උමග තුළ සිදුවූ පිපිරීම් හා සම්බන්ධ අනතුරු කෙතරම් බිහිසුණු වීද යත් උමගේ ඉදිකිරීම් කටයුතු වසර විසිහතරක ව්‍යාපෘතියේ නිමාව සනිටුහන් කරමින් අවසන් වන කල මිනිස් ජීවිත එකසිය අනූපහක් බිලි ගෙන තිබුණේ “ලේ වගුුර” යන විරුද්ධාවලියක්ද හිමි කර ගනිමිනි.
හුසැක් උමග පසුබිම් කරගත් අනතුරු අතරින් වඩාත් බිහිසුණු වූව ලෙස සැලකෙන්නේ 1867 ඔක්තෝබර් 17 දා සිදුවූ ඉදිකිරීම් අනතුරය. උමගේ වූ ගෑස් ලාම්පුවකින් කාන්දු වූ දුමාරය ඉටිපන්දම් දැල්ලක් හා ගැටීමෙන් හටගත් දරුණු පිපිරීම උමගේ වූ ප්‍රධාන දෝනාව මුළුමනින්ම පුපුරුවා හැර එය ගිනිදළුවලින් හා සුන්බුන්වලින් පුරවා දැමීමට සමත්ව තිබුණේ ඒ තුළ සිටි කම්කරුවන් දහතුන් දෙනෙකුගේ දිවි තොර කරමිනි. එහි සිටි කිසිවෙකුගේ හෝ දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැති අතර දෝනාව ජලයෙන් පිරීයාමත් සමග මළ සිරුරු මතුපිටට විත් පාවෙමින් තිබෙනු දැක ගත හැකිව තිබිණි. හුසැක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේදී මිය ගිය වුන් එකසිය අනූපස් දෙනා අතරට මොහුද එකතු වූහ.
ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම නිමාවීමටත් ප්‍රථම උමග භූත බලපෑම්වලට නතුවූවක් ලෙසට රාවයක් පැතිර යාම එය තුළ සිදුවූ මරණ සංඛ්‍යව හා පිළිබඳ සලකා බලන කල පුදුම වීමටද හේතුවක් වන්නේද නැත. පසුකලකදී එනම් ක්‍රි.ව. 1865 දී උමග තුළ මිය ගොස් සිටියදී හමුවූ ඉංජිනේරුවන් තිදෙනෙකු වන “බ්‍රින්ක්මන්, නෑෂ් හා කෙලී යන පිරිසගේ මරණද අබිරහසක් වූ අතර බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ උමග වෙනුවෙන් දිවි පූජා කළ කම්කරුවන්ගේ භූතාත්ම මෙම මරණයන්ට හේතුවූ බවයි. උමග තුළට ඇතුළු වන්නන්ට වේදනාවෙන් නගන කෙඳිරිලි හඬවල් ද ඇසී ඇති අතර 1867 දී සිදුවූ ඉහත විස්තර කළ අනතුරින් පසුව මිය ගියවුන්ගේ අවතාරද මෙම උමග අවට දුටු බව කියන පිරිස්ද ඕනෑ තරම්ය. අදටද බොහෝ දෙනෙකු රාත්‍රී අඳුර වැටීමෙන් පසුව හුසැක් උමග තුළට ඇතුළුවීමට ලෙහෙසියෙන් පෙළඹෙන්නේ නැත්තේ හුසැක් උමගට අරක් ගත් අවතාර
පිළිබඳ කටකතා අදටද මුළුමනින්ම බැහැර ගොස් නොමැති නිසාය.
(ප්‍රියන්ති රුද්‍රිගු)








0 comments:
Post a Comment