facebook like

රිසාඩ් බදුර්දීන් බොදුබල සේනාවෙන් මිලියන පන්සීයක් වන්දි ඉල්ලයි....අභියෝගයට සුදානම් බව බොදු බලසේනා සංවිධානය පවසයි.

මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට විල්පත්තු රක්ෂිතයේ එක බිම් අඟලක් හෝ එළි පෙහෙළි නොකළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදුර්දීන් මහතා පවසයි.

මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට විල්පත්තු රක්ෂිතය එළි කළ බවට කරන චෝදනාව ඇතුළු බොදු බල සේනා සංවිධනාය විසින් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර දින 14 ක් ඇතුලත චෝදනා ඉල්ලා අස් කර නොගන්නේ නම්
රුපියල් මිලියන 500 වන්දියක් ඉල්ලා අධිකරණය ඉදිරියේ අපහාස නඩුවක් ගොනු කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

අවුරුදු ගානකට පෙර එල්.ටී.ටි. ය විසින් පළවා හැරීමෙන් වල් බිහි වී තිබු මුස්ලිම් ජනතාවගේ ඉඩම් එළි පෙහෙළි කර රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතුව නිවාස 400ක් ඉදි කළ බවත් එහි 22000ක මුස්ලිම් ජාතිකයින් ප්‍රමාණයක් නැවත පදිංචි කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.

යුද්ධය සමයේ පල්ලි 79ක්, පාසල් 60ක් හා නිවාස 2000ක් එල්. ටී. ටී. ය විසින් විනාශ කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ නැවත පදිංචි කළ මුස්ලිම් ජාතිකයින් දරුවන්ගේ අධ්‍යාපනයට හා අනෙකුත් යටිතල පහසුකම් නොමැතිකමින් ඔවුන් මෙම නිවාස වල රැදීම ප්‍රතික්ෂේප කරන බවයි.

පුත්තලමේ සිට මන්නාරම දක්වා රක්ෂිතය මැදින් තැනූ මාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ එම මාර්ගය මීට වසර 100ට පමණ පෙර සිට පැවත එන්නක් බවයි.


අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා එල්ල කර ඇති අභියෝගයට මුහුණදීමට සුදානම් බව බොදු බලසේනා සංවිධානය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොබඅත්තේ ඥානසාර හිමිගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් එන්තරවාසියක් යොමු කර ඇති බවයි.

අමාත්‍යවරයා විසින් විල්පත්තු අභය භූමියේ ඉඩම් අත්පත් කරගෙන එම ප්‍රදේශයේ මුස්ලිම් කලාපයක් ඇති කිරීමට කටයුතු කරන බවට පුජ්‍ය ගලගොබඅත්තේ ඥානසාර හිමි පසුගියදා ප්‍රකාශයක් සිදුකළ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා එය ප්‍රතික්ෂේප කළේය.

තමාට අපහාස කිරීම හේතුවෙන් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව අමාත්‍යවරයා ඊයේ(25) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බොදුබල සේනා සංවිධානය පවසන්නේ තම සංවිධානය යුක්තිධර්මයට ගරු කරන සංවිධානයක් බවයි.

කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයකට තම සංවිධානය බිය නොවන බව පවසන බොදුබල සේනා සංවිධානය පෙන්වා දෙන්නේ දුෂිතයින්ගේ ක්‍රියාකලාප හෙළි කිරීමට මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ග අවස්ථාවක් වනු ඇති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive