facebook like

ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර බූරුවෙකු සමග බැනගනී --- බොරු අනාවැකි (Audio)

මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා...
Dec 20, 2012 - චන්ද්‍රසිරි බණ්ඩාර බූරුවෙකු සමග බැනගනී,
එෆ් එම් චැනල් එකකින් 2013 පිටසක්වල ප්‍රහාරයක් ගැන කියන්න ගොස් චන්ද්‍රසිරි බණ්ඩාර බූරුවෙකු සමග බැනගනී...
2012දී ලෝක විනාශයක් සිදු නොවන බවත් සත්‍ය වශයෙන්ම සිදුවනු ඇත්තේ ලබන වසරේ එනම් 2013 දී පිටසක්වල ආක්‍රමණයක් බවත් කියන ප්‍රකට ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ගුවන්
විදුලි වැඩසටහනකට එක්වෙමින් අසන්නෙකු සමග වාදයකට පැටලූණා...

2013දී එවැන්නක් විය හැකි යයි පිළිගන්නට නොහැකි බවට නිහාල් නමැති අසන්නා සෘජුවම ප්‍රකාශ කළ විට කෝපාවිශ්ඨවූ චන්ද්‍රසිරි මහතා ඔහුට සජීවී වැඩසටහනේදී ප්‍රසිද්ධියේ බැණ
වැදුනේ බූරුවෙකු යයි කියමිනි...

එම සාකච්චාවට සවන් දෙන්න පහතින්.

නිහාල් නමැති අසන්නා:
ආයෝබෝවන් ඔබතුමන්ලාට...බණ්ඩාර මහත්තය අතීතයේ දේවල් මව මවා පෙන්නන්න හදනවා...අතීතයේ රහතන් වහන්සේලා හිටියට දැන් රහතන් වහන්සේලා නැනේ . ඒ වගේ ඔය සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙවෙයි. මනුෂ්‍ය විනාශයක්.

ඉතින් ඔය කියන විදියට 2013 දී එහෙම දෙයක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.එක බුදු බැනේ තියෙනවනේ කල්ප ගානක් ගිහිල්ල සිද්ද වෙන්නේ කියල. කල්ප ගානක් පෙරුම් පුරලා බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ කල්ප ගැනම යන්න ඕන විනාස වෙන්න.ඒ වගේම ඉතින් එයා කියන දේවල් නම් පිළිගන්න අමාරුයි (සිනාසෙමින්)

චන්ද්‍රසිරි බණ්ඩාර:
නිහාල් මහත්තය අනේ කියන්නකෝ මම කියපු දේවල් වලින් පිළිගන්න බැරි මොකද්ද කියල. එක කිව්වනම් මට එක තේරුම් කරලා දෙන්න පුළුවන්.

නිහාල් නමැති අසන්නා :
ඇයි මහත්තයෝ ඕක හරියටම 2013 වෙනවයි කියල නිගමනේ කරන්නේ කොහමද?

චන්ද්‍රසිරි බණ්ඩාර :
මොකද්ද ඉතින් ? හරියටම කියන්නකෝ ඉතින්

නිහාල් :
ඕක දැන් ගොඩක් අය කිව්වා එකක් ....

චන්ද්‍රසිරි බණ්ඩාර :
හරි හරි මම කිව්වා එකක් කියන්න.තේරුම් ගන්න.මේ චන්ද්‍රසිරි බන්ඩාර කියන්නෙ තවත් පාදඩ කේන්දර කාරයෙක් නෙමෙයි නිහාල් මහත්තයා.ඒ නිසා මොළේ ඇතිව අහන්න.

අපේ කාලය නාස්ති කරන්නෙ නැතිව.පේ‍්‍රක්ෂකයෙක් හැටියට සවන්දෙන්න..තේරුම් ගන්න..මම කිසිම තැනක කියල නැහැ මේ ලෝක විනාශය වෙනවයි කියල.මම සියලූ බූරුවන්ට කියන්නෙ. මම ඒ ගොඩට දැන්න එපා කියල.

නිහාල් බැරි නම් මොන බූරුවෙක් වුණත් තේරුම් ගන්නවා..තමුසෙ හරියට අහගෙන කතා කරනවා..මං මේ මුළු රටටම ඇහෙන්න කියන්නෙ. තක්කඩි මෝඩ ම්ලේච්ඡු ප‍්‍රාථමික ගණයේ මිනිහෙක් හැටියට වැඩ කරන්න එපා කියල මම කියන්නෙ

චන්ද්‍රසිරි බණ්ඩාර සියලු බුරුවන් ඇමතු කතාව අහන්න පහලින්


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive