facebook like

සීට්ටුවක් නිසා සල්ලාලයකුගේ මනදොල සපුරන්නට ආ නදීශාගේ කතාව

නදීශා ඇත්තෙන්ම ලස්සන එකියකි. කුඩා කල සිටම මවුපියන්ට කීකරුව හැදුණු වැඩුණු ඇය කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලැබුවා ය. ඇය මා දැන හඳුනාගත්තේ ඒ කාලයේ සිටම ය. නදීශාගේ නිවෙසත් අපේ නිවෙසත් පිහිටියේ එකම වීදියක ය. ඇගේ මවුපියෝ වත්පොහොසත්කමෙන් පිරුණු අය වූහ. ඒ නිසා ඇය පාසලට ගියේත් ආවේත් සුපිරි පන්නයේ මෝටර් රියකිනි. ඒ නිසා ඇය මහත් උඩඟු ගැහැනියක් වූවා ය. පාසල්
බසයට නැගගන්නට ගෙදරින් පිටවන මට නිතරම ඇය මුණ ගැසිණි. සිහින් සිනහවකින් මුව සරසාගත්තද ඇය මා හා කතාබහට නොගියේ ඇගේ මවුපියන් සතු පොහොසත්කම නිසා ය.

ඒ උඩඟුª බවත් ඇගේ පියකරු බවත් මා සිත තුළ කිසියම් සතුටක් ඇති කළේ ය. ඒ නිසාම මම ඇය දෙස කිහිපවරක්ම බලන්නට පුරුදුවූයෙමි. ඇය ඒ බව දැනගත්තද සතේකටවත් එය ගණන් නොගෙන රියැදුරා සමඟ මොටෝ රියේ නැඟ පාසලට යන අයුරු මසිත පාරන්නටද සමත් වී තිබිණි.

කාලය මෙසේ ගෙවී ගියේ ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා වියහියදම් කිරීමට මිල මුදල් නැතිකම නිසා මම ඉතා ඉක්මනින් රැකියාවක් සොයා ගත්තෙමි. එතැන් පටන් ඇය ගැන තොරතුරක් මම නොලද්දෙමි. වසර දෙකතුනකට පසු නදීශාගේ විවාහය කොළඹ තරුපහේ හෝටලයක ජැන්ඩි පහට තිබූ බව අසල්වාසින් මගේ මවුපියන්ට කියනු දිනක් මට ඇසිණි.

“මහත්තයා ඉංජිනේරුවෙක්ලු... මිනිහත් හොඳ සල්ලිකාරයෙක්.” අම්මා මට කීීවේ මා නදීශාගේ සැමියා කවුදැයි විමසා සිටියදී ය.

ඇය යෝජනාවකින් විවාහ වී තිබිණි. ඇගේ සල්ලිකාර මවුපියන් ඇයට මිල මුදල් යහමින් තිබූ සැමියකු කතාකර බන්දවා තිබිණි. මම ඇයට සිතින් සුබ පැතුවෙමි. විවාහ දිවියට පත් නදීශා සැමියාගේ ගෙදර පදිංචියට ගිය අතර ඉන් පසුව මම ඇය කිසිදා නුදුටුවෙමි. වසරෙන් වසර කාලය ගෙවී ගියේ නදීෂා මගේ සිතෙන් අමතක කර දමමිනි.

කපිල මගේ රැකියා ආයතනයේ හොඳ මිතුරෙකි. ඔහු මාධ්‍යවේදියෙකි.

“ගල්කිස්ස පොලිසියට ගිහින් එමුද...?”

“ඇයි මොකටද...?”

“කෙල්ලො වගයක් අල්ලලා... පොඩ්ඩක් විස්තර ටිකක් බලලා එමු...” කපිලගේ ආරාධනාව මට එතරම් වැදගත් නොවූව ද ඔහුගේ බලවත් ඉල්ලීම මත මම ද ගල්කිස්ස පොලිසියට ගියෙමි. ඔහු කී කතාව සැබෑවකි. අනාචාරයේ හැසිරීම මත තරුණ ගැහැනු අටදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ස්ථානාධිපතිවරයා කපිලගේ හිතවතකු වූ නිසාම ඔවුන් ගැන තොරතුරු ලබාගැනීමට කපිලට හැකියාව ලැබිණ. මම ද ඔවුන්ගේ බහට ඇහුම්කන් දී සිටියෙමි.

“හුඟාක් කෙල්ලො පිටිසර ළමයි. උන් මේ නැතිබැරිකමට මේවා කරන එවුන්...” ස්ථානාධිපතිවරයා කියන්නට විය. කපිල ඒවා පොතක සටහන් කරගනී.

“එක කෙල්ලෙක් ඉන්නවා... මේ කොළඹ කොලිජියක ඉගෙනගෙන තියෙන්නේ... ඒකිගේ මිනිහා ගුවන් සමාගමක ඉංජිනියර් කෙනෙක්...”

“එයාත් නැතිබැරිකමට ද ඇවිත් තියෙන්නේ...” කපිල ඇසූ ප්‍රශ්නයෙන් ස්ථානාධිපතිවරයාට සිනාගියේ ය.

“නැහැ.. නැහැ.... ඒකිගේ මිනිහා ලොකු සල්ලිකාරයෙක්... ඒත් මිනිහා මේකිට සලකන්නේ නැහැ... සල්ලි දෙන්නේ නැහැ. මේ ගෑනි ලොකු සීට්ටුවකට ගිහින්... ඒකට සල්ලි නැති නිසා තමයි ඔතැන වැඩට ඇවිත් තියෙන්නේ...”

“අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද..?”

“පුළුවන්... ඉන්න මම ලෑස්ති කරලා දෙන්නම්...”

කාමරයේ සීනුව නාද කළ ස්ථානාධිපතිවරයා “රිසව්” රාලහාමි කැඳවීය.

“මේ මහත්තුරුන්ට අර කෙල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති කරලා දෙන්න...” ඔහුගේ නියෝගය මත අපට අල්ලාගත් තරුණියන් සමඟ කතාබහ කිරීමට අවස්ථාව ලැබිණි. කපිල ඒ කර්තව්‍ය ඉටුකරගනිද්දී මම ද එතැනට ගියෙමි. මා නෙත් එකවරම නතර විය. පෙළට සිටගෙන සිටි කෙල්ලන් අතර මම ඇය දිටිමි. ඒ රුව මා සිත චකිතයක් ඇතිකරන්නට සමත්විණි.

“දෙවියනේ... නදීශා... ඔයා....” වසර කිහිපයකට පසු මගේ සිත අතීතයට දිව ගියේ ය. නදීශා මට මැවී පෙනිණි. උඩඟු එකියක ලෙස සිටි නදීශා අද අසරණ වී ඇති සැටි. ඇය මා හඳුනානොගත්තද මම ඇය හොඳින් හඳුනාගත්තෙමි. මට ඇය ගැන පුදුම සිතිණි. ස්ථානාධිපතිවරයා කී දේ සැබෑවකි. ඇය විවාහවූයේ ඉංජිනේරුවකු සමඟ බව මගේ මතකයට නැඟිණි.

“ඇයි උඹ ඒ ගෑනි හඳුනනවද...?” පුදුමයෙන් මෙන් ඇය දෙස බලා සිටි මගෙන් කපිල විමසුවේ ය.

“ඔව්... බං මේකි අපේ ගේ ඉස්සරහ කෙල්ලක්...”

“එහෙනම් උඹ දැක්කම ලැජ්ජ හිතේවි...”

“නෑ... ඒත් ඒකි මාව හඳුනගත්තේ නැහැ...”

“එහෙනම් පොඩ්ඩක් ඉඳපන්... මම එයාගෙන් අහන්නම්...” එසේ කී කපිල ඔහු කළ කර්තව්‍ය නතරකොට ඇය දෙසට හැරුණේ ය.

“නංගි ඔයා මෙයාව හඳුනනවා ද...?” හිස බිමට නැඹුරුකරගෙන ලැජ්ජාවෙන් සිටි ඇය හිස ඔසවා මා දෙස බැලුවා ය. ඇගේ දෙනෙත් කඳුළින් පිරී තිබිණි. කපිල දෙස බැලූ ඇය හිස සෙලව්වේ මා හඳුනන්නේ නැති බව කියමිනි.

“හොඳට බලන්න...” කපිල යළි ඇයට කීවේ ය. ඇය නැවත වරක් මා දෙස බැලුවා ය. ඇය මෙවර ද කීවේ මා හඳුනන්නේ නැති බවකි. ඇය කරන්නේ බොරුවක්දැයි මම නොදනිමි.

“ඔයා නදීශා නේද...?” එවර ඇය තිගැස්සී ගියා ය. ඇය මා දෙස ඕනෑකමින් බැලුවා ය. මා දෙස මොහොතක් බලා සිටි ඇය එකවරම ඉකිගසන්නට පටන්ගත්තා ය. ඇය මා කවුදැයි හඳුනාගත්තා ය.

“ඔයාට මොකද වුණේ....” එතැනින් එහාට ඇය මට බැගෑපත් වුවා ය. එදා උඩඟු එකියක වූ වත්පොහොසත්කමින් පිරුණු ඇය මට නොවැන්දා පමණි.

“අනේ අයියේ... මට ගෙදර යන්න උදව් කරන්න...” ඇය එසේ ඉල්ලමින් මගේ දෑත් අල්ලා ගත්තා ය. කපිල මට ඇය සමඟ කතාබහ කරන්නට ඉඩ දී ඉවතට ගියේ ය.

දෙනෙත්වලින් රූරා වැටුණු කඳුළු පිසදමමින් ඇයට අත්වූ ඉරණම ඇය මා සමඟ කීවා ය.

ඇය තවත් මිතුරියන් දහදෙනකු සමඟ ලක්ෂ පහක සීට්ටුවකට ගොස් තිබිණි. ඒ සඳහා ඇය මුදල් ගත්තේ සැමියා වියහියදමට දුන් මුදලිනි. හදිසියේ ම ඇයට මුදල්දීම ඇගේ සැමියා නතරකොට ඇත. ඇය පවසනුයේ සැමියා කිසියම් වරදකට හසුවී රැකියාව අහිමිවීම නිසා එලෙස සිදුවූ බව ය. එහෙත් ඇයට සීට්ටු මුදල් ගෙවිය යුතුව තිබිණි. ඉන් අසරණතාවට පත්වූ ඇය දසඅතේ කල්පනා කරමින් සිටියදී ඇයට උදව් කරන්නට ඉදිරිපත් වී ඇත්තේ ඇගේ හිතවතියක වූ රසිකා ය.

“උඹ මෙහෙ වරෙන්කෝ... මම උඹට උදව් කරන්නම්...” රසිකාගේ ඉල්ලීම මත ඇය සැමියා නැති මොහොතක රසිකාගේ ගෙදර ගියා ය. සුවිසල් මන්දිරයක් වූ එතැන සිදුවන්නේ ඇය කිසිදා නොලත් විදිහේ අත්දැකීමක් ය.

“මම උඹට පන්දාහක් හොයලා දෙන්නම්...” රසිකාගේ ඉල්ලීමට ඇය එකඟ නොවීය. එහෙත් රසිකා ඇයට කරුණු කාරණා පහදා දුන්නා ය.

“මේවා රහසේ කෙරෙන්නේ... උඹ හඳුනන කවුරුත් නැහැ. නිකම්ම අතට හම්බවෙන සල්ලිනේ බං...” ඇගේ බලවත් පෙරැත්ත මත නදීශාට වූයේ රසිකා සොයා එන සල්ලිකාර සල්ලාලයකුගේ මනදොල සපුරන්නට ය. ඒ රසිකාගේ නිවෙසක ඒ සඳහාම සකසා තිබූ කාමරයක් තුළ ය.

අකමැත්තෙන් ඊට එකඟ වූ නදීශාට එදින රුපියල් දහදාහක් ම රසිකා දුන්නා ය. ඇය ඒ මුදල් රැගෙන ඉගිලීගියේ සතුටක් මෙන්ම බියක් සැකයක් ද ඇතිව ය.

“ඒත් මම හැමදාම එතැනට ගියේ නැහැ. මාසයකට සැරයක් යනවා... රුපියල් දහ පහළොස්දාහක් රසිකා මට දෙනවා. මට ඒ ඇති. ගිය සිකුරාදත් මම එහෙම ගියා. එතනදි තමයි පොලිසියෙන් පැන්නේ...” ඇය හැඬූ කඳුළෙන් කතාව කීවා ය. ඇගේ උඩඟු සිත වෙනතකට පෙරළී හමාර ය.

“අනේ අයියේ මට ගෙදර යන්න ඕන... නැත්තම් අර මිනිහා මාව අත්හරීවි. මට මුහුණ දෙන්න බැරිවෙනවා අයියේ... නැත්තම් මම වහ ටිකක් බොනවා...” ඇය පත්වී ඇති අමාරු තත්ත්වය මට තේරුම් ගියේ ය. මම කපිලට ඒ බව පවසා උදව්වක් කරදෙන ලෙස කීවෙමි. අපි ඒ බව පොලිස් ස්ථානාධිපතිවරයාට කීීවෙමු. කරුණු කාරණා තේරුම්ගත් ඔහු අපිට උදව් කරන්නට ඉදිරිපත්විය.

“එක්කෙනෙක් බේරලා යවන්න බැහැ... අනෙක් කෙල්ලොත් අසරණයි. උන් ඕක කරන්නෙත් නැති බැරිකමට...” එලෙස කී ස්ථානාධිපතිවරයා කෙල්ලන් සියල්ලම තම නිල කාමරයට කැඳවා ඔවුන්ට උපදෙස් දෙන්නට විය.

“අද විතරක් සමාව දෙනවා... ආයෙත් අහුවුණොත් උසාවිියට දාලා රිමාන්ඩ් කරනවා... තේරුණා ද...” නදීශා නිසා සියල්ලන්ටම ඇප ලැබිණි. කූඩුවෙන් මුදාහල කිරිල්ලියක් සේ මා ළඟට පැමිණි ඇය මට දෑත් එක්කොට වැඳ ස්තුති කළා ය.

“ඔයාට ගොඩාක් පින්...” මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි. මට අතීතය මැවී පෙනිණි.

“අඬන්න එපා.. ඉක්මනට ගෙදර යන්න...” මම ඇගේ හිස අතගා ආශිර්වාද කළෙමි.

කීර්ති මෙන්ඩිස්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive