facebook like

වැඩිමල් තරුණියක්‌ හා විවාහ වනවාට විරුද්ධවූ මව හා පියා මැරූ පුතා

මහලු මව පියා මැරූ ගොළු පුතාට වසර 12 කට බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලබාදීමටත්, රුපියල් දස දහසක දඩයක්‌ ගෙවීමටත් ගාල්ල දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා විසින් නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ ගාල්ල රත්ගම කටුදම්පේ කඩේවත්ත ප්‍රදේශයේ වත්තේ පදිංචිව සිටි පැස්‌කුවල් හන්දි රංජන් සිල්වා නමැති වයස අවුරුදු 35 ක අයෙකි. ඉකුත්
විසිතුන්වන දින ගාල්ල දකුණු පළාත් බද මහාධිකරණය වෙත කැඳවූ නඩුව විභාග කෙරිණි. මෙහිදී ගොළු භාෂාව පරිවර්තනය කිරීමට සංඥ භාෂා පරිවර්තකයෙකුද කැඳවා තිබිණි. විත්තිය වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ නැත. පැමිණිල්ල වෙනුවෙන් රත්ගම පොලිසිය හා රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය ඉදිරිපත් වූවාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රත්ගම පොලිසිය මගිනි. එහිදී සැකකරු වැරැද්ද පිළිගත්තාය.

තම වයසට වඩා වැඩි වයසින් යුත් මනාලියක්‌ විවාහ කරගන්නවාට විරෝධය පළ කළ දෙමාපියන් මෙසේ පුතා විසින් මරා දමනු ලැබීය. මෙසේ මරා දමනු ලැබුවේ කොට්‌ටාදුරගේ හිනිමල් හාමි මව හා පැස්‌කුවල් හන්දි වැරලිස්‌ සිල්වා යන පියාය.

ගාල්ල මහාධිකරණයේදී මෙම නඩුව විභාග වෙමින් තිබුණේය. 2000 වර්ෂයේ දෙසැම්බර් 01 වන දින ගාල්ල රත්ගම කටුදම්පේ කඩේවත්ත ප්‍රදේශයේ වත්තේදී සිය මව හා පියා මරා දමනු ලැබූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙමින් තිබිණි. රැකියාවෙන් කරනවෑමියෙක්‌ වූ මෙම සැකකාර ගොළු තරුණයා තම වයසට වඩා වයසින් වැඩිමහල් තැනැත්තියක්‌ විවාහ කර ගන්නවාට සැකකරුගේ දෙමපියෝ විරුද්ධ වූහ. මේ සිද්ධිය නිසා සිය මව හා පියා සිය පුතු විසින් මරා දමනු ලැබ තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive