දකුණු සහ බස්නාහිර පළත් සභා මැතිවරණයට ස්වාධින කණ්ඩායම් 42 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1350 කගේ රුපියල් ලක්ෂ 27 ක මුදලක් ඇප මුදල් ලෙස රාජසන්තක ව තිබේ. දිස්ත්‍රික්ක මට්ටමින් ගැනෙන සමස්ත ප්‍රතිඵලයේදි ඡන්ද ප්‍රමාණය 5 කට වඩා අඩුවෙන් ලබා ගන්නා ස්වාධින කණ්ඩායම්වල ඇප මුදල් රාජසන්තක කිරිමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත මැතිවරණ නීතියෙන් බලය
පවරා ඇත.
මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් 42 න් එක් කණ්ඩායමකටවත් එම ඡන්ද ප්‍රතිශතය හෝ එය ඉක්මවා යාමට නොහැකිවිම නිසා ඇප මුදල් රාජසන්තකව තිබේ. එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 2000 බැගින් අපේක්ෂකයන් 1350 දෙනෙක් ඇප මුදල් තැන්පත් තැනප්ත කර තිබු අතර එම මුදල් සියල්ල මේ වන විට රාජසන්තකව ඇතැයි මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයන් 473 දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත කළ රුපියල් 946000 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 387 දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 774000 ක මුදලක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 225 දෙනෙකු තැන්පත් කළ රුපියල් 450000 ක්ද මෙලෙස ඇප මුදල් රාජසන්තකව තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100 දෙනෙකුගේ ඇප මුදල් ලෙස රුපියල් 200000 ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 5 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 200000 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 68 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 136000 ක්ද රාජසන්තක ව ඇත.

0 comments:
Post a Comment