රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.
දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
අද මත් උවදුර ත්‍රස්තවාදයටත් වඩා භයානක වී තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා (එ.ජා.ප.) පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවැසීය.
පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පස්වරු
1.00ට රැස්විය.
රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කල්තබන ලද විවාදය යළි ආරම්භ විය.''
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා (එ.ජා.ප.)
මත්කුඩුවලින් සිදුවන්නේ මනස විකෘතිවීමයි. අපේ තරුණ පරපුර මත්කුඩු සඳහා ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී තිබෙනවා.
ත්‍රස්තවාදයටත් වඩා මත්කුඩු උවදුර අද භයානක වී තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය ජනතාභංගත්වයට පත්ව තිබෙන බව සහතික කර කියනවා.
ලංකාවේ වසරක හෙරොයින් ඉල්ලුම කිලෝග්‍රෑම් 1,000ක් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අවුරුදු හතර පහ ඇතුළත ගුවන් මඟින්, කුරියර් මඟින් ලංකාවට හෙරොයින් රැගෙන එන තත්ත්වයට පත්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.
යුද්ධයෙන් පසු සංචාරක මධ්‍යස්ථානය වෙනුවට කුඩු බෙදාහරින මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන බව චීනය කියනවා.
ආණ්ඩු පක්ෂයෙන්- කවුද ඕව කියන්නේ?
කබීර් හෂීම් මහතා
ජාත්‍යන්තර මාධ්‍යවලින් කියල තියෙනවා. මම මේක සභාගත කරනවා.
(කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා මූලාසනයට පැමිණියේය.)
කබීර් හෂීම් මහතා
ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය 2009න් පස්සෙ වැඩිවෙලා තිබෙනවා. ත්‍රස්තවාදී කාලේ කේ.පී. තමයි මත්ද්‍රව්‍ය ජාවාරම කළේ. එල්.ටී.ටී.ඊ. එකෙන් අල්ල ගත්ත නැව් ටික කෝ? මොකද වුණේ?
දේශය රකින බව කියපු චින්තන කාරයෝ අද මොකක්ද කරන්නේ? වෙසක් කූඩු අද මෙහේ හදන්නේ නැහැ. වෙසක් කූඩු අද චීනයෙන් ගෙනැල්ල තිබෙන්නේ? වෙස්මූණු චීනයෙන් ගේන්නේ. මේ රටේ සාරධර්ම විනාශ වෙලා.
මේ ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුවේම ඇමැතිවරයකු විශ්වාසභංගයක් ගිය සුමානේ ගෙනවා. මහින්ද චින්තනය ඉදිරියට ගෙනයන්නේ බටහිර රටවල ආර්ථික ඝාතකයන්ය කියලා ඒ ඇමැතිතුමා කීවා.
මානව සම්පත් පිළිබඳ ජේයෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා
මේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන්නේ අවුරුදු විස්සකට පස්සෙයි. මේ විශ්වාසභංග යෝජනාව බොළඳ, බොල්, කිසිදු සාක්කියක් නැති යෝජනාවක්.
ඇත්තවශයෙන්ම, මත්ද්‍රව්‍ය සම්බන්ධව යෝජනාවක් ගෙනාවනම් මම ඒකට එකඟ වෙනවා. මේක දේශපාලන වශයෙන් ගෙනාපු විශ්වාසභංග යෝජනාවක්. මත්ද්‍රව්‍ය අද මෙරටට සීමාවූ දෙයක් නෙවි. එය කලාපීය ප්‍රශ්නයක්. මේ කලාපයේ මත්ද්‍රව්‍ය පටන් ගත්තේ 1980 ඉඳලයි. 1977 විවෘත ආර්ථිකය ආරම්භ කළාට පසුවයි 1980 මෙය ආරම්භ වුණේ.
මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කරන්න මෙවැනි යෝජනාවක් ගෙනැවිත් අවස්ථාව ලබාදීම ගැන එක්සත් ජාතික පක්ෂයට මම ස්තුතිවන්ත වනවා. අවුරුදු විස්සක් තිස්සේ විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට නොහැකිවීම විපක්ෂ නායකතුමාගේ අකාර්යක්ෂමකමක්ද කියලා හිතෙනවා.
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා (දෙ.ජා.ස.)
උතුරු පළාතේ වසර 18ට අඩු ළමයින්ට බියර් ලබාදෙනවද කියල අහන්න සිදුවී තිබෙනවා.
අද උතුරු පළාතේ මත්ද්‍රව්‍ය ලබාදීම ක්‍රියාත්මකව තිබෙනවා. වැලිඔය ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙක් පැහැරගෙන ගොස් මරාදමා තිබෙනවා. මේ රජය කරන්නේ කුමක්ද කියා උතුරු පළාතේ සිදුවන දේ නිසා අහන්න සිදුවී තිබෙනවා.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා
දෙමළ ජාතික සන්ධානයේ පදනම හදාගත්තේ මත්ද්‍රව්‍යවලිනුයි. නමුත් අද මෙහි මත්ද්‍රව්‍ය ගැන බොරුවට කතා කරනවා.
අපට දැන් නිදහස් රටක් තිබෙනවා. මේ නිදහස ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා නැවත වරක් ස්තුතිකරනවා.
දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තුවන්නේ ඔවුන්ගේ ජනතාව විනාශවනු දැකීමයි. ඔවුන් තමන්ගේ ජනතාව වෙනුවෙන් බොරුවට කඳුළු සලන පිරිසක්. මරා දැමූ දෙමළ ජාතිකයන් කිසිවකු ගැන ඔවුන් සිහිකරන්නේ නැහැ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා (එ.ජා.ප.)
අද රාජ්‍ය අනුග්‍රහය කුඩු ජාවාරමට ඉහළින්ම ලැබෙනවා. මතට තිත වෙනුවට තිතට කුඩු තිබෙනවා.
කුඩු මැඬලීමට වෙනම අමාත්‍යංශයක්, ජනාධිපති කාර්යාංශයක් පත්කරන ලෙස ඉල්ලනවා.
කැසිනෝ සමඟ කුඩු සම්බන්ධ බව කියන්න ඕන. කැසිනෝ නැතිකරන්න කටයුතු කළේ රණසිංහ ප්‍රේමදාසයි.
කටමැත ෙදාඩවන්න එස්.බී. අද මගේ පියාට මඩ ගහනවා. ජනපති සිහිනය බොඳවීම නිසා එතුමාට හිතට වේදනාවක් ඇති. ඒක වෙනම කතාවක්. නමුත් මිනිසුන්ට මෙහෙම මඩගහන්න දෙන්න බැහැ.
පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා
මේ විශ්වාසභංග යෝජනාව කොයිතරම් අසාර්ථක යෝජනාවක්ද කියලා ඩිව් ගුණසේකර ඇමැතිතුමා පෙන්වා දුන්නා.
රජයකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ, එය ජයග්‍රහණය කරල රජය පරාජයට පත්කරල මැතිවරණයකට යන්නයි. මේ යෝජනාව ජාත්‍යන්තරයට අෑඳලා ගෙනආපු ඉතාම අසාර්ථක යෝජනාවක්.
ඉදිරි මැතිවරණයකදී, සටන් පාඨයක් කරගන්න මෙවැනි යෝජනාවක් ගෙනැවිත් ඇති බවයි අපට සිතන්න පුළුවන්.
මත්ද්‍රව්‍ය කලාපීය වශයෙන් වැඩියෙන්ම ප්‍රචලිත වුණේ කොයි රටවලටද? ත්‍රස්තවාදය පවතින රටවලයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වුණේ? ත්‍රස්තවාදය නිසා කුඩු ජාවාරම වැඩිවූ බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්න පුළුවන්.
ත්‍රස්තවාදය තිබෙන සෑම රටකම සල්ලි එකතු කළේ සම්පත් සොයා ගත්තේ කුඩු ජාවාරම්වලින්. ලංකාවේ ත්‍රස්තවාදය තිබුණානම්, තමුන්නාස්සේලාට මෙහෙම යෝජනාවක් ගේන්න ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරල තිබෙද්දී තමයි මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර මහතා (ප්‍ර.ජා.ස.)
මේ ආණ්ඩුව විශ්වාසය කඩකරල තියෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නෙවි.
මේ ආණ්ඩුව අධ්‍යාපන අයිතිය නැතිකරල, ජීවන වියදම සම්බන්ධව, අනෙකුත් සෑම ක්‍ෂේත්‍රයක් සම්බන්ධව විශ්වාසය කඩකරල තියෙනවා. මේ රටේ ජනතාවගේ හැම ක්‍ෂේත්‍රයකම විශ්වාසය කඩකරල තියෙනවා.
අද ජනතාව විවිධ ක්‍රියාකාරකම්වලින් මේ ගැන විරෝධය පළකරන්න පටන්ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාලනයත්, ප්‍රතිපත්තියත් තමයි අද මේ රජයත් කරගෙන යන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේවගේ විශ්වාසභංග යෝජනාවක් ගේන්න අයිතියක් නැහැ.
පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා
තමුන්නාන්සේලාට එල්ලෙන්න වැල් නැතිව මේ බොරු චෝදනා එල්ල කරල යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. ත්‍රස්තවාදයත් සමඟ මත්කුඩු සම්බන්ධවයි. ත්‍රස්තවාදීන් මුදල් එක්රැස් කළේ මත්කුඩුවලිනුයි.
ජෝසිම් ගැන කතා කළා. ජෝසිම් ලංකාවට ගෙනාවේ කවුද? ජෝසිම් යැව්වේ ප්‍රේමදාස මැතිනියත් සමඟ මුදල් ගනුදෙනුවක් නිසයි. ජෝසිම් ගෙනාවෙත්, යැව්වෙත් ප්‍රේමදාස මහත්තයා. ගෙදර අර්බුදයක් නිසයි ජෝසිම් යැව්වේ.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා (එ.ජා.ප.)
තම ජනතාවගේ දරුමල්ලන් කුඩුවලට ඇබ්බැහිවී සිටියදී පවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දක්ෂ කථිකත්වයෙන් එවැන්නක් සිදුනොවන බව කියන්න උත්සාහ කළා. කුඩු අල්ලනවා කියන්නෙ කුඩු ගේන නිසා නේද? කුඩු ලංකාවේ තියෙනවා. (බාධා)
අනිත් අය කතා කරනවිට බාධා කළේ නැහැ. දැන් මට බාධා කරමින් කෑගහන්නේ ඇයි කියා ජනතාව හොඳට අවබෝධ කරගනියි. මගේ යාළුවා මෙච්චරට කෑගහන්නේ ලොකු ගාණක් එනවා ඇති. පළාත් සභා ඡන්දෙදි වැඩිපුර පෝස්ටර් ගහන්නෙ කුඩුකාරයන්ගෙන් සල්ලි ලැබෙන අය කියා ජනතාව දන්නවා. හොඳට නාවික බලය තරවී ඇත්නම් මේ තරම් කුඩු එන්නේ ඇයි?
වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා
මේ ඉන්නෙ පාර්ලිමේන්තුවේද නැත්නම් වැල්ලවත්තෙ සිනමාහලකද කියා කිහිපදෙනෙක් මගෙන් විමසුවා. පාර්ලිමේන්තුවේ කතා කරන රීති මාලාවක් තිබෙනවා. අඳින ඇඳුමක් තිබෙනවා. පාර්ලිමේන්තුවට අගෞරවයක් ගෙන දෙන ආකාරයට හැසිරීම පාර්ලිමේන්තුව නිර්මාණය කළ එ. ජා. ප.යේ අභාවයටත් හේතු වෙනවා.
මේ විශ්වාසභංගයට විපක්‍ෂ නායකගේ අස්සන නැහැ. සජිත් ප්‍රේමදාසගේ අස්සනත් නැහැ. කුඩු ලංකාවට ආවේ 1977න් පසුව. විවෘත ආර්ථිකය සමඟයි. පාතාලය බිහි වූයේ කොහොමද? ස්ත්‍රී දූෂණයට වැරැදිකරුවෙක්ව සිටි ගෝනවල සුනිල් හිරෙන් නිදහස් කර සාම විනිසුරුකමක් දුන්නේ එ. ජා. ප. යයි. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ බැද්දගානේ සංජීවලා හිටියා. අරවා වැරැදි නම් ඒවාත් වැරැදියි. අපේ ජනාධිපතිතුමාට එකම චණ්ඩියෙක්වත් හිටියේ නැහැ. එතුමාට හිටියේ රණවිරුවන් පමණයි. ත්‍රිවිධ හමුදාව හා පොලිසියටයි රටේ ආරක්‍ෂාව බාරදී තිබෙන්නෙ. මත්ද්‍රව්‍ය වැරැදි වෙනුවෙන් වෙනම මහාධිකරණයක් ඇති කළේ මේ ආණ්ඩුවයි.
2002 සිට 2003 දක්වා මත්පැන් බලපත් 137ක් නිකුත් කර තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලෙදියි. එහෙත් 2005 සිට මේ දක්වා අපේ ආණ්ඩුව එකම මත්පැන් බලපත්‍රයක් නිකුත් කර නැහැ.
ජානක බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා (ප්‍ර. ජා. ස.)
මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ඇඟිල්ල දික්වෙනවා. අප එකිනෙකාට ඇඟිල්ල දික්කර ඉතිහාසය ගැන කියා මඟ හරින්න ගැළවෙන්න බැහැ. ජනතාව හොඳින් බලා ඉන්නවා. මත් උවදුර නැති කිරීම සඳහා රටට ආදරය ඇති ඇමැතිවරයෙක් පත් කරන්න. විමල් වීරවංශ ඇමැතිවරයා කීවා වගේ මේක අමන ආණ්ඩුවක්.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බව 1984 මත්ද්‍රව්‍ය පනත ඉදිරිපත් කරමින් වින්සන්ට් පෙරේරා ඇමැතිවරයා කීවා. මත්ද්‍රව්‍ය උවදුර බෙහෙවින් වැඩිවන නිසා එය පාලනය සඳහා දණ්ඩනය වැඩි කිරීමටයි එදා ඒ පනත ගෙනාවේ. ඉතිහාසය එයයි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා
විශ්වාසභංග යෝජනාවේදී විවිධ කරුණු කියැවුණා. ඒවා මඩ.
සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලියුමක් ගැහුවාම ඒක සමස්ත ආණ්ඩුවට අදාළ කිරීම හරිද? ගෑනු මිනිස්සු එකට ගියාට මට ප්‍රශ්නයක් නැහැ. ඒක පෞද්ගලික කරුණක්. එහෙත් එ. ජා. ප. යෙ. කෙනෙක් පිරිමි පිරිමි එකට ගියොත් ඒ සඳහා සමස්ත එ. ජා. ප. යට අදාළ කළ හැකිද? එක් අයකු සිදු කරන දෙයක් සමස්තයටම ආරෝපණය කරන්න බැහැ.
මේ විශ්වාසභංගයෙන් රටට අවමානයක් සිදු වුණා. අප සමඟ ජිනීවාහි සිටි පාකිස්තානයට ඇෆ්ගනිස්තානයට තමුන්නාන්සේ විශාල අවමානයක් කළා.
ඡන්ද ළඟ එන නිසා සිංහල බෞද්ධ මැද පන්තියට විශ්වාසභංගයෙන් ආමන්ත්‍රණය කරන්නයි හැදුවේ.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා (එ. ජා. ප.)
ඔබතුමාලගේ උෟව පළාත් සභා මන්ත්‍රිවරයෙක් හෙට අප සමඟ එකතු වෙනවා. අප දන්නවා තුනෙ දෙකක් තිබෙන විට දිනන්න බැරි බව. එහෙත් අප ඉටු කළේ රටට යුතුකමක්. විමල් වීරවංශ, චම්පික රණවක ඇමැතිවරු කෝ? ස්වාමින්වහන්සේ කෝ?
දැන් කුඩු බොන්න ආර්ථිකයක් නැහැ. ඒ නිසා කුඩ්ඩෝ ටික හොරකම් කරනවා. එවිට අහුවෙනවා. කුඩුකාරයෝ ආරක්‍ෂා කිරීම ගැන හෝමාගම, මහරගම, බොරැල්ල පොලිසිවලට චෝදනා තියෙනවා.
කේ. පී. කුඩු ජාවාරම්වලට අවශ්‍ය බව ඉන්ටර්පෝල් පොලිසිය කියනවා. බාර නොදුන්නෙ ඇයි?
(ඝෝෂා)
ආණ්ඩු විරෝධී කණ්ඩායමක් ඉන්න බව විශ්වාස භංගයේදී ඔප්පු වුණා.
යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජය විය.
පාර්ලිමේන්තුව අද (22දා) ප. ව. 1.00ට යළි රැස්වේ.

0 comments:
Post a Comment