පුත්තලම - පාලාවිය ප්‍රදේශයේදී තරුණියක පැහැර ගෙන ගොස් දූෂණය කිරීමට සුදානම් වූ බව කියන නම ගිය ස්ත්‍රී දූෂකයෙකු අපරාධය සිදු කිරීමට පෙර ගැඹුරු වළකට වැටීමෙන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
27දා රාත්‍රී 7.00 ට පමණ පුත්තලම,පාලාවිය - රුවන්පුර ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පවසයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ පාලාවියේ පදිංචි 21 හැවිරිදි
තරුණියකි.
ඇය පුත්තලම නගරයේ පුද්ගලික දුරකථන ආයතනයක සේවය කරමින් සිට ඇති අතර සුපුරුදු ලෙස රාජකාරි කටයුතු අවසන් කර නිවස බලා යාමට පැමිණ පාලාවිය - නාගවිල්ලුව ප්‍රදේශයේ සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිදෙනෙකු ඇයව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබේ.
පාළු ඉඩමකට තරුණිය කැඳවාගෙන ගොස් ඇති සැකකරු මුලින්ම ඇයගේ සියළුම ඇඳුම් උනා දමා ඇති බවත්, පසුව ආසන්නයේ ඇති ඉඩමකට ඇයව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කරන විට ප්‍රධාන සැකකරු එම ඉඩමේ තිබූ වළකට වැටී ඇති බවත් සඳහන් වෙයි.
එහිදී සැකකරුගේ පාදයක් බිඳී ගොස් ඇති අතර සැකකරුගේ ග්‍රහණයෙන් මිදී ඇති තරුණිය අසල්වැසියන්ට මේ බව දැනුම් දීමෙන් පසුව සැකකරු අල්ලා ගෙන තිබේ.
පාදය බිඳීයාම නිසා සැකකරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ පුත්තලම පොලිසිය විසින් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව සැකකරුව ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලීසිය කියයි.
දැනට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකරු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සැකකරුට එරෙහිව ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් චෝදනා 05 ක් මේ වන විට පුත්තලම අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලීසිය කියයි.
පුත්තලම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.

0 comments:
Post a Comment