අම්බලන්තොට නගරයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් දුරදිගයාමෙන් එම ගැටුම හටගෙන ඇතැයි
පොලීසිය පැවසීය.
අනතුර සිදුව ඇත්තේ අම්බලන්තොට සිට තංගල්ල දෙසට යමින් සිටි කැබ් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් රථයක ගැටීමෙනි.
පසුව දෙපිරිස අතර එම ස්ථානයේ බහින්බස් වීමක් සිදුව තිබේ.
අනතුරට මුහුණ පෑ අයෙක් පැවසුවේ එම අවස්ථාවේ හම්බන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් දුලාංජන මහතා ද එම ස්ථානයට පැමිණි බව ය.
අනතුරට මුහුණ පෑ අයෙක්.
ඒ කසුන් කියන කෙනා එයා තමයි බයික් එකකින් ඇවිල්ලා ආපු
ගමන් ගැහුවේ අපිත් එක්ක හිටපු කෙනෙක්ට.ඔහොමද යකෝ පාරේ යන්නේ කියලා ගැහුවේ.හම්බන්තොට ප්‍රාදේශිය සභාවේ කියලා මට ගැහුවා
ගැටුම අතරතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරුව ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරිණ.
පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආ අවස්ථාවේ හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපතිවරයා ද එහි පැමිණ තිබේ.
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
මම අම්බලන්තොට පොලිසියට ගියා අහන්න මේ කට්ටිය අල්ලන්න කියලා.පොලිසිය ඉදිරිපිට පිරිසක් හිටියා.එතනොට මට කිව්වා කසුන් මන්ත්‍රීතුමා ගැහුවා කාටද ඒ පාර එයාට පිහියෙන් ඇන්නා, මම කිව්වා ඉතින් පිහිවලින් අනින්න ක්ෂනිකව පිහි තියෙන්න විදියක් නෑනේ .අහිංසක මනුස්සයෙක් කසුන් කියන්නේ
පහර කෑමට ලක්වූ අයෙක්
පොලිසියේ මම පැමිණිල්ල ලිය ලිය ඉද්දි රිසව් එකටම ඇවිල්ලා අහුවා ,චූටියා කියන්නේ උඹද කියලා මට ගැහුවා .ඹූණට ගහපු පාර පුටුවෙන් බිම වැටිලා ඔලුව වැදුනා.පස්සේ 10ක් විතර හිටියා පයින් ගහලා මූ ගිනින් කිව්වා වාහනේට දාගන්න කියලා ගගහ අරගෙන ගියා.-

මාව අඳුරන්නේ නැතුව හෝ අඳුරගෙන මට පහරක් ගැහුවා එක්කෙනෙක්.ඊට පස්සේ මගේ හිටපු කණ්ඩායම එතන හිටිය…පහර දුන්නා.එච්චරයි සිදු වුණේ.පොලිසියේ මුකුත් ප්‍රශ්නෙකුත් නෑ.ඕඅයිසී පාරට ඇවිල්ලා අපිට යන්න කිව්වා අපි එන්න ආවා එච්චරයි .
පහරකෑමට ලක්වූ අයෙක්
පොලිසියත් දුවලා ඇවිල්ලා,පොලිසියටත් ගැහුවා. ඕ.අයි.සී. මහත්තයාට පවා ගැහුවා. පොලිසියෙන් උඩට වෙඩි තියලා අරවා මේවා කරලා
තමයි බේර ගත්තේ

සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා.වෙඩි තියපු කතාවක් මම දන්නෙත් නෑ එහෙම දේකුත් නෑ.මම යන්න ගියා ඊට පස්සේ.මම හොඳට ඇවිල්ලා කලා බුදියගත්තා ගෙදර ඇවිල්ලා.බහින් බස් වීමක් වෙලා එහෙම සිද්ධියක් පාරේ උනා.කණ්ඩායම් කණ්ඩායම් කවුද කියලා දන්නේ නෑ සියලු දෙනා සිවිල් හිටියේ.පොලිසිය නම් අපි දැනගන්න එපැයි යුනිෆොම් වෙලා.නමුත් පොලිසිය කිසිම එහෙම අපිට වරදක් කරෙත් නෑ,අපි වරදක් කරෙත් නෑ,මම දැනුවත්ව නම්.
මේ අතර පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය.

0 comments:
Post a Comment