facebook like

.ප්‍රේමදාසගෙ නංගී ඥානවතී සහ සජිත්ගෙ නංගී දුලාංජලී

සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ප්‍රේමදාස හොර නෝට්ටු පටලැවිල්ලකට හසුවී ඇතැයි කියන කතාව පැතිරයන විටම සජිත් සහ දුලාංජලීගේ පියා රණසිංහ ප්‍රේමදාසට ඔහුගේ නැඟණිය ඥානවතී නිසා වෙච්ච ඇබැද්දියක් ගැන මතක් විය. මේ ඇබැද්දිය වුණේ 1970 මුල් කාලයේය. මේ ඒ ඇබැද්දිය ගැන ප්‍රේමදාසගේ ගෝලයකු වන සිරිසේන කුරේ සන්ඩේ ලීඩර් පත්තරයට කිව්ව කතාවකි.

"70 මුල් කාලයේ අපූරු සිද්ධියක් වුණා. ඒ සිද්ධිය
ප්‍රේමදාස මහත්තයාට ලොකු බලපෑමක් කළා. ඒ කාලේ එතුමාගේ නැඟණිය අල්ලස් ගත් බවට චෝදනාවක් නැඟුණා. ඒ නිවුස් එක ආරංචි වුණාම ප්‍රේමදාස කඩාගෙන වැටුණා. මම එතුමාව ඒ විදියට වැටිලා ඉන්නට ජීවිතේට දැකල නැහැ. දෝෂාභියෝගයේදීවත් එතුමා ඒ විදියට වැටිලා හිටියේ නැහැ. එතුමා එතුමාගේ නැඟණිය කරපු වරද මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. එතුමා තමාගේ නිවෙසේම පදිංචි වෙලා ඉන්න නැඟණිය මොකක් හරි වරදක් කරන්න ඇති කියල හිතුවා. තමා ඒ වරද නොදන්නවා කියල මිනිස්සු විශ්වාස නොකරයි කියල එතුමාගේ හිත කිව්වා. එතුමා හැම වෙලාවෙම මුල් තැන දුන්නේ අවංකකමට. එතුමාගේ අරමුණුවලටත් වඩා මුල්තැන දුන්නේ අවංකකමට. විශ්වාසවන්තකමට.

ඒ නිසයි තම නැඟණිය අල්ලසක් ගත්ත කියල එල්ල වුණු චෝදනාවට එතුමා මන්ත්‍රි ධුරයෙන් අස්වෙන්න තීරණය කළේ. ඒ දවස්වල අල්ලස් ගැනීම බොහොම බරපතළ චෝදනාවක්. "මම ගොඩනඟාගත්ත හැම දෙයක්ම නැති වුණා වගෙයි" එතුමා කීවේ බොහොම වැටිලා. මට තාම ඒ දවස හොඳට මතකයි. එදා උදේ එතුමා මට කෝල් කරල කිව්වා උදේම ඇවිත් හමුවෙන්න කියල. එතුමා හදිසියේ කී නිසා මම කී හැටියේම පිටත් වුණා. මම දැක්කා එතුමා බොහොම වැටුණ ස්වරූපයෙන් ඉන්නවා. එතුමා කොණ්ඩය පීරන්නේ නැතිව බැනියමක් ඇඳගෙන ඉන්නවා පළමුවරට දැක්කේ එදායි. "ඔබ පත්තර කියෙව්වද?" එතුමා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වාම එතුමා ඇහුවා ඔබ මේ නිවුස් එක කියෙව්වද කියලා. මම ඔව් කිව්වා. "ඔබ හිතන්නේ මේ නිවුස් එකේ කියන්නේ කා ගැන කියලදැයි එතුමා මගෙන් ඇහුවා. "මම දන්නේ නෑ හැබැයි මම හිතුවේ සුගතදාසගේ සහෝදරිය ගැනයි" කියල මම කිව්වා. "නෑ මේ කියන්නේ මගේ නංගි ගැනයි..." එතුමා කිව්වා. එතකොට එතුමා කිව්වා තමා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා කියල.

"ඇයි ඔබතුමා එවැනි අන්තවාදී තීරණයක් ගන්නේ. ඔය පත්තරේ තියෙන්නේ හිටපු ඇමැතිගේ සොයුරියක් කියලයි. නමවත් නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ ඔය කියන්නේ ඔබතුමාගේ සහෝදරිය ගැන කියල" යැයි මම කිව්වා. "මම පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ ඩඩ්ලි සහ ජේ.ආර්. එක්ක. ඔවුන් මේ පත්තර කියවයි. ඔවුන් කවුද මේ හිටපු ඇමැති කියල සැක පහළ කරයි. මම දන්නවාද කියල මගෙන් අහයි. එතකොට මම මොනවද කියන්නේ? මම දන්නේ නැහැ කියන්නද? මට ඇත්ත කියන්න වෙනවා" එතුමා කියාගෙන ගියා. "ඔබ කොහොමද හරියටම මේ ඔබගේ නංගී කියල කියන්නේ?" යැයි මම එතුමාගෙන් ඇහුවා. "ඔබ දන්නවද අද උදේ වුණ දේ? මේ නිවුස් එක දැක්කාම මම කලබල වුණා. මම නංගිට එන්න කිව්වා. මගේ අම්මා කිව්වා නංගි ඊයේ මෝදර නැන්දාගේ ගෙදර ගිහින් තවම ආවේ නැහැ කියලා. මේක මගේ ඔළුවේ වැඩ කළා. මොනවා හරි වැරැදි දෙයක් කරල තියෙනවා කියල මට දැනුණා. මම නැන්දාගෙ ගෙදරට කතා කරල නංගිට කතා කළා. මම ඇහුවා පත්තරය පෙන්නල මේ කියන්නේ ඔයා ගැනද කියලා. ඇය අඬන්න පටන්ගත්තා. එතකොටයි මම වැඩේ දැනගත්තේ. මගේ අතින් දුරකතනය වැටුණා. මට කතා කරගන්න බැරි වුණා. ඔවුන් මෙය දැනගත්ත දවසට මා ගැන මොනවා හිතයිද? මම ඉල්ලා අස්වෙනවා" එතුමා කීවා. මම ඒ තීරණයට විරුද්ධ වුණා. ඒ තීරණයෙන් එතුමාගේ දේශපාලන ජීවිතයට හානියක් වෙයි කියල මට හිතුණ. "ඒක වරද පිළිගැනීමක්. අපි පාර්ලිමේන්තුවට ගිහින් මේ කතාව කියමු. මේ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් තියන්න කියල ඉල්ලමු. ඒක ඉල්ලා අස්වෙනවාට වඩා හොඳයි..." මම එතුමාට කීවා. "ඔබට කියන්න පුළුවන්ද මේ චෝදනාව ඔබගේ නංගීි පටලවලා ඔබට මඩ ගහන්න හදපු එකක් නෙවේ කියල. අපි ඒ පැත්තත් හිතන්න ඕනා. ඔබට මඩ ගහන්න ඔබේ නංගිව පාවිච්චි කරල මේ වැඩේ කළා වෙන්න පුළුවන්" මම එතුමාට පැහැදිලි කරල දුන්නා. එතුමා එවිට ඒකට එකඟ වුණා. අපි පාර්ලිමේන්තුවේ කරන්න ප්‍රකාශයක් හැදුවා. මම තමයි ඒක ටයිප් කළේ. එතකොට පාර්ලිමේන්තුව සෙනසුරාදාත් රැස්වෙනවා. අපි ගියේ සෙනසුරාදා දවසක. අපි කෙළින්ම පාර්ලිමේන්තු මහලේකම් හමු වුණා. ප්‍රේමදාස මහත්තයා සිද්ධිය කියල එතුමාට ප්‍රකාශයක් කරන්න අවසර ඉල්ලුව. "ඇයි ඔබ මෙය කළ යුත්තේ?" සෑම් ඇසුවා. ඩඩ්ලි සහ ජේ.ආර්.ට මේ කතාව කිව්වමත් ඔවුන් ඇහුවෙ ඒ ප්‍රශ්නයමයි. ඔවුන්ට තේරුණා ප්‍රේමදාස මහත්තයාගේ අවංකකම. ඒත් එතුමා තමන් ගත් තීරණයේම හිටියා. කතානායකගෙන් අවසර ඉල්ලලා එතුමා ප්‍රකාශය කළා."

මේ සිරිසේන කුරේ 2002 අගෝස්තු 11 සන්ඩේ ලීඩර් පත්තරයට කී කතාවය.
ප්‍රේමදාසගේ නැඟණියට පමණක් නොව ප්‍රේමදාසගේ පවුලටම එකල 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව මඩ ගැසුවේය. මේ මඩ අනල ගැහුවේ බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා අනුර ගහපු 'අද' නම් වූ මඩ පත්තරයෙන්ය. වරක් ප්‍රේමදාස සිංගප්පූරුවේ ආණ්ඩුවේ ආරාධනයෙන් එරට සංචාරයක ගිය විට අද පත්තරය මඩගැසුවේ "ආව් ආව් සිංගප්පූර් ප්‍රේමේ" කියල පත්තරයේ හෙඩ්ලයින් දමලාය. කෙහෙල්වත්තේ ඉපදුණු ප්‍රේමදාසලා සිංගප්පූරු ගියාම අනුරට හරියට රිදුණි.
හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ සුනේත්‍රා බණ්ඩාරනායක නවදිල්ලි හෝටලයේ ලොකු ඇබැද්දියකට (ඇබැද්දිය මෙහි ලිවිය යුතු නොවේ) මුහුණපෑවාය. සුනේත්‍රා ජේ.ආර්.ට කතා කොට ඇබැද්දිය කියා එය රහසක් ලෙස තබාගන්නා ලෙසට ඉල්ලීමක් කළාය. ඒ වෙනකොටත් ප්‍රේමදාසට එය ආරංචි වී තිබිණි. ජේ.ආර්. ප්‍රේමදාස කැඳවා ඒ ගැන කතා නොකරන ලෙස අවවාද කළේය.

ලොකු ලොකු මිනිස්සු ලොකු ලොකු පවුල්වල ඒවා හංග ගන්නේ එසේය. ප්‍රේමදාසගේ වැනි පොඩි මිනිහාගේ පවුලකට ඇබැද්දියක් වූ විට හැමෝම එය උලුප්පා පෙන්වති. දුලාංජලී ජයකොඩි හොර නෝට්ටු බැංකුවට දමන්න ගියේ හොර නෝට්ටු බව නොදැනය. පොලිස් ප්‍රකාශකයා එය තහවුරු කළත් මහින්ද ඉන්න වේදිකාවේ ඇමැතිවරු සජිත් පන්සල්වලට බෙදන්නේ හොර නෝට්ටු යැයි කියමින් සමච්චල් කළහ. දුලාංජලීගේ හොර නෝට්ටු සිද්ධිය ලොකු පුවතක් කරගෙන කරේ දමාගත්තේ රනිල්ගේ මාමාගේ ලංකාදීප පත්තරයය. ප්‍රේමදාස ජීවත්ව සිටියදී ඔහුට ගැහුවේත් මේ ලංකාදීප පත්තරයය. එකල ඔසී අබේගුණසේකර කිව්වේ ප්‍රේමදාස ජනාධිපතිකම රැකගන්න කන්‍යාවියන් බිලි දෙනවා යැයි කියා විපක්‍ෂය ගොතපු මඩ කතාව ඇත්ත කරන්න ලංකාදීප පුවත්පත හැමදාම වයස අවුරුදු 18ට අඩු දැරිවියන් අතුරුදන් වෙනවාය කියා බොරු පුවත් හදල දමපු බවය. ප්‍රේමදාස ඝාතනය වුණාම රනිල්ගේ මාමලාගේ ලංකාදීපය හිතුවේ යූ.ඇන්.පී.ය කෙහෙල්වත්තෙන් යළි කුරුඳුවත්තට ආවා කියලාය. ලංකාදීප හිමිකරුගේ පුත් රුවන් විජයවර්ධනව යූ.ඇන්.පී.යේ ඔටුන්න හිමි කුමාරයා ලෙස බෞතීස්ම කරන්න දත කෑවේ ඒකය. ඒකට පරහට සිට ඇත්තේ සජිත් ප්‍රේමදාසය. දැන් දුලාංජලීගේ හොර නෝට්ටු සිද්ධිය අල්ලාගෙන ලංකාදීපය සජිත්ව විනාශ කරන්න දතකයි. රජයේ මාධ්‍ය කියන්නේ සජිත්ට කළ කම් පලදීලා කියලාය. මේ දවස්වල සජිත්ව විනාශ කරන්න ලංකාදීපයයි රජයේ මාධ්‍යයි රජය විසින් හසුරුවන නිදහස් යැයි කියාගන්නා මාධ්‍යයකුත් බරටම වැඩය.

යූ.ඇන්.පී.ය කුරුඳුවත්තේ තියෙනකොට ලංකාදීපයට හරි වාසිය. යූ.ඇන්.පී.ය කෙහෙලේවත්තේ තියෙන කාලයේ ප්‍රේමදාස පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා මුද්‍රණය කරන්න පක්ෂයට මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගත්තේය. යූ.ඇන්.පී.ය කුරුඳුවත්තට ආවාට පසු රනිල් මුද්‍රණ යන්ත්‍රණය විකුණා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා මුද්‍රණය මාමාගේ ලංකාදීප පත්තර මුද්‍රණාලයට භාර දුන්නේය. සජිත් ආවොත් ආපහු ඒ වාසි නැති වනු ඇත.
"මාව ඝාතනය කරන්න මම බොහොම අමාරුවෙන් හදාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා. සත්‍ය කවදා හෝ ජය ගනී."
මේ ප්‍රේමදාස මැරෙන්න පෙර දින ඇස්වල කඳුළු පුරවගෙන ලංකාදීපය ඇතුළු විපක්ෂයේ මඩ ෆැක්ටරියෙන් කළ කාරුණික ඉල්ලීමය. ප්‍රේමදාස ඝාතනය වූ දින මොවුන් ජය පැන් බොන්න ඇත. හැබැයි ඔවුන්ට හඬන්න වෙන දවස අත ළඟය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive