facebook like

අධ්‍යක්‍ෂවරු මගේ ලස්සනින් ප්‍රයෝජන ගත්තෙ නෑ -- නිල්මිණි තෙන්නකෝන්

සුදු පුළුන් ගොඩක් වගේ පුංචි දෝණි දැක්කම තාත්තට ඉවසුම් නැතිව ගියා. දිග ඇස්පිහාටු හෙමීට ඇරලා නිල්පාට ඇස්දෙක කරකවලා චූටි දෝණි තමන් දිහා බලනකොට තාත්තාට දැනුණේ රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ හැඟීමක්. උපන් දවසෙ ඉඳන් තමන්ගේ හදවතේ ලොකු ඉඩක් මේ දෝණි වෙනුවෙන් වෙන්කරන්න ඒ තාත්තා ලෝබ වුණේ නෑ. දවසින් දවස දුව ලොකු මහත්වෙද්දි රුවෙන් ගුණෙන් වැඩිවෙද්දි තාත්තා තරම් ආඩම්බර වුණ කිසිම කෙනෙක් නැති තරම්. ඒ ආඩම්බර තාත්තාගේ ලස්සන දෝණි වෙන කවුරුත් නෙවෙයි
රටක් දන්න නිල්මිණි තෙන්නකෝන්.
ලස්සනයි කියලා මුලින්ම කිව්වේ කවුද?

තාත්තා... මට මතකයි තාත්තා කියනවා මම ඉපදෙනකොට ඇස් අරින්න බැරි තරමට ලස්සන දිග ඇස් පිහාටු තිබුණලු. නිල් මැණික් කැට දෙකක් වගේ ලස්සන ඇස් දෙකක් ලු තිබුණේ. 'නිල්මිණි' කියල නම දැම්මෙත් ඒ නිසා කියලා පුංචි කාලේ තාත්තා කියනවා. තාත්තා මට 'නිල් මැණිකේ' කියලත් ආදරේට කතා කළා.

ලස්සනයි කියලා තමන්ටම හිතුණේ?

ඇස් දෙකට අමතරව මට ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. ලස්සන කහ පාට හමක් තිබුණා. ඉස්කෝලෙදි යාළුවෝ... ගෙදරදී නෑදෑයෝ... එහෙම ලස්සනයි කියලා කියනවා. ඒත් මට ඒක ලොකු දෙයක් වුණේ නෑ. හැමෝම ලස්සනයි කියලා ඔළුවට දාපු නිසා මගේ ලස්සන ගැන අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණෙ නැහැ.

තිබුණ ලස්සන රැකගන්න මොනවද කළේ?

ඉස්කෝලේ යන කාලේ මම වැඩිපුර හිටියෙ පිට්ටනියේ. ගිනි අව්වේ නෙට්බෝල් ගැහුවා, උස පැන්නා, දුර පැන්නා, දිව්වා, කවපෙත්ත, හෙල්ල වීසි කළා. මේ ඔක්කෝම කරල ගෙදර ඇවිත් ගේ ළඟ ගඟේ පීනනවා. ලස්සන රැක ගන්න හිතුවා නම් ජීවිතේට අව්වේ කරවෙන්නේ නෑනේ. ගෙදර හිටියත් මම වැඩිපුර ඉන්නේ වහල උඩ.

'ලස්සන' සාපේක්‍ෂයි. ඒ වගේම කිසිම කෙනෙක් තියෙන ලස්සනින් සෑහීමකට පත් වෙන්නෙත් නෑ... දැනුම් තේරුම් තියෙන කාලෙවත් ලස්සන ගැන හිතුවෙ නැද්ද?

මූණ, හම කොණ්ඩෙ ගැන නම් මට ගැටලුවක් තිබුණෙම නෑ. හැබැයි මම ශරීරයේ හැඩය ගැන නම් ඒ කාලේ හරියට හිතුවා. මං පොඩි කාලේ හරි මහතයි. කට්ටිය මට කිව්වේ බතලි කියලා. ඒ මහත කැත මහතක් නෙවෙයි. ඒත් මට ඕනෑ වුණා කෙට්ටු වෙන්න. අවුරුදු හයේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා. ඉස්කෝලේ කාලේ ඔය තරමටම ස්පෝට්ස් කරන්නත් ඒක එක හේතුවක්. ඩිවයිඩඩ් ස්කර්ට් එක අඳින්න ඒ කාලේ හරි ආසයි. ගොඩාක් මහත වුණාම ඒ ස්කර්ට් එක අඳින්න බෑ කැතයිනේ... ඒ නිසා ඇඟේ හැඩය ගැන හුඟාක් හිතුවා... මට මතකයි තාත්තා මාව පාන්දර පහට ඇහැරවනවා. යෝග ආසන, ව්‍යායාම් ගැන ඒ වෙලාවට රේඩියෝ එකේ යනවා. තාත්තා ඒවා අහගෙන මට පුහුණු කරනවා.

ඔය ලස්සනින් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේ කවුද?

මගේ ලස්සනින් මම ප්‍රයෝජනයක් ගත්තා. නිළියක් වෙන්න පුළුවන් වුණෙත් ඒ නිසානේ. ඒත් මගේ ලස්සන නිර්මාණවලට දායක කරගනිද්දි හරියට ප්‍රයෝජන ගත්තාද කියලා නම් අද හිතෙනවා.

එහෙම හිතෙන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනෑ නේ?

මාව තිරයේ දකිනවාට වඩා හැබැහින් දකිනකොට ලස්සනයි කියලා හුඟාක් අය කියනවා. ඒ කියන්නේ තියෙන ලස්සන තිරයෙන් මතුකරගන්න හැම නිර්මාණකරුවෙක්ටම හැකි වෙලා නෑ. ඒ හැකියාව තිබුණේ කීප දෙනෙක්ට විතරයි.

ඔබව කැමරාවෙන් ලස්සනටම දැක්කේ කවුද?

තිමති අංකල්. අපේ සංගීතාගේ තාත්තා. 'පස්සෙ ගෙනාපු මනමාලි' නිර්මාණයට දායක වෙනකොට තමයි මට තිමති අංකල් හම්බවුණේ. අංකල් මට කතා කරලා හතර පැත්තටම හරවලා පින්තූර ගත්තා. ඊට පස්සේ ඒ පින්තූර පෙන්නලා දුන්න උපදේශය අදටත් මට අමතක නෑ.

මොනවද ඔහු කිව්වේ?

"ඔයා අලුත් කෙනෙක්. හුඟාක් ලස්සන කෙනෙක්. මතක තියාගන්න ඔයාගෙ වම්පැත්ත තමයි ෆොටෝ ජෙනික්. කැමරාවට ෆේස් කරද්දි ඒක මතක තියාගන්න. අනිත් එක ඔයාගෙ ඇස් හරි ආකර්ෂණීයයි. හිනාවෙනකොට කම්මුල් වළ ගැහෙනවා. ඔය තුන හරියට පාවිච්චි කරන්න. ඔයාගෙ ස්ටාර් එක තමයි ඒ" අංකල් දුන්න ඒ ගුරුහරුකම් අදටත් මට කැමරාවක් ඉස්සරහට ගියහම මතක් වෙනවා.

තාරුණ්‍යය ඉක්මවනවා කියලා දැනුණේ කවදාද?

නිළියක් විදියට මම හුඟාක් කාර්යබහුල වුණා. දවල් රෑ, අව්ව වැස්ස බලන්නෙ නැතිව ෂූටින් ගියා. දවස තිස්සෙ මේක් අප් දාලා අව්වට පිච්චිලා හමේ පාට අඩුවෙනවා කියලා මට දැනුණා. ෂූටින් ගියාම වතුර පෙවෙන්නෙ නෑ. ඒකත් හමට හොඳ නෑ. නිදිවරල ඇස් යට යනවා කියලා දැනුණා. වයසටත් වඩා ඒ අධික මහන්සිය නිසා. එතකන් මම මං ගැන හිතුවෙම නෑ. ඒත් මේ වෙනස්කම් දැනෙද්දි මම රූපය ගැන හිතන්න පටන් ගත්තා.

ඒ කියන්නෙ වයස හංගන්න උත්සාහ ගත්තා?

නෑ... නෑ... වයස හංගන්න කාටවත් බෑ... හැබැයි වයසට ගියත් රූපය ලස්සනට තියාගන්න එක අපේ වැඩක්.

සැලෝන් එක පටන් ගත්තේ ඔයත් ලස්සන වෙලා අනිත් අයත් ලස්සන කරන්නද?

පුංචි කාලේ මට මතකයි හවසට අපි අහල පහළ ළමයි එක්ක සෙල්ලම් සැලෝන් දානවා. පවුඩර් ගානවා, කොණ්ඩ ගොතනවා. මගේ ඥාති සොයුරියක් හිටියා එයා බියුටීෂියන් කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන් එයත් එක්ක එයාගෙ වැඩවලට උදවු වුණා. එහෙම තමයි ඔය ආසාව ඇති වුණේ. 91දී තමයි පුංචියට සැලෝන් එකක් දාන්න හිතුවේ. එතකොට මම මනමාලියන්ට ඇන්දුවා විතරයි. 95 විවාහ වෙනකොටත් මම ගෙදර පුංචියට සැලෝන් එක ආරම්භ කරලා තිබුණේ. හෙමින් හෙමින් දියුණු වෙලා, විදෙස් ගතවෙලා ඉගෙන ගෙන තමයි අද මේ තත්ත්වයට සැලුන් එක ගෙනාවේ. අනිත් අය ලස්සන කරන හැම මොහොතක මම පුදුමාකාර තෘප්තියක් ලබනවා.

විවාහයත් එක්ක, මවු පදවියත් එක්ක කාන්තාවගෙ ලස්සන හැංගෙනවලු?

මම ඒ කතාව පිළිගන්නෙ නෑ. මම ලස්සනටම හිටියේ මගේ දුව හම්බවෙන්න හිටපු කාලේ. දවසින් දවස මාව ලස්සන වුණා. දුව ඉපදුණ දවසේ හවස මම කණ්ණාඩියෙන් මගේ මූණ දැක්කා. එදා තරම් වෙන කවදාවත් මම ඒ තරම් ලස්සනට මාව දැකලා නෑ. අයෝමා චිත්‍රපටය රූගත කරන කාලේ ස්වර්ණා අක්කා කියපු කතාවක් මට ඒ වෙලාවේ මතක් වුණා. ස්වර්ණ අක්කාත් කවදාටත් වඩා එයාගෙ ලස්සන දැකලා තියෙන්නේ දුව හම්බ වුණ දවසේ.

ලස්සන වෙන්න දුක් විඳින්න ඕනෑලු. රස කෑම දකිනකොට නොදැක්කා වගේ ඉන්න වෙනවා නේද?

පුංචි කාලෙ ඉඳන් මම පැණිරස කන්නෙ නෑ. ආසා හිතෙන්නෙත් නෑ. කොළ මිටියක් දැක්කා නම් මට ආස හිතෙනවා. පුංචි කාලෙ ඉඳන් මම ගස්ලබු කනවා. අදටත් එහෙමයි. අපි බඩ පුරවනවාට වඩා හිතන්නේ දිවයි, හිතයි පිනවන්නනේ... මට පුංචි කාලෙ ඉඳන් හොඳ ආහාර පුරුදු තිබුණු නිසා අමුතුවෙන් කෑම බීම පාලනය කරන්න වුවමනාවක් තිබුණෙ නෑ.

ප්‍රශ්නවලින් වෙළිලා, මිරිකිලා ඉන්නකොට රූපය ගැන හිතන්නවත් පුළුවන්ද?

බෑ. මටත් මගේ ජීවිතේ ඒ වගේ කාල තිබුණා. මමත් වැටුණා. හැබැයි මම වැටෙන හැම වෙලාවෙම නැඟිට්ටා. හිතට වධ නොදී මොළෙන් ප්‍රශ්න විසඳ ගත්තා. හිත හදා ගත්තා. අඬ අඬා ජීවිතේ විඳවන්න බෑනේ.

ඇත්තම කතා කරමු. තාමත් ලස්සනට සිටීමේ රහස මොකක්ද?

කුහකකමින්, දුෂ්ටකමින්, වෛරයෙන් හිත පුරවාගෙන නෑ. මම අදහන ආගම අනුව ජීවත් වෙනවා. මගේ දුව වෙනුවෙන් මම නිරෝගීව ඉන්න ඕනෑ. ඒ නිසා මම සිත, කය දෙක ගැනම හිතනවා. ව්‍යායාම කරනවා, ඇවිදිනවා, ගුණ දේ කනවා බොනවා. හමට සත්කාර කරනවා. ලස්සනට, ගැළපෙන්න අඳිනවා.

තරුණ කාලෙද ලස්සන දැන්ද ලස්සන?

දැන් තියෙන්නේ වයසට ගැළපෙන ලස්සනක්. ඒ ලස්සන තුළ මව්වත්කම, තැන්පත්කම, පරිණත බව තියෙනවා. ඒ ලස්සනට මම කැමතියි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive