facebook like

ටෙලි නාට්‍යයක් පෙන්වගන්නත් මුදල් හා ලිංගික අල්ලස් දෙන්න වෙලා ..........ටෙලි නාට්‍ය කර්මාන්තයේ තවත් තිත්ත කතාවක්

වත්මන් ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ තිබෙනා ඇත්ත තිත්තය. මේ තිත්ත ඇත්ත කරළියට ගෙන සංවාදයට භාජනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි.
ප්‍රමාදවී හෝ අප එය තෝරාගත්තේ තවදුරටත් කලාවට ආදරය කරන පිරිස නියෝජනය කළ යුතු හෙයිනි. අද ඔබට අපි කියන්නේ ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ ඇති තවත් අල්ලස් ක්‍රියාවලියක් ගැනය.
මීට කෙලින්ම සම්මාදම් වන්නේ ඇතැම් රූපවාහිනී නාලිකාවල සිටින වගකිවයුත්තෝය. එසේත් නැත්නම් තැරැව්කරුවෝය. මේ දොගොල්ලන්ගේ එකඟතාවයෙන් යුතුව නිපදවෙන අවර ගණයේ ටෙලි නාට්‍ය බොහොමයක්
සාලයේ ක්‍රියාත්මක වන රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රේක්ෂකයන් ගේ ඇගේ ගසන බව රහසක් නොවේ.
අද ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකුට රූපවාහිනී නාලිකාවක තමාගේ ටෙලි නාට්‍යය පෙන්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. රූපවාහිනී නාලිකාවල ටෙලි නාට්‍යයක් පෙන්වා ගැනීම සඳහා ඇත්තේ විශාල තරඟයකි. ඒ තරමටම ටෙලි නාට්‍ය හැදෙන බැවිනි. එම තත්ත්වය මත අද රූපවාහිනි නාලිකා බොහොමයක 'බෙල්ට් එකක්' එසේත් නැත්නම් ටෙලි නාට්‍ය පෙන්වන්නට වෙලාවක් වෙන් කරගන්නේද විවිධ අල්ලස් මතය. ඒ අල්ලස් ලබාගන්නේ රූපවාහිනී නාලිකා බාරව සිටින ඇතැම් ප්‍රධානීන්ය. එසේත් නැත්නම් ඔවුන්වත් පාලනය කරනා දේශපාලනඥයන්ය. වගකිව යුතු නිලධාරීන්ය.
මේ අල්ලස් විවිධාකාරයි. එකක් මුදල්... තව එකක් තරුණ නිළියෝ. ඊළඟට මත්පැන්...
ඒ වගේම තමයි දේශපාලන හයිය... දේශපාලන ලොක්කෙක් අල්ල ගත්තහම ලෙහෙසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්...
මෙසේ කියන්නේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.
මේ කරුණු ප්‍රසිද්ධියේ කියන්න වුණත් මම කැමැතියි... ඒත් බැරි මගේ කට ඇරියොත් මාත් එක්ක එකතුවෙලා වැඩ කරපු අහිංසක   නිෂ්පාදක මහත්තයා අමාරුවේ වැටෙන නිසයි...
මොකද එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මම
අධ්‍යක්ෂණය කළ ටෙලි  නාට්‍ය අදාළ රූපවාහිනි ආයතනයෙන් නවත්වනවා. ඒ නිසා තමයි මේ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්න බැරි... එම ප්‍රවීණ අධ්‍යක්ෂවරයා කාරුණිකව කීවේය.
අද බොහෝ රූපවාහිනී නාලිකාවල වගකිවයුතු තනතුරු දරන ඇත්තන් ජීවත්වන්නේ ඔවුන් ලබනා මාසික වැටුපෙන් පමණක් නොවේ. මේ ආකාරයට ලබාගන්නා අල්ලස් ප්‍රයෝජනයට ගනිමිනි. එමෙන්ම ඇතැම් තරුණ නිළියන්ගේ පහස ලබා ගනිමිනි.
අපේ කාලයේ ටෙලි නාට්‍යයක් කරලා රූපවාහිනි ආයතනයකට බාර දුන්නහම ඔවුන් ඒක නරඹලා අපි එක්ක අඩුපාඩු කතා කරනවා... ඒ අඩුපාඩු හදාගත් පසුව අපට ටෙලි නාට්‍යය පෙන්වන දිනය දන්වනවා. අපත් සමග ගිවිසුමකට  එනවා...
ඒත් අද එහෙම නැහැ. අද ඒ වෙනුවට තිබෙන්නේ වෙනත්ම පරිසරයක්... මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළොත් අපිව කපලා දානවා... ආපහු ඉතිං ටෙලි නාට්‍යයක් පෙන්වන එක බොරු
බොහෝ ටෙලි නාට්‍ය රූපවාහිනි නාලිකාවලින් ප්‍රතික්ක්‍ෂේප වන්නේ ටෙලි නාට්‍යයේ ගුණාත්මකභාවය
පිළිබඳ ප්‍රශ්නයක් නිසාම නොවේ. එසේ ප්‍රතික්‍ෂේප වන්නේ මුදල් හෝ ලිංගික  අල්ලස්වලට අදාළ නිෂ්පාදකයා හෝ නිෂ්පාදිකාව නම්මා ගැනීමේ පරිසරය සකස් කර ගැනීම වෙනුවෙනි.
සමහරු කොයිතරම් ටෙලි නාට්‍යය හොඳ වුණත් මේක ඉහළ අයත් එක්ක කතා කරලා බලන්න ඕනෑ... කියලා මුලින්ම මග හරිනවා... එහෙමත් නැත්නම් මේක අපේ නාලිකාවට ගැළපෙන විදිහට නැහැනේ කියනවා. එහෙමත් නැත්නම් වචනයක් දෙන්නේ නැතිව කල් අරිනවා...
මේ වගේ වෙලාවට ඉතිං
නිෂ්පාදක මහතා දිගින් දිගටම අදාළ ප්‍රධානියා එක්ක කතා කරනවා. මෙන්න මෙතනදී තමයි ටෙලි නාට්‍යය පෙන්වන්න බැරි නියම හේතුව දිගහැරෙන්නේ...
නිෂ්පාදිකාව ගැහැනියක් නම්, නිළියක් නම් ඒ තත්ත්වය වෙනස් වෙනවා... ඒක ලිංගික අල්ලසක් ලබාගැනීමේ ක්‍රියාවලිය දක්වා දිග හැරෙනවා...
අප සමග අදහස් ප්‍රකාශ කළ තවත් තරුණ නිෂ්පාදිකාවක් කීවාය.
කෙසේ හෝ මේ ආකාරයේ අශුද්ධ අශෝභන ක්‍රියාවලින් සඳහා වක්‍රව හෝ කැමැත්ත පළ කරන අයට රූපවාහිනි නාලිකාවල ටෙලි නාට්‍ය 'බෙල්ට්' එක ලැබෙන්නේ ක්ෂණිකවය.
සමහර නිළියෝ දේශපාලනඥයන්ගේ උදව් උපකාර අරගෙන තමන් රඟපාන ටෙලි නාට්‍ය පෙන්නන්න වෙලාවක් ලබා ගන්නේ හරිම ජුගුප්සාජනක විදිහටයි. මේ දේශපාලනඥයින් සමග ඔවුන් පුදුමාකාර විදිහේ සබඳතා පවත්වනවා... සමහර වෙලාවට ආයතන ප්‍රධානීන්ට කරන්න බැරි වැඩ ඔවුන්ට කරන්න පුළුවන්.. මෙසේ කීවේ රුපවාහිනී නාලිකාවකට සම්බන්ධ කෙනෙකි.
අද බොහෝ රූපවාහිනි නාලිකාවල විකාශය වන ටෙලි නාට්‍යවල හරයක් නැත. කතාවක් නැත. චරිතවල ගැම්මක් නැත.
 මේ සියල්ල සිදුවන්නේ ටෙලි නාට්‍ය පිටපත තුළ ඇති දෝෂ නිසාය. ඇතැම් සිදුවීම් එකතැන පල්වෙයි. එකම තැන කැරකෙයි. මේ නිසාම ප්‍රේක්ෂකයා වල්මත් වෙයි.
අද ඉන්නේ අන්තර්ජාලය වැඩිපුර භාවිත කරන තරුණ පිරිසය. මැදිවියේ වැඩිහිටියන්ද එසේමය. මේ කාණ්ඩ දෙකම බොරුවෙන් රැවටිය නොහැකියි.
ඇතැම් ටෙලි නාට්‍යවල සියල්ලන්ම ජෝකර්ලාය. එසේත් නැත්නම් එකම වචනයක් යළි යළිත් කියමින් ප්‍රේක්ෂකයා තුළ බලහත්කාරයෙන් ජනප්‍රියවන්නට උත්සාහ දරන රූකඩය. මේ වැඩකට නැති රූකඩ දෙස බලාසිටින අපට සිනහ යන්නේ වෙනත් තැන්වලිනි.
කෙසේ හෝ මේ ආකාරයේ කාලය කා දමන ප්‍රේක්ෂකයාගේ බුද්ධිය හෑල්ලුවට ලක් කරන ටෙලි නාට්‍ය අපට මග පාදන්නේ පෙර කී ලිංගික හා මුදල් අල්ලස්කරුවන් නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
මේ වගේ ටෙලි නාට්‍යවලට ඉඩ ලැබෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්... ඒක ඔබට අපට පමණක් නමෛයි, රටේම ඉන්නා
ප්‍රේක්ෂක ජනතාවට තිබෙන ප්‍රශ්නයක්. එහෙමනම් දැන් පැහැදිලියි නේද මේ පිටුපස විශාල අකටයුත්තක් සිද්ධ වෙනවා කියලා... ප්‍රවීණ රංගන ශිල්පියෙකු එසේ කීවේය.
ටෙලි නාට්‍ය කලාව තුළට මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් උදාවී ඇත්තේ යම් යම් පුද්ගලයන් විසින් අධිකාරී බලයක් තමන් වෙත පවරාගෙන ඇති නිසාය. මේ අධිකාරී බලය පාලනය කිරීමට හෝ යම් ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට ලිංගික හා මුදල් අල්ලස්වලින් තොර වටපිටාවක් සකස් කිරීමට කිසිදු වගකිවයුතු කෙනෙකුට වුවමනාවක් නැත. ඒ නිසාම වත්මන් ටෙලි නාට්‍ය කර්මාන්තය අයා‍ලේ ගොස් ඇත. ඉඳහිට දකින හොඳ නිර්මාණයක් ඇරෙන්නට තකතීරු ටෙලි නාට්‍ය බොහොමයක් හා රඟපෑමක් නැති ඔහේ පාවෙන නළු නිළියෝ පිරිසක් නිරන්තරයෙන්ම දකින සෝදාපාළු ටෙලි නාට්‍ය දකින්නට ලැබෙන්නේ ද ඒ නිසාය.
අද කොයිතරම් හොඳ ටෙලි නාට්‍ය නිර්මාණය වී තිබෙනවාද? නමුත් ඒවා පෙන්වා ගන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි. මේකට විසඳුම් හොයන්න නම් අල්ලස් දිය යුතුමයි. දැන් බොහෝ රූපවාහිනී ආයතන ඒ තත්ත්වයට පත්වී හමාරයි...
රූපවාහිනී බලධාරීන්ට කරන මේ සියලු චෝදනාවලට උත්තර දිය යුත්තේ ඔවුන් විසින්මය. ඒ සඳහා ඕනෑම මොහොතක ඉඩකඩ ලබාදීමට අප සූදානම්ය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive