facebook like

මට සිහිය එන විට ඇඟ පුරාම ‍ලේ යට ඇඳුම නෑ කියා දැනගත් විට ඇඬුණා.......සිහි නැති වූ විට මා හට ලිංගික අතවර කළේ කවුද කියා දන්නේ නැහැ..බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර පෙම්වතිය දූෂණය කිරීමේ නඩුව

තංගල්ල ‘ද නේචර්’ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමා ඔහුගේ රුසියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩේ‍රා්නාට පහරදී සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිට සියලුම සැකකරුවන් වහාම යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය 26දා   නියෝග කළාය.
මෙම නඩු විභාගය ඊයේ උදේ 10.00 සිට සවස 3.00 දක්වා දවස පුරාම පැවැත් වූ අතර මියගිය කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා සාක්ෂියට කැඳවා තිබුණි.
රුසියන් භාෂාවෙන් සාක්ෂි දුන් ඇයගේ සාක්ෂි සිංහලට පරිවර්තනය කරන ලද්දේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ රංජන දේවමිත්ත සේනාසිංහ මහතා විසිනි.
‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා විසින් මෙහෙවන ලද පැමිණිල්‍ලේ සාක්ෂියට ඇය පැය ගණනාවක් එක දිගටම සාක්ෂි දුන්නාය.
වර්ෂ 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේදී ද නේචර් හෝටලයේ පැවැති
නත්තල් සාදය අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩට ඒමට නොදී තමන්ට පයින් පහර දුන්නේ මෙහි පළමු විත්තිකාර ඕබඩ ආරච්චිගේ ළහිරු කැළුම් නොහොත් රවීන්ද්‍ර නම් තැනැත්තා බව ඔහු සිටි විත්ති කූඩුව ළඟට ගොස් ඔහුව පෙන්වමින් විවෘත අධිකරණයේදී ඇය හඳුනා ගත්තාය. එසේම එදින ඇය ඇඳ සිටි කළු පාට යට කලිසම නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට  ඉදිරිපත් කෙරුනි. රැවුල කැපීමට යොදා ගන්නා බ්‍ලේඩ් තලයක් සමග තිබූ කොටස් 3 ට ඉරා කපන ලද කළු පාට යට ඇඳුම තමා ප්‍රිය කරන තමාගේ යට කලිසම බව ඇය අධිකරණය ඉදිරියේ කියා සිටියාය.
තමන් 1988 වසරේ උපන් බවත්, දැනට වයස අවුරුදු 25ක් වන අතර රුසියාවේ පරිපාලන සහකාරවරියක ලෙස කටයුතු කරන බවත්, කියා සිටියාය.
කොරියානු භාෂාව පිළිබඳ කොරියාවේදී වසර 5 ක් සරසවි අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් බව කීවාය.
ඇය තවදුරටත් මෙසේ පවසමින් පැමිණිල්‍ලේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නාය.
“මගේ පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. අපි හඳුනා ගත්තේ 2009 අගෝස්තුවල කොරියාවේදී, ඔහු රතු කුරුස සේවයේ යෙදුණු කාලයේදී අපි පෙම් කළා. සමීප සම්බන්ධයක් තිබුණා. 2011 දෙසැම්බර් 17 ලංකාවට එන්න තීරණය කළේ නිවාඩුවකට මම ආවේ රුසියාවේ ඉඳලා. කුරාම් ආවේ පලස්තීනයේ ඉඳලා ඕමානය හරහා. ඒ කාලෙ ඔහු ගාසා තීරයේ රැකියාව කළේ.
අපි සති 3ක් තංගල්ලෙ හෝටලයේ ඉඳලා යන්නයි ආවේ. 17 දින අපි හෝටලයට ආවා. එහි කළමනාකාරිනිය ඇතුළු පිරිස අපිට හොඳින් සංග්‍රහ කළා. ආගන්තුක සත්කාර කළා. මීට කලින් 2011 පෙබරවාරි අපි ලංකාවට ඇවිත් නුවර, යාපනයේ සංචාරය කරලා සති 2 ක් ඉඳලා ගියා. එවර හිටියේ මිරිස්ස බිච් නමැති නිකේතනයක. මෙවර තංගල්‍ලේදී අපි සතුටින් හිටියා. අපි හුඟක් ප්‍රේමයෙන් හිටියේ. 2012 වසරේ විවාහ වෙන්න දරුවෝ හදාගන්න වගේ හුඟක් බලා‍පොරොත්තු තිබුණා. තංගල්ල හෝටලයේදී අපි මූදේ නෑවේ නෑ රළ පහර සැර හින්දා. අපි අඹු සැමියන් ලෙස හැසිරුණා. අවසාන වරට 2011 දෙසැම්බර් 23 දින රාත්‍රියේදී දෙසැම්බර් 25 දින නත්තල් සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒකට මේ හෝටලයට ආසන්න හෝටල්වල සිටි විදේශීය සංචාරකයින්ටත්, දේශීය සංචාරකයින්ටත් ආරාධනා කරලා තිබුණා. දෙසැම්බර් 24 දා දවල් මමයි කුරාම් දෙන්නම නත්තල් ගහ සැරසුවා. අපි රෑ 8.30 විතර සාදයට ආවේ. එතකොට 40 ක් විතර පැමිණ හිටියා. සාදයට මම ඇඳගෙන ආවේ කොළපාට ගවුමකුයි, පාට සෙරෙප්පු දෙකකුයි.
මට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. යම් යම් දේවල් ප්‍රකාශ කළ හැකියි. ඒත් විශිෂ්ට දැනුමක් නැහැ.
නත්තල් සාදය වෙලාවේදී ගිනි මැලයක් දල්වන්න එහි සේවකයෝ හුඟාක් උත්සාහ කළා. ඒත් මුලදී දැල්වුණේ නැහැ. ගිනි මැලය දැල්වුණේ පහුවෙලා. බුෆේ ක්‍රමයට සැකසුණු රාත්‍රී ආහාරය අරන් අපි සාදයට එක් වුණා. මම කුරාම් එක්ක මත්පැන් පානය කළා. වොඩ්කා සමග රෙඩ්බුල් තමයි අපි ගත්තේ. ඊට පස්සේ කුරාම් බාර් එකේ කෙනෙක් එක්ක කතා කරමින් හිටි නිසා මම ගිනි මැලය ළඟට ගියා. ඉන් පස්සේ මම වෙරළට ගිහින් ඉක්මනින් කුරාම් හිටිය තැනට ආවා.
මම වෙරළ ළඟට ගියා කියලා කවුරු හරි කුරාම්ට කියලා තිබුණා. කුරාම් තරහින් හිටියේ. මා එක්ක කතා කළේ නැහැ. මට හරියට දුක හිතුණා. මට ඇඬුණා. මම නැවත මුහුද ඔබ්බට ගිහින් වැල්‍ලේ බිම වාඩිවෙලා හොඳටම ඇඬුවා. ඊට පස්සේ හෝටලය පැත්තේ ඉඳලා ආව ලංකාවෙ පිරිමියෙක් මගෙන් ඇහුවා ‘ Why are you crying’  ඉංග්‍රීසියෙන්. ඔහු සුදුපාට කමිසයක් හැඳගත් කැරලි ගැසුණු කොණ්ඩයක් තියන කෙනෙක්. මට බය හිතුණා. මම නැගිටලා හෝටලය පැත්තට දිව්වා. මට පිහිනුම් තටාකය ළඟට පමණයි යන්න ලැබුණේ. එතනදී මා ප්‍රහාරයකට ලක්වුණා. පිරිමි කීපදෙනෙක්ම අතින් පයින් මට පහර දුන්නා. ඔළුවටත් ගැහුවා. මම දෑතින් ඔළුව බදා ගත්තා. දිගටම මට පහර දුන් නිසා මාව බිම ඇදගෙන වැටුණා. ඊට පස්සෙත් මට පයින් පහරදීලා පිහිනුම් තටාකයට මාව විසි කළා. මම පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න හදද්දී කළු මූණක් තියෙන ලංකාවෙ කෙනෙක් සෙරෙප්පු දැමූ කකුලකින් මට ඔළුවට ගැහුවා. නැවතත් මාව පිහිනුම් තටාකයට වැටුණා. පිහිනුම් තටාකයේ වෙනත් පැත්තකින් මම ගොඩට පැනලා කෑ ගසමින් කුරාම්ව සෙව්වා. එතකොට වෙලාව රාත්‍රී 11.00 විතර ඇති.
මට පහර දුන් කෙනා මට හඳුනා ගන්න පුළුවන්. ඔහු සාදයේදී ගෑනු ළමයෙක් සමග අශෝභන ලෙස හැසිරුණා. ඇඳලා හිටියේ ලා නිල් පාට ෂර්ට් එකක්.
කුරාම් පිහිනුම් තටාකයට එහායින් බිම වැටිලා හිටියා. ඔහුට සිහිය තිබුණේ නෑ. මුහුණේ කැපුම් තුවාල තිබුණා. මම ඔහුගේ නම කියා කෑ ගැහුවා. ඔහු ප්‍රතිචාර දැක්වූයේ නෑ. මම ඔහුට කෘත්‍රිම ශ්වසනය දුන්නා. ඒත් හරි ගියේ නෑ. මම කෑ ගැහුවා. ඒත් කවුරුත් ආවේ නෑ. ඊට පස්සෙ මම හිතන්නෙ මට සිහි නැති වුණා. මම පුදුම විදිහට කම්පනයට හා  පීඩාවට පත්වෙලා හිටියේ. මට සිහිය ආවේ රෝහලට ගෙනියන අතරමගදී. මට හිස කැක්කුම හා වමනය දැනුණා. මාව මාතර රෝහලට අරන් ගියේ. මට කාගේ හෝ ටී ෂර්ට් අන්දවලා තිබුණා. ගවුම ඉන දක්වා පහළට හෙලා තිබුණා. ඇඟ පුරාම ‍ලේ තැවරිලා නිසා ඇඳුම් ගලවලා වෙන ඇඳුම් ඇන්දුවා. ඒ වෙලාවෙයි මම දැන ගත්තේ යට ඇඳුම් නෑ කියලා. මට ඇඬුණා.
මගේ ඇඟ හා මූණ  ඉදිමිලා තිබුණා. ශරීරය පුරාම දැඩි වේදනාවක් වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශයේත් දැඩි වේදනාවක් දැනුණා. කරාපිටිය රෝහලින් මාව ශල්‍යකර්මයකට භාජනය කළා. ඉන්පසු කොළඹ ලංකා රෝහලට ගෙනිච්චා. එහිදී තමයි මා දැනගත්තේ කුරාම්ව මරා දාලා කියලා. එතෙක් හැමෝම මගෙන් එය හැංගුවා. 2012 ජනවාරි 05 දා මාව තංගල්ල අධිකරණයට අරන් ගියා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී මට පහර දුන් කෙනා දුටු විටම හඳුනා ගත්තා. ඒත් මම ඒ බව නොකීවෙ මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතලා. මගේ ආරක්ෂාව ගැනවත් විශ්වාසයක් තිබුණේ නෑ. මට උවමනා වුණේ ඉක්මනින් රුසියාවට යන්න.
මේ නඩුවට සහභාගි වෙන්න තානාපති කාර්යාලය හරහා මට දැනුම් දුන්නා. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මට ඉහළම ආරක්ෂාව සපයනවා. ඒ නිසා මගේ ආරක්ෂාව ගැන චකිතයක් නැහැ. මම රුසියාවෙ ගිහින් එහෙ ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ස්නායු වෛද්‍යවරයෙකුගෙන්, මානසික ස්නායු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. මට ගැඹුරු විශාදිය නමැති රෝගයක් හටගෙන තියන බව වෛද්‍යවරු කියනවා. දැනටමත් මා ඖෂධ බොහොමයක් පාවිච්චි කරනවා.
ඊට පස්සේ විවාහයක් ගැන මම හිතුවෙ නෑ. කුරාම් මට හිටි සමීපතම ආදරවන්තයා. ඔහුගේ තැනට වෙන කෙනකු ආදේශ කර ගැනීමට අපහසුයි“
තංගල්ල හෝටලයේදී පෙම්වතා සමග අනාගතය ගැන මැවූ සිහින අමතක වෙන්නේ නැහැ
- රුසියානු තරුණිය කියයි

සිහි නැති වූ විට මා හට ලිංගික අතවර කළේ කවුද කියා දන්නේ නැහැ


"තංගල් "ද නේචර්" හෝටලයේ ආපනශාලාවට මගේ පෙම්වතා සමග ගමන් කළ අයුරු, අපේ අනාගත සිහින ගැන ඔහු සමග කතා කළ අයුරු, ජීවිතේ තියෙනතුරා අමතක වන්නේ නෑ..." යෑයි එම හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය ඊයේ (27 වැනිදා) කොළඹ මහාධිකරණයේදී කඳුළු පිරි දැසින් කියා සිටියාය.

2012 දෙසැම්බර් 25 හෝ ඊට ආසන්න දිනයක තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි "ද නේචර්" නමැති හෝටලයේ කළමනාකාර රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධී

රැස්‌වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එදින එම හෝටලයේ පැවැති නත්තල් සාදයකට පැමිණ සිටි කුරාම් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් කපා මරා දැමීම සහ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වන ටක්‌ෂේවා වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා නමැත්තිය රංචුගැසී දූෂණය කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

මෙලෙස අධිචෝදනා ලැබ සිටින්නේ වෑබඩ ආරච්චිගේ ළහිරු කැලුම් හෙවත් රවින්ද්‍ර උඩුවනගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණ ආරච්චි පටබැඳිගේ මානුක චතුරංග යන විත්තිකරුවන්ය.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාග වේ.

රජයේ නීතිඥවරුන් වන චමින්ද අතුකෝරළ මහතා, නයෝමි වික්‍රමසේකර මහත්මිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුව මෙහෙයවයි.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමැති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව මැද වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය සාක්‌කි දීම සඳහා අධිකරණයට පැමිණ සිටියාය.

රුසියානු බසින් ඇය සාක්‌කි දෙද්දී ශබ්ද කෝෂ සහකාර කර්තෘ රංජන් දේවමිත්ත සේනසිංහ මහතා එම සාක්‌කිය සිංහල භාෂාවට පරිවර්තනය කළේය.

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රුසියානු ජාතික වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙසේ ද කීවාය.

ලංකාවට එන්න කලින් මම ගොස්‌ තිබුණේ උතුරු කොරියාවට පමණයි.

ජනාධිපති නීතිඥවරයා - ඔබේ පෙම්වතා ඔස්‌ටේ්‍රලියානු රතුකුරුස හමුදාවට වැඩ කළාද?

සාක්‌කිකාරිය - "නැහැ. අපි මේ සිද්ධිය වීමට පෙර යුරෝපීය රටවලට ගියා. එක්‌වරක්‌ කුරාම් මොස්‌කව් නුවරට පැමිණියා.

ජනාධිපති නීතිඥවරයා - මොස්‌කව් යුරෝපීය රටක්‌ නොවෙයිනේ.?

සාක්‌කිකාරිය - මා දන්නා තරමින් මොස්‌කව් තියෙන්නේ යුරෝපයේ. මම එංගලන්තයට ගියේ නෑ. අද වෙනතුරු මම එංගලන්තයට හෝ ඔස්‌ටේ්‍රලියාවට ගිහින් නෑ. මගේ පෙම්වතා ඉපදී තිබෙන්නේ එංගලන්තයේ. ඉගෙන ගත්තේ හැදුණේ වැඩුණේ එංගලන්තේ. ඔහු කතා කරන භාෂාව ඉංග්‍රීසි. අපි දෙන්නා කතා කළේ ඉංග්‍රීසියෙන්. මේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරය දුන්නෙත් ඉංග්‍රීසියෙන්. ඒ 2012 දෙසැම්බර් 26 වැනිදා.

(අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරයේ ඇය විසින් තැබූ අත්සන පෙන්වා සිටී.)

සාක්‌කිකාරිය - මගේ අත්සන හා සමානයි.

ජ. නීතිඥවරයා - ඔබ වුවමනාවෙන් ඔබේ අත්සන වෙනස්‌ කළේ නැහැනේ. කටඋත්තරයේ වැරදුණු තැන් ගණනාවකත් ඔබේ අත්සන යොදා තිබෙනවා.

සාක්‌කිකාරිය - එහෙමයි. කටඋත්තරය ඉංග්‍රීසි භාෂාවෙන් දුන්නාම ඒක මට කියවලා දුන්නේ නෑ.

ජ. නීතිඥවරයා - එය කියවා දුන් බව සී. අයි. ඩී, නිලධාරියා සටහන් කර ඇත්නම් එය පිළිගන්නවද?

සාක්‌කිකාරිය - මම පිළිගන්නවා. තව මොකුත් කියන්න තියෙනවද කියා ඇහුවාම zනෑ මෙච්චරයි මට කියන්න තියෙන්නේZ කියා එදා මම කිව්වා.

ශල්‍යකර්මයෙන් පසු ඉතා අසීරු මට්‌ටමේ මා හිටියේ. කායික මානසික පීඩාවකින් මා ගත කළේ. ඒ නිලධාරීන් ඉක්‌මනින් ප්‍රශ්න කර මගෙන් ඈත් වනතුරු මම හිටියේ. කටඋත්තරය ගන්නා විට මා ඇස්‌ අරින්න බැරි තත්ත්වයක හිටියේ. මම ඇස්‌ වසාගෙන හිටියේ. කටඋත්තර ගත් නිලධාරියා මා දුටුවේ නෑ. කටඋත්තරය ගත් නිලධාරියා මුල සිට අග දක්‌වා මට එය කියවා පැහැදිලි කර දුන්නේ නෑ.

ජ. නීතිඥවරයා - ඔබ කටඋත්තරයක්‌ දිය හැකි හොඳ තත්ත්වයේ සිටින බව වෛද්‍යවරයා සටහනක්‌ තැබූ බව කියනවා නම් ඔබ එය පිළිගන්නවද?

සාක්‌කිකාරිය - නැහැ. මට එය පිළිගන්නට අපහසුයි.

ජ. නීතිඥවරයා - ඔබේ පෙම්වතා ඔස්‌ටේ්‍රලියාවේ රතුකුරුස සේවයේ සේවය කළා කියා කටඋත්තරයේ කීවාද නැද්ද?

සාක්‌කිකාරිය - නැහැ. රෝහලෙන් පිටවූ පසු මම යළි මේ හෝටලයට ගියේ නෑ.

ජ. නීතිඥවරයා - එහෙමනම් ලංකාවෙන් පිටව යනතුරු කොහෙද හිටියේ.

සාක්‌කිකාරිය - කරාපිටිය රෝහලේ හිටියා. එහිදී හිසේ ශල්‍යකර්මයක්‌ කළා. දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි 06 වැනිදා දක්‌වා පෞද්ගලික රෝහලක හිටියේ. ඒ රෝහලේ සිටිද්දී කොන්සියුලර් නිලධාරියෙක්‌ එක්‌වරක්‌ මා මුණගැසෙන්න ආවා. ඒ අවස්‌ථාව වන විට තානාපති කාර්යාලයෙන් මට සහයෝගයක්‌ ලැබුණේ නැහැ. මම ඉන්ටර්පෝල් කියා කීවේ සී. අයි. ඩී. නිලධාරීන්ට.

ජ. නීතිඥවරයා - මේ නිලධාරීන් තමන්ට අවශ්‍ය වුණොත් ආරක්‍ෂාවට ඉන්න නිලධාරීන් බව දැනගන්න ඇති නේද?

සාක්‌කිකාරිය - නැහැ. යථා පරිදි මට ආරක්‍ෂාවක්‌ සපයා ඇතැයි මම විශ්වාසයේ පසුවූයේ නෑ.

ජ. නීතිඥවරයා - මෙවර සාක්‌ෂි දෙන්න එද්දී ඔබට ශ්‍රී ලංකා රජයේ හා තානාපති කාර්යාලයේ ආරක්‍ෂාව ලැබුණද?

සාක්‌කිකාරිය - ඔව්. මෙවර මම ආවාම මට සී. අයි. ඩී. නිලධාරීන් හමුවුණා.

2012 ජනවාරි 05 වැනිදා මම තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගියා මේ මරණ පරීක්‍ෂණයේ සාක්‌කි දෙන්න. ඒ මරණ පරීක්‍ෂණයේදී භාෂා පරිවර්තකයා මා කී දේ පරිවර්තනය කළා මිස මට කිසිවක්‌ පැහැදිලි කර දුන්නේ නෑ. (මරණ පරීක්‍ෂණයේ මුල් නඩු වාර්තාව සාක්‌කිකාරියට පෙන්වා සිටී.)

සාක්‌කිකාරිය - "මේ මගේ අත්සන. මේ අත්සන තබන්න කලින් මා කී දේ නිවැරැදිව සටහන් වී ඇතැයි මා පිළිගත්තා. මේ මරණ පරීක්‍ෂණය පවත්වන්නත්, හඳුනා ගැනීමේ පෙරට්‌ටුවටත් මා කැඳවාගෙන ගියේ පොලිසියෙන්. 2012 ජනවාරි 05 වැනිදා මම හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවට සහභාගි වුණා. සාක්‌කිකරුවන් ඉදිරියට ගොස්‌ පෙන්වා සිටීමට බියක්‌ ඇත්නම් සැඟවී සිට ඔවුන් පෙන්වන ලෙස එදා මහෙස්‌ත්‍රාත්වරයා මට දැනුම් දුන්නා. නෑ. මට හැංගිලා ඉන්න ඕනේ නෑ. විවෘතව සහභාගි වෙනවා කියා මම කිව්වා.

ජ. නීතිඥවරයා - මේ අයව පෙන්වන්න බයයි ආරක්‍ෂාව නෑ කියා. ඔබ ඒ වෙලාවෙ කීවේ නෑ නේද?

සාක්‌කිකාරිය - මහෙස්‌ත්‍රාත්තුමියට මා කියා සිටියේ නෑ.

ජ. නීතිඥවරයා - එහෙම බියක්‌ තිබුණා නම් ඒක කියන්න හොඳම පුද්ගලයා මහෙස්‌ත්‍රාත්තුමිය කියා ඔබට වැටහුණේ නැද්ද?

සාක්‌කිකාරිය - නැහැ. මම කිසිවකු කෙරෙහි විශ්වාසය තැබුවේ නෑ. මට වුවමනා වුණේ හැකි ඉක්‌මනින් මේ රටෙන් පිටව යන්න. කුරාම් ඉන්න තැන ඔහුට වූ දේ කිසිවකු මට කීවේ නෑ. හැමදෙනාම මට බොරු කීවා. ඉන් පසු තමයි මට ආරංචි වුණේ කුරාම් ජීවතුන් අතර නැහැ කියලා. මටත් බියක්‌ තියෙනවා කියා මම පොලිසියට කීවේත් නෑ.

ජ. නීතිඥවරයා - ඔබ හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී පළමු විත්තිකරු හඳුනා ගත්තේ නෑ?

සාක්‌කිකාරිය - පෙරට්‌ටුවට සහභාගි වූ සැණින් මා ඔහු හඳුනා ගත්තා. ඒත් මා ඔහු පෙන්වන්නට ගියේ නෑ. කිසිවෙක්‌ හඳුනා ගත්තේ නෑ කියා මා පෙරෙට්‌ටුවේදී කිව්වා.

ජ. නීතිඥවරයා - එදා නත්තල් සාදයේදී ඔබ සහ පෙම්වතා මත්පැන් පානය කළ බව කීවා.

සාක්‌කිකාරිය - එහෙමයි. අපි වොඩ්කා, රෙඩ් බුල්, ටිකිලා බිව්වා. කුරාම් බොහෝම සාධාරණ පුද්ගලයෙක්‌. කිසියම් කලහකාරී තැනක හිටියත් ඔහු ඒ කලහය සංසිඳුවන්න උත්සාහ කරනවා.

ජ. නීතිඥවරයා - මේ අවස්‌ථාවේ ඔබත් එක්‌ක කේන්තියෙන් ඔහු හිටියේ?

සාක්‌කිකාරිය - ඇත්ත වශයෙන්ම මා ඔහුගේ පෙම්වතිය. ඔහුට දැනුම් නොදී මා වෙනත් තැනකට ගිය නිසා ඔහුට මඳක්‌ කේන්ති යන්න ඇති. අප දෙදෙනා අතර තිබෙන පුද්ගල බද්ධ සම්බන්ධතාවය එතැනදී පෙන්වන්නේ. මම විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ ඇඬුවා.

මම මුහුදු වෙරළේ සිටිද්දී යම් පුද්ගලයෙක්‌ ඇවිත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

ජ. නීතිඥවරයා - ඒ බව පොලිස්‌ කටඋත්තරයේ කීවේ නෑ නේද?

සාක්‌කිකාරිය - මම සංකීර්ණ ශල්‍යකර්මයකට පසුව සිටියේ. සෑම කියූ කරුණක්‌ම අඩංගු කරලා ප්‍රකාශයක්‌ කිරීම ඒ හිටපු තත්ත්වය අනුව අසීරුයි. ඒ කාරණය මා මගහරින්න ඇති. ඇවිදගෙන එද්දී පිහිනුම් තටාකය අසලදී මා ප්‍රහාරයකට ලක්‌ වුණා. මා අත් දෙකෙන් ඔළුව වසාගත්තා. කවුද පහර දෙන්නේ කියා එවිට පෙනෙන්නේ නෑ.

ජනාධිපති නීතිඥවරයා - කොතරම් වෙලාවක්‌ පහර දුන්නද?

සාක්‌කිකාරිය - ඒ වෙලාව ගැන මට කියන්න බෑ. ඔබ හිතන්න ඔබේ ඔළුවට පහර දෙද්දි වෙලාවක්‌ ගැන හිතන්න පුළුවන්ද කියා.

මම බිම වැටුණාම පයිනුත් ගැහුවා

ජ. නීතිඥවරයා(- ඔබ බිමට වැටුණු බව පයින් ගැසූ බව පොලිස්‌ කටඋත්තරයේ නැතැයි මා යෝජනා කරනවා.

සාක්‌කිකාරිය(- මා කළ ප්‍රකාශය මගේ ඇස්‌වලින් කියවා බැලීමේ හැකියාවක්‌ තිබුණේ නෑ. ඒනිසා ඒ ගැන නිශ්චිතව කියන්න බෑ. සමහර විට මගේ අතින් එය මගහැරෙන්න ඇති.

ජ. නීතිඥවරයා(- පයින් ගසද්දී කවුරුවත් බේරගන්න හිටියේ නැද්ද?

සාක්‌කිකාරිය(- ඒ අවට කිසිවෙක්‌ සිටිනවා මම දැක්‌කේ නැහැ. මාව පිහිනුම් තටාකයට වැටුණාම එහි තරප්පු පෙළ උඩ කෙනෙක්‌ මග අවුරාගෙන හිටියා මට එන්න නොදී.

ජ. නීතිඥවරයා(- තමන්ට උඩට එන්න නොදී වැළැක්‌වීම වැදගත් කරුණක්‌ නේද? ඒ බව තමුන් පොලිස්‌ කට උත්තරේ වචනයක්‌වත් කිව්වේ නෑ නේද?

සාක්‌කිකාරිය(- මා කළ ප්‍රකාශයේ ඒ ගැන සඳහන් කළා.

ජ. නීතිඥවරයා(- එහෙම වචනයක්‌වත් කියා නැති බව මම අධිකරණයේදී අවධාරණය කරනවා. ඒ පුද්ගලයාගේ හැඩ රුව මතක තබාගත් බව කිව්වා.

සාක්‌කිකාරිය(- ඔව්. කලින් පිස්රිසක්‌ පහර දෙද්දී මම අත් දෙකෙන් ඔළුව වසා ගත්තා. පිහිනුම් තටාකයෙන් උඩට එන්න නොදී පහරදුන් පුද්ගලයා සිටියේ වතුරේ නොවේ. මම හිටියේ වතුරේ. ඔහු මට වඩා උඩින් හිටියේ. මම මගේ දැතින් තරප්පු පෙළේ වැට අල්ලාගෙනයි සිටියේ. ඒ පහරදුන් පුද්ගලයා කළු පැහැති මුහුණක්‌ තිබෙන කෙනෙක්‌. මුහුණේ ස්‌වරූපය සහ දැස්‌වල ස්‌වරූපය සමස්‌ත ස්‌වරූපයමයි.

ජ. නීතිඥවරයා(- එවැනි පුද්ගලයෙක්‌ ඔබට පිහිනුම් තටාකයෙන් ඉහළට එන්න මග ඇහිරු බව කටඋත්තරයේ නෑ.

සාක්‍ෂිකාරිය(- මාගේ ප්‍රකාශයේ ඒ බව සඳහන් විය යුතුයි.

ජ. නීතිඥවරයා(- කළු පුද්ගලයකු ගැන වචනයක්‌වත් කට උත්තරයේ නෑ.

සාක්‌කිකාරිය(- ඒ අවස්‌ථාව වන විට මා පත්ව සිටි තත්ත්වය ගැන අවධානය යොමු කරන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා. මේ රටේ මා සිටියේ තනිවමයි. කටඋත්තරය දෙන ආකාරය ගැන කිසිවකු කිසිදු උපදෙසක්‌ දුන්නේ නෑ. මාසිටි තත්ත්වය අනුව ඔවුන් මග හැරීමක්‌ සිදුවන්න ඇතැයි මේ අධිකරණය පිළිගන්නවා ඇතැයි මා සිතනවා. ඔහු ලාංකිකයෙක්‌, කළු මුහුණක්‌ ඇති උස කෙනෙක්‌ බව මම පොලිසියට ප්‍රකාශ කළා. මේ කියන පුද්ගලයාගේ හැඩරුව මතක තිබුණේ ඔහු පිහිනුම් තටාකයෙන් ඉහළට එන්න ඉඩ නොදුන් නිසාම නොවේ. නත්තල් සාදයේදී ඔහු හැසිරුණු ආකාරය ගැන මගේ හිතේ තදින් කා වැදුණා. යම් යම් ප්‍රකාශ මා අතින් ගිලිහී ගියානම් එසේ වුණේ මා බරපතල හිසේ ශල්‍යකර්මයකින් පසු මානසික කම්පනයකින් කායික බෙලහීනතාවයකින් පසු වූ නිසයි.

මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී මගේ ආරක්‍ෂාව තහවුරුවී ඇතැයි මට හැඟී ගියේ නෑ. මේ පුද්ගලයා ලාංකික පුරුෂයෙක්‌ කියා මම මහෙස්‌ත්‍රාත්තුමිය ඉදිරියේ කීවා එය ප්‍රමාණවත්. සෑම මුහුණකම ඊට අනන්‍ය ස්‌වරූපයක්‌ තියෙනවා. ඔහුගේ මුහුණ ඉතා තදින් මගේ මතකයේ තිබුණා. මට වුවමනා වුණේ ඉක්‌මනින් රුසියාවට යන්න. මා සිටියේ ඉතාම මහන්සියෙන්. එනිසා ඇතැම් කරුණු මා අතින් මග හැරෙන්න ඇති.

ඔහු එදා ලා නිල් පාට ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටියේ.

ජ. නීතිඥවරයා(- ටී. ෂර්ට්‌ එකෙයි ෂර්ට්‌ එකෙයි වෙනස ඔබ දන්නවාද?

සාක්‌කිකාරිය(- ඔව්.

ජ. නීතිඥවරයා(- මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශකළාද මට µQල් එකේදී ගහපු කෙනා නිල් පාට ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටියා කියා.

සාක්‌කිකාරිය(- මාගේ ඉංගී්‍රසි භාෂා දැනුම විශිෂ්ට මට්‌ටමක නෑ. මේ සටහන තැබූ නිලධාරියාගේ ඉංගී්‍රසි භාෂා දැනුමත් මෙහිදී හේතුවෙන්න ඇති.

ජ. නීතිඥවරයා(- ඔබ පෙම්වතා සමග ඉංගී්‍රසියෙන් නේද කතා කළේ.

සාක්‌කිකාරිය(- ඔහුට හා මට හොඳින් වටහා ගතහැකි වුණා මගේ ඉංගී්‍රසි භාෂාවත් ඔහුගේ ඉංගී්‍රසි භාෂාවත්. ඔහු නිල් පාට ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටියේ. ටී ෂර්ට්‌ එක ෂර්ට්‌ එක ලෙස සටහන් වූයේ මාගේ වරදින් වෙන්නත් පුළුවන්. සටහනතැබූ නිලධාරියාගේ වරදකින් වෙන්නත් පුළුවන්.

ජ. නීතිඥවරයා(- ඔහු ස්‌කිනි එකක්‌ ඇඳ සිටි බව ඔබ කටඋත්තරයේදී කිව්වද?

සාක්‌කිකාරිය(- මට පැහැදිලිව මතකයි. ඔහු නිල්පාට ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටි කෙට්‌ටු පුද්ගලයෙක්‌ බවයි කියන්න වුවමනා වුණේ. එය සටහන තැබූ නිලධාරියාගේ වරදක්‌.

ජ. නීතිඥවරයා(- එය පුද්ගලයාගේ වරද නොවේ ඔබේ සාක්‌කියේ වරදක්‌. පොලිස්‌ කටඋත්තරයේදී කිව්වද "මට ඔවුන්ගේ මුහුණ හඳුනාගත නොහැකියි" කියා.

සාක්‌කිකාරිය(- එහෙමයි. ප්‍රකාශ කළා. මට හඳුනා ගැනීමට පුළුවන් කම තිබුණා. නමුත් මා කීවේ හඳුනාගත නොහැකි කියා.

ජ. නීතිඥවරයා(- පොලිසියට කිව්වේ බොරුවක්‌ද ඇත්තක්‌ද?

සාක්‌කිකාරිය(- ඔව්. මම එහෙම ප්‍රකාශ කළා. ඒක අසත්‍යයක්‌. මම එක සැකකරුවකු හඳුනා ගත්තා.

ජ. නීතිඥවරයා(- පළමු විත්තිකරු ඔබට ඔය ආකාරයට පහරදුන් බව සම්පූර්ණ අසත්‍යක්‌ බව යෝජනා කරනවා.

සාක්‌කිකාරිය(- මම ඒ සමග එකඟ වන්නේ නෑ. එය පිරිසිදු සත්‍යයක්‌.

පළමු විත්තිකරු වෙනුවෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම අවසන් කරන ලදී. තුන්වැනි විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිරවයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට උත්තරදුන් සාක්‌කිකාරිය මෙසේ කීවාය.

මේ සිද්ධියට අදාළ දන්නා සිද්ධිය මම මේ අධිකරණයේදී ප්‍රකාශ කළා. මම මගේ ද්විතීක අධ්‍යාපනය ලැබුවේ උතුරු කොරියාවේ. ඒ කොරියානු භාෂාව පිළිබඳ ශාස්‌ත්‍රවේදී උපාධියක්‌.

අපි 2012 දෙසැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවට ආවේ වෙන වෙනම ගුවන් යානා දෙකකින්. කටුනායක ගුවන්තොටුපලේදී අප දෙදෙනා හමුවුණා. ඉන්පසු අපි තංගල්ලේ හෝටලයට ගියා. "ද නේචර්" හෝටලය අප වෙන්කර ගත්තේ අන්තර් ජාලය ඔස්‌සේ.

ජ. නීතිඥවරයා(- ඔබගේ මෙවර ශ්‍රී ලංකා ගමනේදී කවුද හෝටල් වෙන් කළේ?

සාක්‌කිකාරිය(- රහස්‌ පොලිසිය මාර්ගයෙන්. මට ගුවන් ප්‍රවේශපත්‍ර ලැබුණේ ඔවුන් මාර්ගයෙන්. ඊ මේල් මගින් අදාළ හෝටලය වෙන්කර ගැනීම හා ගුවන් බලපත්‍රය ගැනත් තොරතුරු මට ලැබුණා.

ජ. නීතිඥවරයා(- ඔබ සමග විද්යුත් තැපෑලෙන් මේ ගැන සාකච්ඡා කළේ කවුද?

සාක්‌කිකාරිය(- ජාත්‍යන්තර පොලිසිය මා සමග සම්බන්ධවී විමසා සිටියා ලංකාවේ මේ අධිකරණ කටයුතුවලට සූදානම්ද කියා. ඉන් පසු දැනුම් දුන්නා ලංකාවට පැමිණ මේ අධිකරණ කටයුත්තට සහය වන්න කියා.

කුරාම් අවසාන සේවා කාලය ගත කළේ ගාසා තීරයේ. සාමාන්‍යයෙන් නත්තල්දාට සහ අලුත් අවුරුද්දට පෙරදා රාත්‍රියේ සිදුකරන සැමරීම් ගැන ප්‍රකාශකරන්න බෑ. මගේ ජීවිතයේ ඒ වනතුරු නත්තල් උත්සවයක්‌ පිළිබඳ අත්දැකීම් ලැබ නෑ.

මමයි පෙම්වතයි කාමරයේ සිට හෝටලයේ උත්සවය පැවැත්වූ තැනට ආවේ හතයි තිහ, හතයි හතළිහ වගේ වෙලාවට. අපි ආපන ශාලාවට එද්දී එහි තැන් තැන්වල එළි දැල්වෙමින් තිබුණා. ඒ වෙලාවේ අඳුරු වැටෙමින් තිබුණේ. මමත් පෙම්වතාත් ආපන ශාලාවට පැමිණ බීම හල ආසන්නයේ මේසයක අසුනක තමයි වාඩිවුණේ. අවශ්‍ය නම් මට එය චිත්‍රයට නඟා පෙන්විය හැකිය.

ජ. නීතිඥවරයා(- ඔව්. පෙන්වන්න.

(සාක්‌කිකාරිය සාක්‌කිකූඩුවේ සිට තමන් ආපන ශාලාවේ සිටින තැන චිත්‍රයට නඟා පෙන්වයි.)

විත්තියේ ජනාධිපති නීතිඥවරයා ඡායාරූපයක්‌ සාක්‌කිකාරියට පෙන්වයි. එය අදාළ හෝටලයේ ආපන ශාලාවේ මෑතකදී ගත් ඡායාරූප බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

සාක්‌කිකාරිය(- දැන් තත්ත්වය ඉස්‌සර තත්ත්වයට වඩා වෙනස්‌.

(සාක්‌කිකාරියට තවත් ඡායාරූප පෙන්වයි.)

සාක්‌කිකාරිය(- මේ ඡායාරූපවල ඇති බොහෝ දේ මට හඳුනාගන්න පුළුවන්.

1 comment: Leave Your Comments

  1. Mara ge golayin handunaganna. rata iwarayi.

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive