ඉකුත් සතියේ කොටුවේ පැවැති සරසවි සිසු උද්ඝෝෂණය මැඬලීමට ගිය පොලිසිය අලුත් අත්දැකීමක් ලබා ගත්තේය. සිසුන්ට එල්ල කළ අධි සැර ජල ප්‍රහාර පොලිස් නිලධාරීන්ට වැදී ඔවන් මහත් අපහසුතාවට පත්ව සිටි ආකාරය මාධ්‍ය මඟින් රටම දැකබලාගත්තේය. පොලිසියට සිදුවූ අකරතැබ්බ ගැන උපහාසයෙන් කතා කළා නම් මිසෙක කිසිවකු ඒ ගැන කම්පා වී යැයි සිතීම අසීරුය. පොලිසිය ගැන ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නොමැති වීම ඊට
හේතුවය.
ව්‍යාජ වැරැදිවලට පුද්ගලයන් හසුකර ගැනීම පොලිසියේ ඇති කැත පුරුද්දකි. මෑතකදී එවැනි වැඩක් කිරීම නිසා අධිකරණය පොලිසියට දැඩි ලෙස අවවාද කර තිබිණි. එහෙත් මේ කැත පුරුද්දට පොලිසිය හුරු වුණේ අද ඊයේක නොවේ. 1971 කැරැල්ල සමයේ කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නොතිබූ සිය ගණනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ බව ප්‍රකටය. තරහ මරහ ඇතුළු පෞද්ගලික හේතු එලෙස රාජ්‍ය විරෝධී ලේබලය අලවා අත්අඩංගුවට ගැනීමට බලපෑ බව නොරහසකි. 1988-1989 ධවල භීෂණ සමයේද පොලිසිය ජවිපෙ ලේබලය යටතේ ඊට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව ප්‍රසිද්ධ රහසකි. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ලබාදෙන ලැයිස්තුවලට අනුව එලෙස අල්ලා ගත්තවුන්ට පෙරළා නිවෙසට පැමිණීමට ලැබුණා නම් ඒ කලාතුරකිනි. භීෂණයට මුවා වී සිය පෙම්වතිය මරා පිලිස්සූ පොලිස් නිලධාරියකු පසුව නීතියේ රැහැනට හසු වූ අතර ඒ හෙළිදරව් වූ එක් සිදුවීමක් පමණි.
ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාවේ බබුන් නම් තරුණයාගේ තරුණ බිරිය රන් මැණිකාව කොටුකර ගැනීම සඳහා ගමේ මුදලාලි හා ආරච්චිල එකතුවී කරන සැලැසුමකට අනුව මුදලාලි සතු බඩු පෙට්ටියක් සිය නිවෙසේ තිබී සොයාගැනීම නිසා බබුන් පොලිස් අත්අඩංගුවට පත්වේ. නොකළ වරදකට වැරැදිකරු වන බබුන් හිරේ යයි. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ හම්බන්තොට හද්දා පිටිසර ගමක වූ මේ සිද්ධිය අදත් අපේ පොලිසිය යටතේ එලෙසම සිදුවේ. ඇතැම් දේශපාලනඥයන් ප්‍රමුඛ බලවතුන් හා පොලිසියේ පිරිස් මෙවැනි වැඩවලදී ගජමිතුරු භූමිකාවක් රඟපාන බව කීම අතිශයෝක්තියක් නොවේ. වරදක් නොකළ පුද්ගලයකු වැරැදිකරුවකු කිරීම බරපතළ අපරාධයකි. එය යුක්ති ධර්මයට එකඟ නැත. මිනිස්කමට නිගරු කරන මේ කැත වැඩවලට උල්පන්දම් දෙනු ලබන්නේ දේශපාලනඥයන් ප්‍රමුඛ බලවතුන්ගේ පදේට නටන පොලිස් රූකඩයන් විසිනි.
ආර්ථික දුෂ්කරතා හමුවේ ඕනෑම මනුෂ්‍යයෙක් අසරණ වෙයි. අසරණ වූවකු වරදට පෙලැඹීමට ඇති ඉඩකඩ වැඩිය. පොලිස් නිල ඇඳුම ඇඟලාගත්තද ඔවුහුද මනුෂ්‍යයෝය. පොලිස් නිලධාරීන්ටද රක්ෂාකිරීමට මවුපියෝ, බිරින්දෑවරු හා දූ දරුවෝ සිටිති. ලැබෙන සොච්චම් වැටුපෙන් ජීවත්වීම අසීරු වනවිට අල්ලසට, දූෂණයට, වංචාවට පොලිස් නිලධාරියෙක් නොදැනීම ඇදී යයි.
රටේ ඇත්තේද වරදට පොලඹවන පරිසරයකි. හාත්පස පැතිර ඇත්තේ බොරුවය. බොරුකාරයන් මැද ඇත්ත යුත්ත වෙනුවෙන් පෙනී සිටීම පහසු වන්නේ නැත. ආර්ථික පීඩනයෙන් ඔළුව අල්වන පොලිස් නිලධාරියා ද ඇත්ත - බොරුව අතරේ අතරමං වන්නේය. ඒ නිසා කළ යුත්තේ පොලිසියේ වැටුප් තල ඉහළ දැමීමය. සෑහීමකට පත්විය හැකි වැටුපක් ඔවුන්ට ලබාදීමය. හිස කෙළින් තබාගෙන රාජකාරිය කළ හැකි පසුබිමක් පොලිසියට සකසාදීමයි. වැදගත්ම කාරණය වන්නේ දේශපාලනීකරණයෙන් පොලිසිය මුදා ගැනීමය. ඒ සඳහා පූර්ණ බලැති පොලිස් කොමිසමක් පිහිටුවීම හැර අන් විකල්පයක් නැත. හමස් පෙට්ටියට දමා ඇති පොලිස් කොමිසම බලාත්මක කිරීමට හැකි වේ නම් යුක්ති ධර්මයට යළි පොලිසියේ ෙදාරටු විවර වනු ඇත. නොඒසේ නම් මිනිසුන්ට සිදුවන්නේ බැද්දේගම බබුන්ට අත්වූ ඉරණම තමන්ට ද අත්වන තුරු සිය නිවෙසේ ෙදාරටු විවර කර තබා බලා සිටීමට පමණි.

0 comments:
Post a Comment