facebook like

ආණ්ඩුවේ බෙරිහන්දීලා කෑ ගහන්නේ වැඩිපුරම කේස් තියෙන කට්ටිය.....නොකළොත් මර්වින්ගේ පුතාට වෙච්චදේ වෙන නිසයි

දැන් හොඳටම පැහැදිලියි මේ ආණ්ඩුවේ ගිරව් වගේ කෑගහලා, ලොකු ලොකු කතා කියන සේරම මැති ඇමැතිලා ඉන්නේ අද ආණ්ඩුවට ආදරෙන් නෙවෙයි බයෙන් කියලා. ඒ අය දන්නවා වැඩිය කෑ ගැහුවොත් වෙන්නේ මර්වින්ගේ පුතාට වෙච්ච දේ චන්ද්‍රිකාට වෙලා තියෙන දේ කියලා යැයි රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා  පැවැසීය.

ආණ්ඩුව විවේචනය කළොත් වැඩියේ දැඟලුවොත් වෙන්නේ ආණ්ඩුවේ ලොක්කෝ ගාව තියෙන ෆයිල් එක එක්කෝ එළියට ඇවිල්ලා හිරේ යන්න වෙන එක.
එහෙම නැත්නම් අතුරුදන් වෙන එක. ඉතිං ඒ නිසා දේශපාලන වේදිකාවේ වැඩිපුරම බෙරිහන්දීලා කෑ ගහන්නේ වැඩිපුරම කේස් තියෙන කට්ටිය. අපි විපක්‍ෂයේ කට්ටිය විදියට ඒ අයට අනුකම්පා කරන්න ඕන. මේක ආණ්ඩුවේ ලොක්කන්ගේ අහිංසක හැසිරීමක් විදියටයි අපිනම් දකින්නේ.

පරණ ගමේ කතාවක් තියෙනවා ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවා කියලා. ඒ න්‍යාය තමයි මේ ආණ්ඩුවත් කරන්නේ. මේ ආණ්ඩුවේ ඉහළ පුටුවලට එන්න උදව් කරපු අයට අද යන එන තැනක් නැහැ. සමහරුන්ට ගහලා එළවලා, තව සමහරුන් අතුරුදන් කරලා.

ඒකාධිපති ආණ්ඩුවක මූලික ලක්‍ෂණය තමා තමන්ගේ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ මතයක් දරන අය විනාශ කරන එක. දැන් මේ ආණ්ඩුවෙත් එහෙමයි. මේකේ ඉන්න ලොක්කොන්ව බලයට ගේන්න නම් යෝජනා කරපු භාරතලා, ශ්‍රී පතිලා අද ඝාතනය වෙලා. මංගලට ගහලා එළවලා. ඊට පස්සේ නායකත්වයට එන්න අවස්ථාව දුන්න චන්ද්‍රිකාගේ පස්සෙන් දැන් සුදුවෑන් එවනවා. තව එක මහත්තයෙක්ගේ ගෙදරට බෝම්බ ගහලා තියෙනවා. පක්‍ෂ මහලේකම්වරයා කියනවා. මට මරණ තර්ජන තියෙනවා කියලා. හිටපු අගමැති රත්නසිරි, රත්නසිරිගෙ පුතා බයෙන් ඉන්නේ කියනවා. මේවා කියන්නේ අපි නෙවෙයි. මේ ඒකාධිපති ආණ්ඩුවේ ගමන ගැන කියන්නේ ආණ්ඩුවෙම ඉන්න සමහර ඇමැතිවරු.

ඒ වුණාට දැන් සමහර ආණ්ඩුවේ ලොක්කෝ කියනවා 'සුදු වෑන් අපි දැකලා නැහැ. එහෙම සංස්කෘතියක් අපේ ආණ්ඩුවේ නැහැ කියලා'.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive