facebook like

තාත්තා ජීවතුන් අතර හිටියා නම් සජිත් දේශපාලනයට එවන්නේ නෑ

මගේ පුතා බඩට හරිහැටි ආහාරයකුත් නැතිව, අපි ආදරය කළ අපේ පක්‍ෂය දිනවන්න විශාල වෙහෙසක් දරනවා. කටුක ජීවිතයක් ගත කරනවා. තාත්තා ජීවතුන් අතර සිටියා නම් අද පවතින දේශපාලනයට පුතාට එන්න දෙන එකක් නැහැයි හේමා ප්‍රේමදාස මහත්මිය කඳුළු වගුරුවමින් පැවැසුවාය.

හේමා ප්‍රේමදාස මහත්මිය කඳුළු වගුරුවමින් ඉහත සඳහන කළේ කැලණිය-කිරිබත්ගොඩ 'හර්ෂණී' ශාලාවේ පැවැති ජන හමුවකදීය. මෙම ජනහමුව ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප. පළාත් සභා
අපේක්‍ෂක යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.

ප්‍රේමදාස මහත්මිය මෙසේද පැවැසුවාය. බොහෝ කාලයකට පස්සෙ තමයි මම මේ ආකාරයට දේශපාලන රැස්වීමක කතා කරන්නෙ, මගෙ පුතාගෙ ඉල්ලීමකට. ඔහුට පැමිණිය නොහැකි නිසා මේ අවස්ථාව මට පැවරුවා. මා පැමිණියේ ජෝර්ජ් පෙරේරා මහතාට අප පක්‍ෂයේත්, අප පවුලේත් ආශීර්වාදය ලබාදෙන්න.
ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති වුණාට පස්සෙ මම මගේ සජිත් පුතා බලාගත්තෙ මගෙ ඇස් දෙක වගෙයි.
හේමා ප්‍රේමදාස මහත්මිය තම කතාව මඳකට නතර කර දෙනෙතින් වැගිරෙන කඳුළු තම අත වූ ලේන්සුවෙන් පිසදැමුවාය.

පසුව නැවැතත් කතාව ආරම්භ කළාය. මගේ පුතා දේශපාලනයට ඇවිත් තාත්තා වගේම අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න වෙහෙසෙනවා. අපි ආදරය කළ එ.ජා.ප.ය දිනවන්න හම්බන්තොටට වෙලා ලොකු වෙහෙසක් දරනවා. බඩට හරි ආහාරයක් නැතිව කටුක ජීවිතයක් ගතකරනවා. පුතා දිහා බැලුවම මට ලොකු දුකක් ඇතිවෙනවා. තාත්තා මේ වන විට ජීවතුන් අතර සිටියා නම් අද පවතින දේශපාලනයට පුතාට එන්න දෙන එකක් නැහැ යැයි ප්‍රේමදාස මහත්මිය නැවැතත් කඳුළු පිස දමමින් පැවැසුවාය.

මගේ පුතා දේශපාලනය කරන විට එයාගෙ වැඩවලට හා එයාගෙ අදහස්වලට මම බාධා කරන්න මැදිහත් වෙන්න යන්නෙ නැහැ. ඒත් පුතා ආරක්‍ෂා විය යුතුයි. පුතා වෙනුවෙන් මාද ආරක්‍ෂා විය යුතුයි. මම සැමවිට ඔහුට දෙවි පිහිට පතනවා. ඔහුගේ යාළු මිත්‍රාදීන්ට එසේම දෙවි පිහිට පතමින් ආශීර්වාද කරනවා.
ජෝර්ජ් පෙරේරා මහතා එ.ජා.ප.ය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවුණු අයෙක්. ඔහු වසර 23ක් අපරාජිතව ප්‍රාදේශීය සභා, පළාත් සභාවල විවිධ තනතුරු දරමින් කටයුතු කර තියෙනවා. ඔහුගේ විවාහ මංගල්‍යයට අස්සන් තබා ඇත්තේත් මගේ ස්වාමියා දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා. මෙම අවස්ථාවට සහභාගි වීමට සජිත් පුතාට අවස්ථාවක් නොවූ නිසා සජිත් පුතා මගෙන් ඉල්ලීමක් කළා මේ රැස්වීමට නොවරදවාම සහභාගි වී 'ජෝර්ජ් පෙරේරා'ට ආශීර්වාද කරන්න කියා. එ.ජා.ප.ය වෙනුවෙන් කැපවුණු අයට සහාය වීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. එමෙන්ම මේ අවස්ථාවට සහභාගි වී සිටි එ.ජා.ප. ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා අපේක්‍ෂකයන් වන සුමංගල සමරවීර, ප්‍රමිත හෙට්ටිආරච්චි වැනි අපේම අයත් ජයග්‍රහණය කරවීම අපේ යුතුකමක් බවද ප්‍රේමදාස මහත්මිය පැවැසුවාය.

යූ. ජෝර්ජ් පෙරේරා මහතා
මගේ නිවෙසේ පැවැති මෙම පළාත් සභා මැතිවරණ ප්‍රථම රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කළා. එහෙත් ආරක්‍ෂක උපදෙස් නිසා ඔහුගේ පැමිණීම නතර වුණා. එතුමාගේ බිරිය ජලනි, ප්‍රේමදාස මහත්මිය එම අවස්ථාවට සහභාගි වූවා. මේ අවස්ථාවේ ඔහුගේ මව හේමා ප්‍රේමදාස මහත්මිය සහභාගි කරවා තියෙනවා. අවංකව දේශපාලනය කරන අපට දේශපාලනය කරන්න සිදුවී තියෙන්නේ අනේක හිරිහැර මැද්දේයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී 'පබා' නමැති නිළියක් ඇවිත් අපේ මනාප ඩැහැ ගත්තා. ඒ නිසා මා වැනි අයට පාර්ලිමේන්තුවට යෑමට තිබූ අවස්ථාව අහිමි වුණා. 'පබා' චරිතය බුද්ධියෙන් තොරව කතිරය ගසන අයට හොඳ පාඩමක් ඉගැන්වුවා.
ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප. පළාත් සභා අපේක්‍ෂකයන් වන සුමංගල සමරවීර, ප්‍රමිත හෙට්ටිආරච්චි, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි විපුල පීරිස් මහත්වරු සහ හංසනා උමයංගනී මෙනවියද මෙම අවස්ථාව ඇමතූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive