facebook like

ගණිකා වෘත්තියේ යෙදෙන අක්‌කා නඟො දුරකථනයෙන් කොල්ලකරුවන්ට ඔත්තු දෙති

මැදවච්චිය නගරයට නුදුරු ග්‍රෙවල්කන්ද ප්‍රදේශයේ නිවසක ගණිකා වෘත්තියේ නිරත වන අක්‌ක නඟොa දෙදෙනකු සමඟ ලිංගික ඇසුරෙහි යෙදී රාත්‍රි කාලයේ ආපසු ඉන් පිටව යන සල්ලාල පුද්ගලයන් අතරමගදී බියගන්වා ඔවුන් සතු මුදල් සහ ස්‌වර්ණාභරණ ඇතුළු වටිනා දේපළ කොල්ලකෑමේ යෙදුණු පස්‌දෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක දහහතර හැවිරිදි බාලවයස්‌කාර සාමාජිකයකු මැදවච්චිය පොලිසිය විසින් 24 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 17 සහ 21 වයසේ පසුවන එකම පවුලේ අක්‌ක නඟොa දෙදෙනා සමඟ (24 දා) රාත්‍රියේ ලිංගික ඇසුරෙහි යෙදී ආපසු සිය නිවෙස්‌ බලා යමින් සිටි නොච්චියාගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගෙන් එක්‌ අයකු සතුව
තිබූ රුපියල් ලක්‍ෂයක පමණ වටිනා රන් මාලයක්‌ සහ රුපියල් හයදහසක මුදලක්‌ කොල්ලකෑමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් එම තරුණයන් දෙදෙනා විසින් මැදවච්චිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව බාලවයස්‌කාර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත පරීක්‍ෂණ පවත්වා රන්මාලය සහ රුපියල් හයදහසක මුදල සඟවා තිබියදී පොලිසිය විසින් පෙරේදා (24 දා) රාත්‍රියේම සොයාගෙන ඇත.

මෙම සිද්ධියෙන් පසු කොල්ල කල්ලියේ සෙසු සාමාජිකයන් සිව්දෙනා සහ ඔවුනට කොල්ලකෑමට ආධාර අනුබල දුන් බව කියන ගණිකා වෘත්තියේ යෙදෙන අක්‌ක නඟොa දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිසියේ නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසු ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස්‌ සැඟවී සිටින බව පොලිසිය පවසයි.

ගණිකා වෘත්තියේ නිරත සොහොයුරියන් දෙදෙනා තමන් සමඟ ඇසුරෙහි යෙදී ආපසු පිටව යන පුද්ගලයන්ගේ රන් ආභරණ හා මුදල් පිළිබඳව තොරතුරු කොල්ල කල්ලියේ සාමාජිකයන්ට දුරකථන ඇමතුමක්‌ මගින් දැනුම් දුන් පසු කොල්ල කල්ලියේ සාමාජිකයන් මහමඟ රැක සිට කොල්ලකෑමේ නිරතව ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

එම කොල්ලකරුවන් මීට පෙරත් මෙවැනි කොල්ලකෑම් සිදුකර ඇති බවත් ලැඡ්ජාව නිසා පැමිණිලි කිරීමට අදාළ තරුණයන් මැලිකමක්‌ දක්‌වන බවත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

අවුරුදු 14 සහ 25 අතර වයසේ පසුවන කොල්ල කල්ලියේ සාමාජිකයන් සියලු දෙනා මැදවච්චිය ග්‍රෙවල්කන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25 දා) මැදවච්චිය සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මැදවච්චිය පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ඇම්. දිසානායක මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සෙනෙවිරත්න, සැරයන්වරුන් වන අශෝක ධර්මරත්න (7959) සහ බුද්ධදාස (18410) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive