පසුගිය සතියේ කාටුන් ශිල්පීන්ට හොඳ 'දේශපාලන බයිට්' එකක් ලැබී තිබිණි. රාජපක්ෂ පවුලේ දේශපාලන ලේකම් බැසිල් රාජපක්ෂ බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඊළඟ බස්නාහිර මහ ඇමැති යැයි කියද්දී සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් තවම මහ ඇමැති නම් කර නැතැයි කීම ඒ දේශපාලන බයිට් එකය. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ වචනයට අභියෝග කිරීමට සුසිල් ප්‍රේම්ජයන්ත්ට
හයියක් ලැබුණේ කොහොමද යන්න කාටුන් ශිල්පීන්ගේ පමණක් නොව දේශපාලනය තේරෙන හැමෝගේම මාතෘකාව විය. බැසිල්ගේ වචනයට අභියෝග කරන්න සුසිල් එහෙම කිව්වාය කියලා හිතන්න බැරිය. සුසිල් කට කහනවාට එහෙම කිව්වා කියලා හිතන්නටත් බැරිය.
"මහින්ද සුසිල්ට කියන්න ඇති එහෙම කියන්න කියලා...."
මේ හැමෝම වගේ කියන කතාවය.
"ඒ වුණාට මහින්ද සුසිල් ලව්වා බැසිල්ගේ වචනේ බොරු කරයිද....?"
සමහරු මෙහෙම අසති.
"ඕක හෝම් ඇන්ඩ් හෝම් ගේම් එකක්. බැසිල්ට ඕනා ගම්පහ ගොඩදාගන්න. ඒකට ගම්පහට මහ ඇමැතිකම දෙනවා කියනවා. මහින්දට ඕනෑ කොළඹ ගොඩ දමාගන්න. ඉතින් සුසිල් ලව්වා මහ ඇමැති තීරණයක් නැහැ කියනවා. ඡන්දෙ ඉවර වුණාම පවුල එකතු වෙලා තීරණයක් ගනියි..."
මේ යූ.ඇන්.පී.කාරයෙක් කීව කතාවය.
පසුගිය සබරගමු පළාත් සභා ඡන්දයේදීත් බැසිල් මෙවර මහ ඇමැතිකම කෑගල්ලට යැයි කීවේය. බැසිල් කීවේ මහ ඇමැති මහීපාල හේරත් කියලාය. මහීපාල හේරත් හිටපු මහ ඇමැතිය. ඒත් ආණ්ඩුව නිවේදනයක් කළේ සබරගමු මහ ඇමැති තවම තෝරා ගෙන නැහැ කියලාය.
"බස්නාහිර වෙන්නෙත් ඒකයි. බැසිල් කියන එක වෙයි...."
සබරගමුවට බැසිල් දුන් වචනය දන්නා අය කියන්නේ එහෙමය.
මහ ඇමැති ධුරය සඳහා බැසිල් සහ සුසිල් වචන හුවමාරුව විග්‍රහ කරල ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙක් අපූරු කතාවක් කීවේය.
"මමත් දැක්කා ඔය කතාව පත්තරයෙන්. මට ඒක දැක්ක හැටියේ මතක් වුණේ 1989 කොළඹ නගර සභා ඡන්දය. කොළඹ නගර සභා ඡන්දයේදී නගරාධිපතිකමට තුන්කොන් සටනක් තිබුණා. එක්කෙනෙක් රත්නසිරි රාජපක්ෂ. අනෙකා ගනේෂලිංගම්. තුන්වැන්නා හුසේන් මොහොමඩ්. එම්.එච්. මොහොමඩ්ගේ පුතා. ජනාධිපති ප්‍රේමදාසට ඕනෑ වුණේ තමා දේශපාලනයට ගෙන ආපු රත්නසිරි රාජපක්ෂව නගරාධිපති කරන්න. කුරේ මේකට කැමැති වුණේ නැහැ. කුරේ එතකොට පක්ෂ මහ ලේකම්. කුරේ බය වුණා. එයත් ප්‍රේමදාසගේ මිනිහෙක්. රත්නසිරිත් ප්‍රේමදාසගේ මිනිහෙක්. රත්නසිරි නගරාධිපති වුණොත් එයාට නගර සභාවේ කන්ට්‍රෝල් එක නැතිවෙයි කියලා කුරේ බය වුණා. කුරේට ඕනෑ වුණා ගනේෂලිංගම්ව නගරාධිපති කරන්න. ලලිත් ඇතුලත්මුදලි මේ දෙන්නටම අකැමැති වුණා. 89 මහ ඡන්දයෙන් ලලිත් ආවේ කොළඹ එකට. දෙකට ආවේ කුරේ. ලලිත්ට කුරේට ෂොට් එකක් දෙන්නත් ඕනෑ වුණා. ප්‍රේමදාස කොළඹට දාන්න යන රත්නසිරිට තටු එනවටත් ලලිත් කැමැති වුණේ නැහැ. ලලිත් රත්නසිරිටයි ගනේෂලිංගම්ටයි දෙන්නාටම විරුද්ධ වුණා. ලලිත්ගේ තේරීම වුණේ මොහොමඩ්ගේ පුතා. ලලිත් මොහොමඩ්ගේ පුතාව දැක්කේ ජේ.ආර්.ගේ යූ.ඇන්.පි.යේ සංකේතයක් විදියට. මොහොමඩ්ව නගරාධිපති කළාම කොළඹ නගරයට බහින්න තමන්ට තර්ජනයක් නැහැ කියලයි ලලිත් ගණන් හැදුවේ. ජ.වි.පෙ. මර්දනයෙන් පස්සේ හොලවන්නත් බැරි තරමට ශක්තිමත් වූ එ.ජා.ප. ආණ්ඩුව ඇතුළේ මේ නගරාධිපති ගැටුම කැපිලා පෙනුණා. තුන්දෙනා තුන් පැත්තට ඇද්දා. තමාගේ මිනිහා රත්නසිරිට තමන්ගේම මිනිහකු වන කුරේ සහාය නොදීම ප්‍රේමදාසටත් පුදුමයක් වුණා. ප්‍රේමදාස ඒ වෙලාවේ අසරණ වෙලා හිටියේ. කොහොම හරි ඡන්දෙන් වැඩිම මනාප ගත්තේ රත්නසිරි. ප්‍රේමදාස පැනලා රත්නසිරිව නගරාධිපති කළා. ඒකෙන් මොහොමඩ් වැටුණා. මොහොමඩ් එක්කම මොහොමඩ්ගේ පුතාට කැම්පේන් කරපු ලලිත් ඇතුලත්මුදලිත් වැටුණා. එතකොට මොහොමඩ් කතානායක. මේක මොහොමඩ්ට ලොකු මදිපුංචිකමක්. මේ වෙනකොට අගමැතිකම නොලැබිලා ලලිත් හිටියෙත් අප්සෙට් එකෙන්. ප්‍රේමදාස තමාට ගහන්න කුරේ විතරක් නෙවේ කොළඹ තව පුංචි ප්‍රේමදාසලා හදනවා කියලයි ලලිත්ට හිතුණේ. මොහොමඩ් සහ ලලිත් ඉස්සර යාළු නැහැ. හැබැයි මේ වැඩෙන් පස්සේ ප්‍රේමදාසට පාඩමක් උගන්වන්න යාළු වුණා. එතැන තමයි දෝෂාභියෝගයේ ආරම්භය...."
ඔහු කියාගෙන ගියේය.
"හොඳයි.... ප්‍රසන්නට මහ ඇමැතිකම නොලැබුණොත්...."
හිටපු ඇමැති එක්ක කතාවට වැටුණ කෙනා ඇසුවේය.
"මට පේන විදියට බැසිල් කිව්වොත් ඒක වෙනවාමයි....."
හිටපු ඇමැති කීවේය.
"නොවුණොත්....?"
අහපු ඒ ප්‍රශ්නයට නම් ඔහුටත් උත්තරයක් තිබුණේ නැත.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

susil hondai kivvath varadi---heeeeeee
ReplyDeletebasil hondai kivvath varadi....hoooooo
enisa nangiye malliye pavasami dedenama marayo kiyaa