එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌වරිය යෝජනා කර ඇති පරීක්‍ෂණයට ඉඩ නොදිය යුතු බවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම වර්ජනය කිරීමට තම පක්‍ෂය තීරණය කළ බවත් දර්ගා නගරයේදී සිදුවූ සිද්ධීන් පිළිබඳව රජය නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට ක්‍රියා නොකිරීම හා මුස්‌ලිම් ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්‍ෂිත කිරීමට ක්‍රියා නොකිරීමට විරෝධය පළකිරීමට මෙම තීරණය ගත් බවත් ඇමැතිවරයා කීය.
දිගින් දිගටම මුස්‌ලිම් ජනතාවට හිරිහැර කරන්නේ නම් මෙම ප්‍රශ්න තානාපතිවරුන් මගින් ජාත්‍යන්තරයට ගෙනයන බවද දැනටමත් රජයේ සිට කළ හැකි සියලු බලපෑම් සිදුකරන බවත් කී ඇමැතිවරයා රජයෙන් ඉවත් වෙනවාට වඩා රජය තුළ සිටියදී වැඩි බලපෑමක් කළ හැකි බවද පැවසීය.
අලුත්ගම වූ සිද්ධියට සම්බන්ධ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තෙක් තම පක්‍ෂය බලාසිටින බවත් තම පක්‍ෂය රජයත් සමඟ ඇති පැවැත්ම තීරණය වන්නේ ඒ අනුව බවත් ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.






0 comments:
Post a Comment