ගල්කිස්සේ මෙනේරිගම පාරේ පදිංචිව සිටි 14 වැනි වියෙහි පසුවූ කොලු ගැටයෙක් අසල නිවසක සිටි සම වයසේ කොලුවකු සමග දිනක් හිතුවක්කාර ගමනක් ගියේය. ඒ 1970 වසරේ දිනකය.චිත්‍රපට නළුවකු වීමට පෙරුම් පිරූ මේ කොලු ගැටයා ‘සරසවිය’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් පිටුපස හඹා ගිය හිතුවක්කාර ගමනකි මේ. නිෂ්පාදනයේ තිබුණු “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයේ රූපගතකිරීම් මේ දිනවල හැඳල විජය චිත්‍රාගාරයේ සිදුවන බවය මේ ප්‍රවෘත්තිය. මේ චිත්‍රපටයේ රූපගතකිරීම නොහොත් ‘ෂූටිං’ බැලීමට යාමය මේ යාළුවන්ගේ අරමුණ වූයේ.
නළු පිස්සුව තිබූ පුංචි යාළුවා තම සගයා ඇමතීය.
“රංජිත් අපි ගෙදරට හොරෙන් හැඳල යමු. මම ආසයි ෂූටිං බලන්න. මගේ ජීවිතේ මුල්ම ෂූටිං එකක් බලන්න යන ගමනට ඔයාගේ සපෝට් එක ඕනෑ. අපි මොකක් හරි බොරුවක් කියලා උදේ 6ට විතර යමු. මම ගමන් වියදම් හොයා ගත්තා.”
කතිකා කරගත් පරිදි පසුදා උදෑසන දෙමිතුරෝ බසයෙන් වත්තලට ගොස් එතැනින් හැඳල යන පාර අසා පයින්ම විජය චිත්‍රාගාරයට ගියහ. ආරක්ෂක නිලධාරියාට අවශ්‍යතාව පැහැදිලි කළ පසු, “ඔයගොල්ලන්ට ඇතුළට යන්න දෙන්න බෑ.” යයි ඔහු තදින්ම කියා සිටියේය.
“අපි බොහොම දුර ඉඳලා ආවේ. අපිට ෂූටිං බලන්න ඕනෑ”
“බැහැ, බැහැ, නීල් රූපසිංහ මහත්තයගේ (අධ්‍යක්ෂගේ) අවසරය ඕනෑ.” ඔහු තරයේ කීවේය.
දෙමිතුරෝ නීල් රූපසිංහ ගේ ගෙදරට යන පාර අසා වත්තල නිවසට ගියෝය. ඔවුහු සීනුව හැඬවූහ. නීල් එළියට ආවේය.
“සර් අපිට ෂූටිං බලන්න ආසයි. ස්ටුඩියෝ එකේ සිකියුරිටි කිව්වා සර්ගේ අවසරය ඕනෑ කියලා.”
“මේ ළමයි යන්න. මම කිව්වා කියන්න. මම තව ටික වේලාවකින් එනවා.”
දෙමිතුරෝ යළිත් බසයක නැගි චිත්‍රාගාරයට ගියෝය. ඔවුන් යන විට නීල්ගේ මෝටර් රිය ඇතුළට ගොසිනි. නළු සිහිනය තියෙන මිතුරා අනිකාට මෙසේ කීවේය.
“මචං අපි දෙන්න හයියෙන් අඬන්න පටන් ගමු.”
මිතුරෝ දෙදෙන මුළු විජය ස්ටුඩියෝවටම ඇහෙන්න මර හඬ දී ඇඬුූහ. වැඩිපුරම ඇඬුවේ නළු මිතුරාය. එය ඔහුගේ මුල්ම රඟපෑම වූ බව ඔහුවත් නොසිතන්නට ඇත.
“හා... හා... මේ ළමයි අඬන්න එපා ඇතුළට යන්න. හැබැයි කරදර නොකර නිශ්ශබ්දව ෂූටිං බලන්න ඕනා” සිකියුරිටි නම ගම ලියාගෙන මිතුරන් ඇතුළට යැව්වේය.
පසුකාලීනව ශ්‍රී ලංකාවේ
විශිෂ්ට රංගන ශිල්පියකු වූ මහේන්ද්‍ර පෙරේරාගේ මුල්ම රඟපෑම සටහන් වන්නේ එසේය.
“එදා අපිව සික්කා බයිට් කළා කියලයි දැන් මම හිතන්නේ. විජය චිත්‍රාගාරයේ ලොකු වෙයා හවුස් එකක් (ගබඩාවක්) ඇතුළේ ගෙයක් හදලා අවට කෙහෙල් ගස් වවල තිබුණා. අසල මේසයක් උඩ ටේප් රෙකෝඩරයක් තියාගෙන කාර්මික ශිල්පියෙක් ගීතයක් වාදනය කළා.
“කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ”
“ෂ: මරු දවසේ අපි ඇවිත් තියෙන්නේ” මම මිතුරාට කිව්වා. ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ඇන්තනී සී. පෙරේරා, සේනාධීර රූපසිංහ ඒ ගීතය ගයමින් ඩාන්ස් කරනවා.
“දවල් වෙනකං ෂූටිං කරලා කෑමට නැවැත්තුවා. අපිට කන්න සල්ලි නෑ. වතුර පයිප්පයක් තිබුණා. එතන්ට ගිහින් අපි බඩ පිරෙන්න වතුර බිව්වා. ආයිත් ෂූටිං පටන් ගත්තා. හිත සන්තෝසෙන් පිරිලා. වෙලාව යනවා දැනුනෙවත් නෑ”
“මහේන්ද්‍ර දැන් දවල් වෙලා. දැන් තාත්තලා මාව හොයනවා ඇති. යමු නේද?”
අපි එළියට ආවා. හොඳටම කළුවර වැටිලා. කාගෙන්දෝ වේලාව ඇහැව්වා. රෑ හතහමාරයි. මට තරු පෙනුණා. අපි හනික බස් එකක නැගලා ගෙදර යන කොට රෑ නවයත් පහුවෙලා. මගේ යාළුවගේ තාත්තා පුතා ගෙදර ආවේ නෑ කියලා පොලීසි ගිහිල්ලා. අපේ තාත්තත් පොලීසියට යන්න ලෑස්ති වෙනවා. අහල පහල කට්ටිය මිදුලේ පිරිලා. මම ගෙට ගොඩ වුණා විතරයි තාත්තා ඇවිත් හොඳ කම්මුල් පාරක් දුන්නා. හරි සනීපයි. මගේ යාළුවගේ තාත්තා මිනිහව ඇදගෙන ගිහිල්ලා මේසයේ බැඳල ගැහැව්වා.” මේ සිද්ධිය මහේන්ද්‍ර විස්තර කරන්නේ ඔහුගේ ජීවිතයේ අමතකම නොවන සිද්ධියක් ලෙසිනි.
මහේන්ද්‍ර ශ්‍රී කාන්ත පෙරේරා 1956 අගෝස්තු 17 වෙනිදා උපත ලැබුවේ වැල්්ලවත්තේදීය. මහේන්ද්‍රට වැඩිමහලු සොහොයුරියන් දෙදෙනෙකි. ප්‍රියන්ති දමයන්ති හා ගිවන්ති කල්‍යාණි මේ දෙදෙනාය. වින්සන්ට් පෙරේරා නම් වූ තාත්තා බ්‍රවුන්ස් සමාගමේ ගබඩා
කළමනාකරුවකු වූ අතර දෝන සෝමා වීරසේකර නම් වූ මව රජයේ රෝහල් කිහිපයක මේට්‍රන්වරියක ලෙස සේවය කළ තැනැත්තියකි.
“තාත්තාට වඩා අම්මා තමයි කලාවට ප්‍රිය කළේ. මට රෑට නින්ද යන තෙක් කතන්දර කියලා දුන්නේ අම්මා. ක්ලියෝ පැට්රා, මර්චන්ට් ඔෆ් වෙනිස්, ජුලියස් සීසර් වගේ කතා මට තවමත් මතකයි. ඒ වගේම අම්මා සංගීතයටත් ඇළුම් කළා. මේ නිසා ඇය මට පුංචි පියානෝ එකෝඩියන් එකක් ගෙනත් දුන්නා.”
මහේන්ද්‍ර මුලින්ම අකුරු කළේ නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලයෙනි. ඉන්පසු ඔහුව මහරගම විද්‍යාකර විද්‍යාලයට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් විය.
“මගේ පන්තියේ සිටි හොඳම යාළුවා වූයේ අද අපට සිටින විශිෂ්ට වයලීන වාදකයකු හා සංගීත නිර්මාණ ශිල්පියකු වන කලණි පෙරේරායි. අපි දෙන්නා තර්ස්ටන් එකේදි සංගීත පැත්තෙන් ඉදිරියට ගියා. අපේ සංගීත ගුරුවරයා යෝගානන්ද විජේසුන්දර. මම වයලීනයත්, ජල තරංගයත්, තබ්ලාවත්, සයිලෆෝනයත් වාදනය කිරීමට ඉගෙන ගත්තා.
ඒත් පුංචි කාලේ ඉඳලම තිබුණේ චිත්‍රපට නළුවෙක් වෙන පිස්සුව. ගම්පෙරළිය චිත්‍රපටය බලල ඇවිත් මම චිත්‍රපටයේ පුණ්‍යා හා හෙන්රි රඟපෑ අවස්ථාවක් අම්මට රඟපාලා පෙන්නුවා. පියල් (හෙන්රි) නන්දාට (පුණ්‍යාට) ඉංග්‍රිසි ටියුෂන් දීල ඉවර වෙලා යන්න කලින් ලියුමක් පොතක් අස්සෙ දාලා දෙනවා. නන්දා දන්නේ නෑ. පියල් ගිය පසු ඇය පොත අතේ තියාගෙන කල්පනා කරනවා. පොත අස්සෙන් ලියුමක් වැටෙනවා. නන්දා වට පිට බලල ලියුම අහුල ගන්නවා. මේ දර්ශනය තමයි මම කරල පෙන්නුවේ. අම්මටයි තාත්තටයි හොඳටම හිනා.” මහේන්ද්‍ර ඒ සුන්දර ගැටවර විය සිහිපත් කරයි.
“මම බලපු මුල්ම සිංහල චිත්‍රපටය “අදට වැඩිය හෙට හොඳයි”. “සිකුරු තරුව” ඊළඟට බැලුවා. ඒ කාලේ මගේ හොඳම නළුවෝ ගාමිණී, ජෝ, ටෝනි.”
මහේන්ද්‍රගේ චිත්‍රපට පිස්සුවට තාත්තා බය වුණේය. ඒ ඔහු ඉගෙනීම කඩාකප්පල් කරගනීවීය කියාය.
“බලපන් උඹේ හැටි. උඹ කොටයි, පෙනුමක් නෑ. කොහොමද ඉතිං බයිස්කෝප් නළුවෙක් වෙන්නේ.” තාත්තා මහේන්ද්‍ර අධෛර්යමත් කිරීමට නිතර එසේ කිව්වත් ඔහු හිත වෙනස් කරගත්තේ නැත. සංගීතය ගැන තිබුණු දැනුම උපයෝගී කරගෙන ඔය කාලයේ මහේන්ද්‍ර ගල්කිස්සේ අධජඬ ඕචදඤ එකක ගිටාර් ගැසුවේය. ඩෙනිම් කලිසමක් ඇඳ, මාල දමාගත්, කොණ්ඩය වවාගත් ඔහු පෙනුණේ නියම හිපියෙකු මෙනි. තාත්තාට ඔහුගේ මේ ජීවන රටාව කිසිසේත් රිස්සුවේ නැත. පිය පුතු ගැටුම නිසා පුතු ගෙදර අතැර ඈතින් ඥාති වෙන අයියා කෙනෙකු සොයා හපුතලේ ගියේය.
“මම අවුරුදු දෙකක් අයියත් එක්ක එකතුවෙලා අල වැව්වා. ගොවිතැන් කළා. හපුතලේ යාලෙබැද්දේ අපි හිටපු ගෙදරට එහා හිටියේ උපුල් ශාන්ත සන්නස්ගල. අපි දෙන්නා ගොවිතැන් කළා. මම රැවුල වවාගෙන බුලත් හපය කාගෙන හිටිය කාලයක්. හවස මමයි උපුලුයි දිය ඇල්ලකින් නානවා. අපි නාට්‍ය, චිත්‍රපට ගැන කතා කරනවා. උපුල් තමා කියවූ නවකතා ගැන මට කියනවා. ඒක ලස්සන කාලයක්.”
තාත්තා හදිසියේම හපුතලේ ඇවිත් මහේන්ද්‍රව ගෙදර එක්ක ගියේ “උඹ ඕනෑ දෙයක් කරගනින්” යයි කියමින් පූර්ණ නිදහස ලබා දෙමිනි. එයින් පසු මහේන්ද්‍ර ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාවට බැඳුනේ රඟපෑම ගැන ඉගෙනීමටය. ඔහු සමග
අනුෂ්කා මැදිවක, විල්මන් සිරිමාන්න සිටියහ. මේ පාඨමාලාව මහේන්ද්‍රට එපා වූයේ ධම්ම ඉගැන්වූයේ ‘මනමේ’ හා ‘සිංහබාහු’ නාට්‍යවලට ගැළපෙන ආකාරයේ රංගනය පමණක් වීම නිසා යයි ඔහු කියයි. ඔහු ධම්ම එක්ක ගැටුණේය. මහේන්ද්‍ර කියන විදියට දිනක් ධම්ම ඔහුට බැණ වැදී
එළවාගෙන ඇත.
“තමුසෙගේ කට වැඩියි. තමුසෙ යනවා එළියට.”
“හොඳයි මම යනව සර්. හැබැයි මම ගිහිල්ල කවදහරි හොඳ නළුවෙක් වෙනවා.” මහේන්ද්‍ර එදා පන්තියෙන් එළියට බැස ඇත්තේ එසේ කියමිනි.
ඉන්පසු ආචාර්ය සාලමන් ෆොන්සේකා එතෙර රංගනය ගැන ඉගෙන ලංකාවට පැමිණ කොළඹ කේරි විද්‍යාලයේ පැවැත් වූ නාට්‍ය පාඨමාලාවට සහභාගි වූ මහේන්ද්‍රට එහිදී සුප්‍රකට රුසියානු නාට්‍යවේදී කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලව්ස්කි විසින් හඳුන්වාදෙනු ලැබූ රංග රීතීන් ඉගෙන ගන්නට ලැබිණි. එහිදී ඉගෙන ගත් දෑ ඔහුගේ සිත් ගත්තේය.
“අපේ ගෙදර අසල තමයි අරිසෙන් අහුබුදු මහතාත් හිටියේ. එතුමාගේ පුතා දෙමින්ද අහුබුදුයි මායි මිත්‍රයෝ. අපි එකට ක්‍රිකට් ගැහැව්වා. මේ නිසා මට අහුබුදු සර් එක්ක කතා කරන්න ලැබුණා. කලාව ගැන විශේෂයෙන්. අහුබුදු සර් මහ නළු ගාමිණී ෆොන්සේකා ගේ ගුරුවරයකු බව මම දැන හිටියා. “අහුබුදු සර්. ඔබතුමාගේ ගෝලයනේ ගාමිණි සර්. මේ දවස්වල “සක්විති සුවය” කියල චිත්‍රපටයක් එතුමා අධ්‍යක්ෂණය
කරනවා. ඒකෙ චරිත ගොඩක් තියෙනවා. එතුමාට සර් කිව්වොත් මට අවස්ථාවක් ලැබේවි” මම දවසක් අහුබුදු සර්ට කිව්වා.
දවසක් අහුබුදු සර් එක්ක ගාමිණි සර්ගේ රත්මලානේ සිරිමල් උයන නිවසට මම ගියා. මාව හොඳට
නිරීක්ෂණය කරල තව දින දෙකකින් එන්න කිව්වා. එදා එහි යන කොට
නිෂ්පාදක කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, කතා රචක දයා රාජපක්ෂත් ඇවිත් හිටියා.
“ආ තමුන්නාන්සේ ආවද? ඔය කොණ්ඩේ කපන්න එපා. ඔහොම හොඳා. තව මාල වළලු ටිකක් හොයා ගන්න වෙයි.
“සර් මට ඒව තියෙනවා. ඒව ගෙදර තියල ආවේ” මම කිව්වා.
‘සක්විති සුවය’ චිත්‍රපටයේ මම රඟපෑවේ බර්ටි මල්ලි කියල චරිතයක්. මගේ අම්මට රඟපෑවේ ශාන්ති ලේඛා. මේ මගේ මුල්ම චිත්‍රපට රඟපෑම. මේ චිත්‍රපටයේ දෙබස් කැවීම් (ඩබින්) තිබුණේ විජය චිත්‍රාගාරයේ. එදා මම මහත් අභිමානයෙන් අර කලින් දවසේ ‘හතර දෙනාම සූරයෝ’ රූගත කෙරුණු තැනට ගියා. එතැන ඒ විදිහටම තිබුණා. දෙයියනේ මම ඉස්සෙල්ලාම ෂූටිං බලපු තැන. මම එතැන කිහිපවරක් එහා මෙහා ගියා. මම ඩබින් කරන කොට ඩී.බි. නිහාල්සිංහ සර් ගාමිණී සර් හම්බවෙන්න ආවා. මම එක වතාවෙන් දෙබස් කැවූ හැටි එතුමා බලා හිටියා. නිහාල්සිංහ සර් ආපහු යනකොට මම පිටිපස්සෙන් ගියා.
“සර් මම කැමතියි සර්ගෙ ‘රිදී නිම්නය’ චිත්‍රපටයේ රඟපාන්න”
“රිදී නිම්නය පොත කියවල තියෙනවද?”
“ඔව් සර්”
“ඔයාගෙ පින්තූරයකුත් අරං මාව හම්බවෙන්න එන්න”
“සර් මම සර්ගෙන් චරිතයක් ඉල්ල ගන්න ඔබතුමාගේ එලිබෑන්ක් පාරේ ගෙදර ගාවට ඇවිත් දවස් කීපයක් ගේට්ටුව ළඟ කරකැවුණා”
‘ඇයි ඉතින් ඇතුළට නාවේ?’ නිහාල් සර් හිනාවෙවී කාර් එකට නැග්ගා.”
‘රිදී නිම්නය’ චිත්‍රපටයේ මහේන්ද්‍ර වින්කලේ නිව්ටන් ලෙස රඟපෑවේය. ඔහුට හාපුරා කියා රු. 1500/- මුදලකට ගිවිසුමක්ද අත්සන් කිරීමේ අවස්ථාව ලැබිණ. ඒ කාලේ හැටියට (1979) එය මහේන්ද්‍රට ලොකු මුදලකි. ඔහු හාපුරා කියා රඟපෑ වේදිකා නාට්‍යය වූයේ සාලමන් ෆොන්සේකාගේ ‘අහිමි ජීවිත’ නම් පරිවර්තන නාට්‍යයයි.
තම ජීවිතයේ අමතකම නොවන සිද්ධියක් කොට මහේන්ද්‍ර සලකන්නේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රඟපෑමය. ගාමිණි ෆොන්සේකා දිනක් ඔහුට තමා හමුවන්නැයි පණිවුඩයක් එවීය.
“මහේන්ද්‍ර ඔයාට මේ චිත්‍රපටයේ රඟපාන්න තියෙන්නේ සුළු චරිතයක්. කොටින්ම හිරකාරයෙක් හැටියට එහාට මෙහාට යන්නයි තියෙන්නේ. නමුත් ඊට වඩා ඔයාට මේකෙන් අවස්ථාව ලැබෙනවා. මිනිස්සු හඳුනා ගන්න. රඟපෑම ගැන ඉගෙන ගන්න. කර්මාන්තය ගැන ඉගෙන ගන්න”
“හොඳයි, මම කැමතියි සර්”
“සාගරයක් මැද” චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස් මුල් වරට රඟපෑවා. මම ගාමිණී සර් කිව්ව විදිහට සිනමාකරණය ගැන හොඳ පාඨමාලාවක් හැදෑරුවා” මහේන්ද්‍ර කීවේය.
ටෝනි රණසිංහ තම රංගන ජීවිතය ආලෝකමත් කළ රංගවේදියකු ලෙස මහේන්ද්‍ර කෘතඥතාවයෙන් යුතුව මතක් කරයි. හෙලේනා ලෙහ්තිමකිගේ ‘පුන්තිලා’ නාට්‍යයේ රඟපෑමේදී ටෝනි ඔහුට මහත් සේ උපකාර කොට ඇති අතර මහේන්ද්‍ර එහිදී වසර තුනක වැඩමුළුවකටද සහභාගි වී ඇත. ටෝනි නිශ්පාදනය කළ “ගිම්හානේ රැයක සිහිනයක්” හා “ජූලියස් සීසර්” ශේක්ස්පියර් නාට්‍යවල ඔහුට රඟපෑමට අවස්ථාව උදාවිය. මේ අතර ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” නාට්‍යයේද ඔහු රඟපෑවේය.
අද වනවිට චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය රැසක රඟපාමින් ලංකාවේ සිටින විශිෂ්ඨතම රංගවේදියකු ලෙස ගෞරවයට පාත්‍රවී සිටින මහේන්ද්‍රගේ තරුණ කාලය ගත වී ඇත්තේ විනෝදශීලී, වගකීමක් නැති, සරල සැහැල්ලු ජීවන රටාවක් තුළය.
“ඒ කාලේ ගල්කිස්සේ එක එක පාරවල්වල මට පෙම්වතියෝ කිහිපදෙනෙක් හිටියා. ඒත් ඒවා සීරියස් ඒවා නොවෙයි” අව්‍යාජ, විවෘත පුද්ගලයකු වන මහේන්ද්‍ර සිනාසෙමින් කියයි.
මහේන්ද්‍රගේ අත ගත් යුවතිය ඔහුගේ දුර ඥාතිවරියකි. කාලයක් ඇය ඔහුගේ ගෙදර නතර වී සිට ඇත. ඔවුන් දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධය විවාහයෙන් කෙළවර වීමට පෙර මහේන්ද්‍ර ඇයට කොන්දේසියක් දැම්මේය. “මගේ ජීවිතය කලාව. මම රැකියාවක් කරන්නේ නැහැ. රැකියාවක් කරන්න කියන්නත් එපා”
ඇය ඒ සියල්ලටම එකඟ වූවාය. ඇගේ නම තක්ෂිලා දමයන්තිය. අද මේ දෙදෙනාට උවින්, නවීන්, ප්‍රවීන් නම් පුතුන් තිදෙනකි. බිරියත්, දරු තිදෙනාත් සමග මහේන්ද්‍ර කලා ජීවිතයේ දිනෙන් දින ඉදිරියට යමින් සුන්දර ජීවිතයක් ගත කරයි.
ඒ.ඩී. රන්ජිත් කුමාර

0 comments:
Post a Comment