facebook like

පාලංකඩ හීනා වෙඩි කා නසී ..... ඝාතන 22යිකොල්ලකෑම් 21යි

කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන කළ, මංකොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට ‍පොලීසියට අවශ්‍යව සිටි අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් පාලංකඩ හීනා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව අවි පෙන්වීමට ගොස් රත්නපුර මහවල වත්තේදී ‍පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ (11) පෙරවරුවේදී මරුමුවට පත්ව ඇත. සැඟවූ අවි පෙන්වීමට ගිය සැකකරු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායාමට සූදානම් වූ
අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා සෙබළු සිය ආරක්ෂාවට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු මියගිය බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා කීය. රත්නපුර හිදැල්ල ප්‍රදේශයේදී ඉකුත් පෙබරවාරි 13 වෙනිදා සවස මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර (42) මහතාට සිය බිරිඳ සහ දරුවන් ඉදිරියේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේද පාලංකඩ හීං මල්ලි නොහොත් පාලංකඩ හීනා නමින් හඳුන්වන අරුම ගමගේ සුගත් චාමින්ද බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
‍පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියකු ඇතුළු මිනිස් ඝාතන 22ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවතින බවත් ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සම්බන්ධ නඩු 21ක් තිබෙන බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
නිවිතිගල මැණික් ව්‍යාපාරිකයකුව කොල්ලකා මැණික්ද රැගෙන පලායමින් සිටි පාලංකඩ හීනා නමැති මෙම සැකකරු පසුපස පන්නමින් සිටි ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඔහු වෙඩි තබා මරා දමා තිබෙන බව ‍පොලීසිය කියයි.දකුණේ නම ගිය අපරාධ කල්ලි සාමාජිකයෙක් වූ වම්බොට්ටා නමැත්තාව කොස්ගමදී වෙඩි තබා ඝාතනය කළ කල්ලියේ සාමාජිකයෙක් ලෙසද මොහු කටයුතු කර ඇති බව ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බෙලිඅත්තේදී 2004 වසරේ අගෝස්තු 13 වෙනිදා රාත්‍රී කාලයේ අවමඟුල් නිවසකට කඩා වැදී හතර අතේ වෙඩි තබා සිවු දෙනකු ඝාතනය කිරීමටද මොහුගේ සම්බන්ධයක් ඇති බව ‍පොලීසිය කියයි.‍පොලීසිය පවසන ආකාරයට වීරකෙැටියේදී 2004 අගෝස්තු 10 වෙනිදා අමරසිංහගේ ධර්මදාස නමැත්තාට ස්වයංක්‍රීය අවියකින් වෙඩි තබා මරා දමා ඇත්තේද මොහුය.
මොරකැටියේදී 2009 වසරේ ඔක්තෝබර් 22 දා සෙවනගල වසන්ත නමැති අය වෙඩි තබා මරා දැමීමත් 2010 වසරේ ඇඹිලිපිටියේ සිදුවූ තවත් ඝාතනයකත් සැකකරුවන්ගේ පාලංකඩ හීනා බව ‍පොලිස් වාර්තාවල සඳහන්ය.
වලස්මුල්‍ලේදී 2004 මැයි 19 වෙනිදා පුද්ගලයන් තිදෙනකුව පැහැරගෙන ගොස් සීලවතී පර්වතයේදී ඒ එක් අයෙක් වෙඩි තබා මරා දැමීමක්ද ඇඹිලිපිටිය වැව්වතුර ප්‍රදේශයේදී කංකොට්ටාගේ සුජිත් ශාන්ත නොහොත් මෝදක වසන්ත නමැති අය 2010 ජූලි 18දා වෙඩි තබා මරා දැමීමක්ද ඇඹිලිපිටිය කැටගල්ආරේදී 2011 අගෝස්තු 11 වෙනිදා විජයමුනිගේ නන්දපාල යන අයට වෙඩි තබා මරා දමා ලක්ෂ 41ක මුදල් හා දේ‍පොළ කොල්ලකෑමක්ද ඔහුට එරෙහිව ‍පොලිස් ‍පොත්වල ලියැවී ඇත.
පාලංකඩ දාංපුංචා නමැති අයෙකුගේ පියා සහ තවත් අයකු මරා දැමීමේ ද්විත්ව ඝාතනයක්, තණමල්විල නිකආර ප්‍රදේශයේදී 2009 මැයි 15 වෙනිදා සිවිල් ආරක්ෂක සෙබළකු වෙඩි තබා මරා දැමීමක්ද, තණමල්විල බලහරුව ප්‍රදේශයේදී 1999 නොවැම්බර් 29 වෙනිදා පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමක්ද, තණමල්විල කුඩා ඔය ප්‍රදේශයේදී 2009 වසරේ ඔක්තෝබර් 01 දා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමක් ඇතුළු මිනිස් ඝාතන ගොන්නක්ම පාලංකඩ හීනාට එරෙහිව ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි.
රත්නපුර මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර වෙඩි තබා ඝාතනය කර ලක්ෂ 80ක් වටිනා මැණික් සහ රුපියල් 40,000ක මුදලක්ද, රුපියල් 80,000ක් වටිනා මාලයක්ද කොල්ලකා තිබිණ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී පාලංකඩ හීනා ඊට සම්බන්ධ බවට සාක්ෂි සහිතව රත්නපුර ‍පොලීසිය අනාවරණය කරගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අනුව ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් පාලංකඩ හීනා සම්බන්ධයෙන් තොරතුරු රැස්කොට පෙරේදා (10) රාත්‍රී 11.30ට පමණ හික්කඩුව ‍පොලිස් වසමට අයත් තොටගමුව ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී විශේෂ කාර්ය බළකාය විසින් පාලංකඩ හීනා අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා කීය.
එහිදී විසිහතර වියැති නැඳුන්ගොඩගේ නාමල් සමන් කුමාර නමැති සෙවනගල මිහිඳුපුර පදිංචි පාලංකඩ හීනාගේ ගෝලයෙක්ද ඔවුන් දෙදෙනාට නවාතැන් දුන් තිස්පස් වියැති කාන්තාවක් සහ තිස්හත් වියැති පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු පාලංකඩ හීනා විසින් මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකරට වෙඩි තැබූ අවිය සඟවා ඇති ස්ථානය ගැන තොරතුරු අනාවරණය කර ඇති බව අජිත් රෝහණ මහතා කීය. ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් රත්නපුර ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක අමරසිරි ඇතුළු කණ්ඩායමක් සමග සැඟවූ අවිය සොයා සැකකරු සමග රත්නපුර මහවලවත්ත ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී සැකකරු එකවරම කැලෑ ප්‍රදේශයේ සඟවා තිබුණු ගේ‍රනේඩ් වර්ගයේ බෝම්බයක් ගෙන ‍පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය අවස්ථාවේදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් ‍පොලිස් පරීක්ෂක අමරසිරි සැකකරුට වෙඩි තබා ඇති බව අජිත් රෝහණ මහතා කීය. සැකකරු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියයන විට ඔහු 32 හැවිරිදි වියේ පසුවිය. 1981 මාර්තු 31 දින වීරකැටියේදී උපත ලබා ඇති ඔහු මියයන විට ස්ථිර පදිංචියේ සිට ඇත්තේ ඌරුගමුව නාවරහේන ප්‍රදේශයේය. දික්වැල්ල කිරින්ද, මුල්කිරිගල, කැලණිය ආදී ප්‍රදේශවලද ඔහු පදිංචිව සිට ඇතැයි ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මුල්කිරිගල විද්‍යාලයෙන් අ.‍පො.ස. සා.පෙළ දක්වා උගත් ඔහු විෂයන් 05ක් සම්මාන 03ක් සමග සමත්ව ඇති බව සඳහන්ය.
දකුණේ සිටි ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වූ ආමි ජිනේ නමැත්තාගේ ගෝලයෙක් ලෙස රැඳෙමින් ටී.56 අවි සහ පතොරොම් තුවක්කුවලින් වෙඩි තැබිමේ පුහුණුව ලබා ඇති පාලංකඩ හීනා ගොවිතැන් සහ කුලී වැඩවල නිරතව සිටිමින් අපරාධකරුවෙක් ලෙස කරළියට පැමිණි අයෙක් බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන පුද්ගලයෙක් නොවූවත් දකුණු පළාත් සභාවේ සිටි දේශපාලනඥයන් කිහිප දෙනකුම ළඟින් ඇසුරු කළ අයෙක් බව සඳහන්ය.
විවාහකයෙක් වන පාලංකඩ හීනාට අවුරුදු 08ක් වයැති දරුවෙක්ද සිටී.අරුම ගමගේ ආරියසේන නම් වූ පාලංකඩ හීනාගේ පියාව මෙයට වසර අටකට පෙර කිසියම් පිරිසක් විසින් ගෙල සිරකොට මරා දමා ඇති බව සඳහන්ය. මනුෂ්‍ය ඝාතන නඩුවක් සහ කසිප්පු ළඟ තබා ගැනීමේ නඩුවක් ඒ වනවිට ඔහුට එරෙහිව විභාග වෙමින් තිබි ඇත.
පාමංකඩ හීනාගේ සහෝදරියක් ඇඟලුම් කම්හල් සේවිකාවක් ලෙස රැකියාවේ නිරතව සිටී. ඔහුට පැවැදි සහෝදරයෙක්ද සිට ඇත. පිළිකා රෝගයකින් එම සහෝදරයා අපවත්ව තිබේ.
නාවික හමුදාවෙන් පලාවිත් සිටින කොල්ලකෑම් ඇතුළු අපරාධවල නිරතව සිටින සහෝදරයෙක්ද ඔකේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින කසිප්පු ජාවාරමේ නිරතව සිටින සහෝදරියක්ද කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිව හෙරොයින් ජාවාරමේ නිරතව සිටින සහෝදරියක්ද පාලංකඩ හීනාට සිටින බව ‍පොලිස් බුද්ධි අංශ වාර්තා සඳහන්ය.
පෑලියගොඩ ප්‍රදේශයේදී මිලිමීටර් 9 වර්ගයේ සහ මිලිමීටර් 7.65 වර්ගයේ ගිනි අවියක් සමග පාලංකඩ හීනාව වරක් ‍පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ඊට බන්ධනාගාරගතව සිටි කාලයේ බන්ධනාගාරයේ සිට දුරකථන ඔස්සේ ඔහු කප්පම් ගැනීමේ ජාවාරමකද නිරතව සිට ඇත.

ගයාන් කුමාර වීරසිංහ, බුද්ධික රත්නකුමාර - රක්වාන

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive