facebook like

ආක්‍රමණශීලී තරඟ රටාවක් අනුගමනය කළා - මැතිව්ස්

එංගලන්තයේදී සුපිරි දස්කම් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණියහ.

එංගලන්තය සමඟ පැවති ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලී තුනම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම, එන්ගලන්තයේදී ටෙස්ට් තරඟාවලියකින් එන්ගලන්ත කණ්ඩායම පරාජය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වුනු මාධ්‍ය හමුවකට එක්විය.

සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියතුළ ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණශීලී තරඟ රටාවක් අනුගමනය නොකලත් මෙවර එංගලන්ත සංචාරයේදී කණ්ඩායම ආක්‍රමණශීලීව හැසිරුන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසුවේය.

දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් අතර බහින් බස්විමක්ද ඇතිවුණු අතර තරඟාවලිය පුරා කණඩායම් දෙකම ආක්‍රමනශීලි තරඟ රටාවක් අනුගමනය කරනු දක්නට ලැබිණ.

" අපේ කණ්ඩායම ගත්තොත් සාමාන්‍යයෙන් අපි ගොඩක් ආක්‍රමණශීලී නැහැ පිටියේදී, හැබැයි අපේ කණ්ඩායම තුළ තියෙනවා අපිට යම්කිසි දෙයක් දුන්නොත් අපි ඒ දේ ආයෙත් ඔවුන්ට ලබා දෙනවා, කිසිදේකට පසුබට වෙන්නේ නැහැ. ඔවුන් අපට වාචිකව හුඟක් දේ ලබාදුන්නා ඉතින් අපිත් සමහර අවස්ථාවලදී ඔවුන්ට ඒවා ආපසු ලබාදුන්නා," ඔහු ප්‍රකාශ කළේය.

මෙවර තරඟාවලිය සදහා කණ්ඩායම තුළ තිබු පෙර සුදානම්ද මෙම ජයග්‍රහණවලට හේතුවක් වූ බවයි ඇන්ජෙලෝ මැතිව්ස් පවසන්නේ.

සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ ප්‍රශ්නය හා මන්කාඩ් දවාගැනීම ආදිය සම්බන්ධයෙන් එල්ලවූ විවිධ අභියෝග තම කණ්ඩායම තවත් ශක්තිමත් කල බවයි ඇන්ජෙලෝ මැතිව්ස් පවසන්නේ

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අවසන් ටෙස්ට් තරඟයේ එංගලන්ත අවසන් කඩුල්ල දවාගැනීමට තමන්ට වෙහෙසෙන්නට සිදුවූ ආකාරය පැහැදිලි කළා.

"මම බැලුවේ ඉන්න හැම පන්දු යවන්නවම යොදල ඒ විකට්ටුව ගන්නේ කොහොමද කියලා, ඒ පන්දුවාර 15 ටම පන්දු යවන්නන් දහ පාරකට වඩා වෙනස් කළා, කරන්න පුළුවන් හැමදෙයක් කළා. අවසානයේ ඒ කඩුල්ල ලැබුනා"

මෙහදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු මාවන් අතපත්තු පැවසුවේ බාහිරව එල්ලවන පීඩනයන් හැකිතරම් අවම කර ක්‍රීඩකයන් සැහැල්ලුවට තබාගැනීමට උත්සාහ කළ බවයි.

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් හා එක්දින තරඟාවලියකට සහභාගීවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන සදුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive