යුද්ධයෙන් සැමියා මියගිය බව පැවැසෙන මල්ලාවි පොලිස් බල ප්‍රදේශයට අයත් පාලිනගර් ගම්මානයේ වෙසෙන වැන්දඹු දමිළ කාන්තාවකට ලිංගික අතවර කෙළේ යැයි සැක මත මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
දරුවන් තිදෙනකුගේ මවක් බව සඳහන් වන අතවරයට ලක්වූ 43 හැවිරිදි කාන්තාව යම් සිද්ධියක් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා මල්ලාවි පොලිසිය වෙත පැමිණි අවස්ථාවේ සැකකටයුතු කොස්තාපල්වරයා අදාළ කාන්තාවට උදව් කරන මුවාවෙන් ඇය
පදිංචි ස්ථානය හා තොරතුරු ලබාගෙන ඇත. ඉකුත් 24 දින රාත්‍රි ඇය වෙසෙන පාලිනගර් ප්‍රදේශයේ නිවෙසට ගොස් මෙම අතවරය සිදුකොට ඇති බවද පැවැසේ.
කාන්තාවගේ විරෝධය නොතකා පොලිස් කොස්තාපල්වරයා විසින් ඇයට ලිංගික අතවරයක් කිරීමට දිගින් දිගටම උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ කෑ ගැසීම අසා එම නිවෙසට පැමිණි ප්‍රදේශවාසීන් කොස්තාපල්වරයා අල්ලා යුද හමුදා නිලධාරීන්ට භාරදීමෙන් පසුව හමුදා නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව මල්ලාවි පොලිසිය දැනුම්වත් කොට සැකකටයුතු කොස්තාපල්වරයා පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත.
සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා පසුගියදා (25දා) මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

0 comments:
Post a Comment