facebook like

ඇයි ගයාන් ඔයා අපිට මෙහෙම කළේ ? ගයාන් වික‍්‍රමතිලකගේ බිරිද අසයි

ගයාන් වික‍්‍රමතිලක හා චතුරිකා පීරිස් අතර ඇතිවූ පෙම් සබදතාවයෙන් පසුව ඔහුගේ පවුල් ජීවිතය දෙදරා ගියේය. ගයාන් ඒ වන විටත් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. මේ ගයාන්ගේ බිරිද වූ සිත්ති ෆර්ෂිනා ලතීෆ් කියූ කතාවයි.

පුංචි පවුල රත්තරං කියලයි ගයාන් හැම තිස්සෙම කිව්වේ. එක වහලක් යටට වෙලා ගෙවන පවුල් ජීවිතය ගැන එයා නිතරම කතා කළේ හරිම තෘප්තියෙන්. එයා සිංහල බෞද්ධ. ඒ හේතුව නිසාම විවාහ වෙද්දී අපට ආපු ප්‍රශ්න අනන්තයි. අප්‍රමාණයි. ගයානුයි මමයි ටිකෙන් ටික ඒවා විසඳගෙන අපේම කැදැල්ලකට ආවේ දහසකුත්
බලාපොරොත්තු ඇතුව.

ගයාන් නළුවෙක් කියලා මම එයාව කවදාවත් සැක කළේ නැහැ. නළුවන් ගැන අහස පොළව නුහුලන කතා මගේ සමීපතයින් මට ඇහෙන්න කියද්දී මං ගයාන් ගැන කියලා ආඩම්බර වුණේ ඔහුව ඒ ගොඩට දාන්නේ නැතුව. එච්චරට මං එයාට ආදරේ කළා. අපි බැඳලා පවුල් ජීවිතය ගත කරද්දී ගයාන් අතින් ගෙදරට වෙන්න ඕනෑ වගකීම් මඟ හැරුණත් මං ඒ ගැන වචනයක දොසක් ඔහුට කිව්වේ නැහැ. රූගත කිරීම් ඉවර වෙලා ගයාන් ගෙදරට ගොඩ වැදුණම මහන්සියට නිදාගන්න ඉඩ දීලා ඇහැරෙනකම්ම මම සද්ද කරන්නේ නැතුව ඉන්නවා. ගයාන් තමයි මගේ ජීවිතයට ආලෝකය වුණේ. එයා හරියට හිරු වගේ මගේ ලෝකය සුන්දර කළා. කාලයක් යනතුරු අපේ ගෙදර පුංචි එකකුගේ කිරි සුවඳක් පැතිරුණේ නැහැ. අපි දෙන්නම ඒ ගැන හිටියේ හරිම කනස්සල්ලෙන්. නොයෙක් තැන්වලට භාර හාර වුණා. ගයාන් තමයි ඒ හැම දෙයකටම මූලිකත්වය ගත්තේ.

ගයාන් නිසා මං කළ කැප කිරීම්වලින් නම් නිමක් නැහැ. මං මගේ ආගම පවා සිතින් අමතක කළා. ගයාන් එක්ක පන්සල් යන්න පුරුදු වුණා. ගයාන් කියලා දීපු විදිහට දොහොත් මුදුන් දීලා බුදුන් වැන්දා.

අනේ . . . ඒ අතීතය කොච්චර සොඳුරු ද?

අපේ පැතුම් මල්ඵල ගන්වමින් මගේ කුසට පුංචි පැටියෙක් ආවා. එයා ඉපදුණ දා ගයාන් හිටියේ මුළු ලෝකයම දින්නා වගේ. අපි දැන් සම්පූර්ණයි නේද කියලා ගයාන් නිතරම කිව්වා.

ගයාන්ගේ ළඟම මිතුරිය වුණෙත් මම. ඔහු මට නොකියපු දෙයක් නැහැ. රඟපාන්න ගියාම වෙන කතන්දර හිනා වෙවී ගයාන් කියද්දී මං ඔහු දිහා බලාගෙන හිටියේ හරිම ආදරයෙන්. ගිරවා වගේ කොච්චර දේවල් මට ඇවිල්ලා කිව්වත් එක කතාවක් ගයාන් මට හැංගුවා. අවුරුද්ද කියනවා නම් 2008. ගයාන්ගේ අමුත්තක් මට දැනුණා. එයා ඒක සඟවන්න නිෂ්ඵල උත්සාහයක යෙදුණා. ගයාන්ගේ හිත කියවන්න පුළුවන් මට. ගයාන්ගේ වෙනස පැහැදිලියි. ඔහු වෙන කාටද පෙම් බඳීනවලු. නිල නොලත් ආරංචියක් ආවා. හිසට මුගුරකින් ගැහැව්වා වගෙයි මට දැනුණේ. මම කලබල වුණේ නැහැ. හිමීහිට ඒක ගැන හොයලා බැලුවා. කතාව ඇත්ත. ගහලා, බැනලා ගයාන්ට දොස් කියලා ගෙදරින් එළියට බහින්න වුවමනාවක් මට තිබුණේ නැහැ.

අම්මලා තාත්තලා ගයාන්ගෙන් වෙන් වෙන්න කිව්වා. ඒත් මගේ තීරණය වෙනස්. මනුස්සයන් අතින් වැරැදි වෙනවා. මොකද ගයාන් කියන්නේ දෙවියෙක් නෙවෙයිනේ. මම ගයාන්ට සමාව දුන්නා. ප්‍රශ්න කතාබහ කරලා විසඳ ගත්තා. ආයෙත් මෙවන් දේවල් වෙන්නේ නැහැ කියලා ගයාන් මගේ හිසට අත තියලා දිව්රුවා. ඔය කාලයේදීමයි ගයාන්ට විවිධාකාර වූ චරිත රඟපාන්න ලැබුණේ. එන්න එන්න ගයාන් ජනප්‍රිය වුණා. ඔහු දියුණුව කරා ගමන් කරද්දී මං නිහතමානී සතුටක් ලැබුවා. ඒ තමයි අපේ ජීවිතවල වාසනාවන්තම කාලය. අපේ පුංචි පුතා දැන් හරිම හුරතල්. නිවාඩු දවස්වල පුතා ගයාන්ගේ අතේමයි. එක මොහොතක්වත් බිමින් තිබ්බේ නැහැ. නිදා ගත්තෙත් බඩ උඩ තියාගෙන. ගයාන් තිරයේ පෙම්වතා, දුෂ්ඨයා වුණත් ගෙදර ඉන්න කොට කොතරම් ආදරණිය පියෙක් ද කියලා අහල පහල අය පවා දැනගෙන හිටියා. එහෙම හිටිය ගයාන් මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැහැ.

ගයාන් තවත් පෙම්වතියක් එක්ක පැටලිලා කියලා ආරංචි වුණාම මම ඒක හිතින් බැහැර කළා. මොකද කලින් ගයාන් වුණු පොරොන්දුව මට වගේම ගයාන්ටත් හොඳට මතක ඇති කියලා මං විශ්වාස කරපු හින්දා. ඒත් ඒ විශ්වාසය රහසේම පුපුරා ගිහිල්ලා. අම්මා කෙනෙක් වගේ ළඟින් හිටපු මට වඩා ගයාන්ට ඇයව ලොකු වෙලා. එතකොටත් අපේ කැදැල්ලට දෙවැනි පුතුත් ඇවිත්. අපි ඔක්කොමලා දාලා ගයාන් යන්න ගියා. මට පිස්සු හැදුණා. මං හිතුවේ මගේ ජීවිතය අංගොඩ මානසික රෝහලෙන් කෙළවර වෙයි කියලා. මම අපේ දරුවන් ගැන හිතුවා. ඔවුන් ගැනම හිතලා හිතලා බිදුණු සිතේ කෑලි පාස්සන්න උත්සාහ කළා.

ගයාන් අපට කළේ ලොකු වැරැද්දක්. ඒත් මං එයා ගැන තැන තැන වැරැදි කතා කළේ නැහැ. ගයාන් පිළිබඳ කිසිදු වෛරයකින් නෙවෙයි අදටත් මම ඉන්නේ. නඩත්තු නඩුවක් දැම්මෙ අපිට ජීවත්වන්න ඕනෑ නිසා.

මාසෙකට 40,000 ක් අපට ලැබෙනවා ඒ වන්දි නඩුවෙන්. අපි ඉන්නේ කුලියට. එතනට දොළොස් දාහක් දෙන්න ඕනෑ. මට රැකියාවක් කරන්න බැහැ දරුවො දෙන්නා නිසා. මගේ අම්මට ඔවුන්ව බලාගන්නත් බැහැ. අම්මා රෝගාතුරව ඉන්නේ.

ඇයි ගයාන් ඔයා අපිට මෙහෙම කළේ? වෙන් වුණත් ඉස්සර නම් ඔයා පුළුවන් වෙලාවන්වල ගෙදර ආවා. දවසකට සැරයක් කෝල් කළා. අපි ගැන හොයලා බැලුවා. කෑව බිව්ව හැටි ඇහැව්වා. දුක සැප විමසුවා. ඔයා අන්තිමේට කතා කළේ ගිය ජනවාරි 19. ඊට පස්සේ අපි ගැන හොයන උනන්දුව අඩු කළා. දැන් අපි කතා කරපුවාමත් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැත්තේ ඇයි ගයාන්? ඔයාට මෙච්චර ඉක්මනට අපේ රත්තරං පවුල අමතක වුණාද? පුතා ඔයා නැතුව හරිම සාංකාවෙන් ඉන්නේ. මට කතා නොකළට කමක් නැහැ. අඩුම ගානේ එයා ගැනවත් හොයලා බලන්න. මම දැක්කා ගයාන් ගැන විස්තරයක්. දැන් ගෙදර ඉන්න බලු පැටවුන්ට කවුරුන් හෝ මොනවා හරි කිව්වොත් කේන්ති යනවා කියලා. මට දුක අපේ දරුවන් ඒ බලු පැටවුන්ටත් වඩා පහලට වැටිලා නේද කියලා හිතුණා.

මං ගයාන්ට කතා කළේ අප්පච්චි කියලා. මං එහෙම කටපුරා කිව්වේ ඔහුටම විතරයි.

අප්පච්චි . . . ඔයාගේ දරුවෝ අමතක කරන්න එපා. මං දන්නවා ඔයා එදා වගේම අදත් හරිම කාර්යබහුලයි කියලා. ඒත් බබාලට කතා කරන්න පුලුවන් වෙලාවල්වල. නැත්නම් ඔයාට පව් සිද්ධ වේවි මේක ආදරණීය ඉල්ලීමක්. ඉල්ලීමකට වඩා ආයාචනයක්...

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive