට නියෝග කළේය.




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive