ධනංජය සිරිවර්ධනගේ විවාහයට සියල්ල සූදානම්?
ඔව්, 2014 අප්‍රේල් 04 වැනිදා කොළඹ රිංග්ස්බරි හෝටලයේ දී මගේ මංගල උත්සවය පැවැත්වෙනවා.
ඔබ එදාට සැරසෙන්නේ...?
මම ඉස්සර ඉඳලාම බටහිර පන්නයට ටිකක් කැමතියි. මංගල්‍යයේදීත් බටහිර ගණයේ මනාලයකු විදියට තමයි සැරසෙන්නේ. මගෙ ඇඳුම නිර්මාණය කරන්නේ. මාල් ප්‍රනාන්දු වෙතින්.
ඔබේ මනාලිය
ඇයත් වේල් එක දාලා
සැරසෙනවා. චරිත් විජේසේකර තමයි ඇගේ ඇඳුම් නිර්මාණය කරන්නේ. ඇයව හැඩ ගන්වන්නේ. “සැලෝන් අයි“ එකේ ඉන්දික විසිනුයි. මීට අමතරව මධුසමය සඳහා පිටත්ව යද්දි ඉන්දියානු
ආභාෂයට හුරු ඇඳුමක් තමයි අඳින්න හිතාගෙන ඉන්නේ.
මංගල උත්සවය පැවැත්වෙන ආකාරය පවසනවා නම් ...
උදේ සුබ නැකතට පෝරුවේ චාරිත්‍ර සිදුකරනවා. දේශීය සිරිත් විරිත් අනුව තමයි සියල්ල සිදුවන්නේ. අපි දෙන්නා ගැන හොඳින්ම දන්නේ අපේ අම්මලා. අපි ගැන හොඳම සාක්ෂිකරුවෝ ඒ අය. ඒ හිංදා මා වෙනුවෙන් සාක්ෂියට අත්සන් කරන්නේ මගෙ අම්මා. මගේ මනාලිය වෙනුවෙන් ඇගේ අම්මා සාක්ෂියට අත්සන් කරනවා.
දෙවැනි මනාලයත් දෙවැනි මනාලියත් කලා ලෝකයේ අයද?
මගෙ මනාලිය ගුවන් සේවිකාවක්. ඇගේ මිතුරියන් වන ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ ඇගේ නංගි මනාලියගෙ යෙහෙළියන් විදියට ඉන්නවා. මගේ යහළුවන් විදියට ඉන්නේ සුරාජ් මාපා, පුබුදු චතුරංග සහ ශෂිනිගෙ මල්ලි.
මංගල උත්සවයේ කටයුතු හිංදා ධනංජය මේ දවස්වල කලාවෙන් ටිකක් දුරස් වෙලා නේද ඉන්නේ...?
අන්තිමට දායක වුණේ “සත් පියවරු” නාට්‍යයට. මගේ මංගල උත්සවයෙ කටයුතුයි මධු අයියගෙ දේශපාලන කටයුතුයි හිංදා මේ දවස්වල කලාකටයුතු වලින් ටිකක් දුරස් වුණා. ශෂිනිත් මේ දවස් වල ලංකාවට ඇවිත් හිටියත් මේ වැඩකටයුතුවලට කාර්ය බහුල වෙලා ඉන්න හිංදා අපි දෙන්නත් මුණ ගැහෙන්නෙ නැති තරම්. මේ සියලු කටයුතු සාර්ථක කරගන්න ගොඩක් වෙහෙසෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ වෙඩින් එකේ සියලුම සැලසුම් කරන එකේ චාම් ද සිල්වා.
විවාහයෙන් පස්සේ දෙදෙනාම ටික දිනකට විදෙස් ගත වෙනවාද?
ශෂිනිගෙ වෘත්තිය අනුව එයාට නිතරම ඉන්න වෙන්නේ ලංකාවෙන් පිට. ඒ හිංදා ඇයට ලෝකයේ සුන්දරම ස්ථානය ලංකාව. අපි අපේ මධුසමය සඳහා ලංකාවම තෝරා ගන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ අතරේදී දවස් කිහිපයකට හරි විදෙස් රටකට යනවාද කියලා තාම තීරණය කරලා නැහැ.
අලුත් ජීවිතය අරඹන්නේ අලුත්ම නිවහනකද?
රැකියා ගිවිසුම් අනුව ශෂිනිට තව අවුරුදු කිහිපයක් ලංකාවෙන් පිට ඉන්න සිදු වෙනවා. ඇය ලංකාවේ ස්ථිරව පදිංචි වුණාම තමයි අපි දෙන්නගෙම නිවහනක් ගැන හිතන්නේ. දැනට අපි හිතාගෙන ඉන්නේ බැන්දට පස්සේ අම්මලා එක්ක ඉන්න.
ධනංජයගෙ කලා කටයුතු ගැන කතා කළොත්
කලා කටයුතු වගේම මගේ ජීවිතේ සෑම සියලු කටයුත්තක්ම සුපුරුදු විදියටම සිදු කෙරෙනවා.
රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ
හැමදාම මගෙත් එක්ක හිටපු හැම අවස්ථාවේ මට සුබ පතන්න මාත් එක්ක එකතු වන බව මම දන්නවා. ඒ අයගෙ සුබ පැතුම තමයි මගෙ මංගල්‍යයේදී මම ලබන ලොකුම තෑග්ග . මගෙ රසික රසිකාවියන්ට කියන්න ධනංජය සිරිවර්ධනගෙ දීර්ඝ කාලීන ළමා කාලය 4 වැනිදා නිමා වෙනවා කියලා.
දධනංජය ගේ ළමා කාලය ගැන කතා කරද්දි ධනංජයගෙ අම්මා කිව්වා දැනටත් ධනංජයට බත් කවන්නෙ අම්මා කියලා
දැනටත් අම්මා ගෙදර හිටියොත් මට බත් කවන්න ඕන අම්මා තමයි.
4 වැනිදායින් පස්සේ ඒ රාජකාරිය ඔබේ මනාලියට භාර දෙනවාද?
නැහැ නැහැ. අපි බැඳලත් ඉන්නෙ අපේ මහ ගෙදරනේ. අම්මා ඉන්නවා නම් දිගටම බත් කවන රාජකාරිය
කරන්න වෙන්නෙ අම්මටම තමයි.
ආරියවංශ කුලතිලක

0 comments:
Post a Comment