facebook like

මාධ්‍ය වාර්තා ගැන මහේල 'කම්පා වෙලා'

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තමන් සම්බන්ධයෙන් පළ කොට තිබූ වාර්තා පිළිබඳව දැඩි ශෝකයටත්, කම්පනයටත් පත් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.

ඇතැමුන් සිතාමතාම සිය ජීවිතය දුෂ්කර කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරන්නේ බංග්ලාදේශයේ විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි
වෙමින් සිටින අතරවාරයේ මෙතැන ඔබන්න​ ට්විටර් පණිවුඩයක් යවමින්.
ලෝක කුසලානය හමාරයේ විස්සයි විස්ස පිටියෙන් සමු ගන්නා බව මහේල ජයවර්ධන සඳුදා ප්‍රකාශයට පත් කළ අතර, කුමාර් සංගක්කාර සිය සමු ගැනීම සෙනසුරාදා නිවේදනය කොට තිබුණි.

කෙසේ නමුත් ඔවුන්ගේ සමු ගැනීම තමන්ට දැනුම් දී නැති බවයි, ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කොට තිබුණේ.
ක්‍රීඩකයන්ගේ මානසිකත්වය

විශේෂයෙන්ම තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය හිටපු නායකයන් දෙදෙනාගේ හදිසි නිවේදනය හඳුන්වා දී තිබුනේ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසින්. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව 'Sanga, Mahela betrayal shocks SLC,' මැයෙන් ඩේලි මිරර් පත්‍රය වාර්තාවක් පළ කොට තිබුණි.

මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවුඩය මගින් විරෝධය පළ කොට තිබෙන්නේ එම වාර්තාවට බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

විශේෂයෙන්ම ලෝක කුසලානයකට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන ආකාරයේ ප්‍රශ්න නොඅසන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි තේරීම් කමිටු සභාපතිවරයාම ක්‍රීඩකයන් දැඩිව විවේචනය කිරීම පිණිස මාධ්‍ය යොදා ගැනීමේ සදාචාරය කුමක්දැයි එක් ක්‍රීඩා වාර්තාකරුවෙක් සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ජනමාධ්‍යද මෙවැනි වාර්තා පළ කිරීමෙන් වැලකී සිටිය යුතු බවයි, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ අදහස වී තිබුණේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive