facebook like

තම දුව ගැබිණියක් කළ දුෂ්ඨ තාත්තාට අලියෙක්‌ ගහලා

කළකම් කවදා හෝ පල දෙන්නේය. ඇතැම් විට ඒ මේ මොහොතේම හෝ කවදා හෝ වෙනයම් ආත්මයකද විය හැකිය. සත්වයා කරන කියන දැ ගොනුන් පසුපස බැඳි කරත්ත රෝදය සේ පැමිණ ප්‍රතිවිපාක දෙන්නේ යෑයි බුදු දහමේදී කීවේද ඒ දේමය. නමුත් දිට්‌ඨධම්මවේදනීය කර්මය පලිසන් දෙන විට ඒ විපාක තවත් ආත්මයකට නොගොස්‌ මේ ආත්මයේදීම විපාක දෙන්නේය. ඒ ධර්මතාව සනාථ කිරීමට ඇති ජාතක කතා කොතෙකුත් ඔබ අප කියවා ඇත. එහෙත් ජාතක කථා නොවුණත් ඒ ධර්මතාව යළි යළිත් සනාථ කරනා බඳු සිදුවීම් වර්තමානයේදීද අපට ඉඳහිට හෝ අසන්නට ලැබේ. ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් ඇසෙන මේ කතාව ඒ කතා පෙළේ අලුත්ම කතාව වන්නට පුළුවන. එය තීරණය කළ යුත්තේ ඔබය.

ඔහුගේ නම එදිරිසූරිය පටබැඳිගේ වනිගසිංහය. සහෝදර සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක සාමාජිකයකු වූ ඔහු හැදී වැඩුණේ ලුණුගම්වෙහෙරය. අද පෙනෙන ගුවන් තොටුපළ මං මාවත් මෙන් භෞතික සංවර්ධනයේ කිසිදු ලකුණක්‌ ඒ පළාතේ නොවුණු එකල ලුණුගම්වෙහෙර හිඳි බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවි කමය. ඒ යහපත් කර්මාන්තය සඳහා අවැසි බිම් කඩවල්ද එහි වෙසෙන වැසියනට එදා පාලකයන් විසින් ලබාදී තිබිණි. මේ කාලය වන විට හැඩිදැඩි මිනිසකුව තරුණ වියේ පසු වූ වනිගසිංහ ද රැකියාවක්‌ ලෙස නිරතව සිටියේ ගොවිකමේය. ලොව කිසිදු පාපකර්මයකට හසු නොවන සාධු සම්මත රැකියාවක්‌ වන ගොවිකමේ නිරතව හිඳින මිනිසෙකු ලෙස සමාජය දකින්නේද යහපත් ලෙසමය. එවැන්නකුගේ අඩුව ලෙස තම දියණියක්‌ සරණපාවා දීමට කවුරු හෝ විරුද්ධ වන්නේ නම් ඒ ආර්ථික හේතුමත විනා වෙනයම් සමාජ කාරණයක්‌ ඊට බල නොපාන්නේය. මන්ද කුලගොත් අතින් වුව ගොවියා මඩ සෝදා ගත් පසු රජකමට පවා සුදුසුය කියන්නේ නිකමට නොවේ. වනිගසිංහට පෙළවහක්‌ කරගැනීමට අසීරු කරුණක්‌ නොවූයේද ඒ හේතුමය.

ඇයගේ නම ගුණරත්නමාලි ප්‍රියංගිකාය. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේම පදිංචි වී සිටි ඇය වනිගසිංහව හැඳින ගත්තේ යෝජිත විවාහයක්‌ නිසාම නොවේ. ප්‍රියංගිකා වනිගසිංහගේ අනාගත බිරිඳ ලෙස වැඩිහිටි පාර්ශ්වයනට යෝජනා වන විටත් මේ දෙදෙනා අතර දැන හැඳුනුම්කමක්‌ තිබී ඇත. කෙසේ නමුදු චාරිත්‍ර වාරිත්‍ර මැද මේ දෙදෙනා යෝජිත විවාහයක්‌ ලෙස 1989 වසරේදී ජීවිතයේ අලුත් ගමනකට මුල පුරමින් විවාහ විය.

ඒ වන විට ප්‍රියංගිකා වයස අවුරුදු 18 ක තරුණියක්‌ වූවා නොවූවා ගානය. සමාජ අද්දැකීම්වලින් පමණක්‌ නොව යොවුන් බිරිය ලෙස අත්දැකීම් වලින්ද ඇය එදවස දුප්පත් වූවාය. නමුදු වනිගසිංහ එකල ඒ සියලු අඩුලුහුඬුකම් සිදුරු වසා ප්‍රියංගිකා සමග දීග කෑවේය.

කාලයක්‌ රිද්මයකින් තොරව ගලා ගිය මේ පවුල් ජීවිතයට සොඳුරු රිද්මයක්‌ එක්‌ කළේ ප්‍රියංගිකාගේ කුළුඳුල් දරු උපතය. වනිගසිංහද ජීවිතයට ආගන්තුක ඒ අද්දැකීමෙන් ප්‍රමෝදමත් පියකු ලෙස සතුටු නොවුණාම නොවේ. ඒ සතුට වියෑකී යා නොදී කාලය කාටත් හොරා ගලා යද්දී ඔවුන්ගේ දරු සම්පත එකා දෙන්නා, දෙන්නා තුන්දෙනා බවට පත්විය. අවසන පිරිමි දරුවන් තිදෙනකුට මැදිව දියණියකගේ සිනා කිකිණි හඬින්ද ඔවුන්ගේ ගෙපැලේ පාළු මැකුණාහ. නමුත් චූදිතයා වනිගසිංහ වුවත් ගෙවුණු ඒ කාලය තුළ දරු සම්පතින් නොසතුටු පියකු වූ වනිගසිංහ නරක පුරුද්දකට ඇබ්බැහි වී සිටියේය. ඒ නිසාම ඔහු සමාජය ඉදිරියේ බේබදු පියකු ලෙස හංවඩු ගැසුනා පමණක්‌ නොව බීමත්ව නිවසට පැමිණ අඹුදරුවන්ටද වද දෙන නරුම පියකු ලෙස ගර්හාවට ලක්‌විය. එයින් වූ පළමු විපාකය වූයේ බිරිඳටත් දරුවන්ටත් පියාගේ ඇසුර වහකදුරු සේ තිත්ත වීමය. ප්‍රියංගිකා දරුවන් සමග විසි වසරක්‌ මේ දුක්‌ ගැහැට උසුලා සිටියේ වෙනත් කළ හැකි දෙයක්‌ නොවූ නිසාය. එහෙත් 2010 වසරේදී ඇගේ හිතවතියක්‌ යෝජනාවක්‌ ගෙනාවාය.

"ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑනෙ.. දුවත් එන්න එන්නම ලොකු මහත් වෙනවා. මේ ළමයා දීග දෙන්නත් එපැයි.. මම කියන්නෙ රට රැකියාවකට ගිහින් කීයක්‌ හරි හොයාගෙන එන්න."

ප්‍රියංගිකා රට රැකියාවකට පිටත් වූයේ හිතවතිය කී පරිදි එලෙස හිතේ ගොඩනැගුණු අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙනය. එහෙත් ප්‍රියංගිකා නිවසින් ගිය පසු එතෙක්‌ අඩදබර මැද්දේ වුව එකට පැවති ඒ කැදැල්ල විසිරෙන ලකුණු පහළ විය. අම්මා නැති කල නිවසක පහන නිවී යන්නේය. ප්‍රියංගිකාගේ නිවසේ සිදුවූයේද ඒ දේමය. ඒ නිවසේ අම්මා ප්‍රියංගිකා නැති කල දරුවෝ සී සී කඩ විය. පිරිමි දරුවෝ ගෙදර හැර ගොස්‌ වෙනත් නිවෙස්‌වල හැඳී වැඩුණෝය. එවිට මවත් සහෝදරයනුත් නොමැති නිවසේ තනි වූයේ ප්‍රියංගිකාගේ යොවුන් දියණිය පමණය.

බිරිඳ රට ගිය පසුද වනිගසිංහ තම බේබදුකම අත්හලේ නැත. ඇතැම් දිනවල ඔහු වෙරි මතින් නිවසට ආවේ හතරගාතේ අලුයම යාමයේය. ඒ ඇතැම් දවසක වනිගසිංහගේ මව මිණිපිරියගේ තනියට නිවසට ඇවිත් ගියාය.

එවැනි එක්‌ දිනක වනිගසිංහ මහ රෑ නිවසට පැමිණියේ ඇති පදමට බීමත්වය. ඒ මත් වීම කොතරම්ද යත් තම ලෙයින් උපන් දියණියගේ පහසට ගිජු වීමට තරම් කාමයෙන් මත්ව සිටියේය. හිවල් දෙනක්‌ ගොදුරක්‌ දැක හූ හඬ ලන ශබ්දය පාළු රැය තව තවත් මූසල කළේය. දියණිය මුවැත්තියක සේ වෙව්ලමින් තාත්තේ යන උතුම් වචනය මිමිණුවාය. මේ ලොව සාධු සම්මත සාරධර්ම මොහොතකින් ඒ වහල යට දෙදරා සුණු විසුණුව ගියේය. ඉනික්‌බිතිව එළැඹි බොහෝ රාත්‍රියන් ගෙවී ගියේ ඒ ලෙසටමය.

ඒ නරුම සිදුවීමෙන් කාලය ගෙවී වසරකට ලංවෙමින් තිබිණි. අම්මා ඉසුරු සොයා ගෙන එන විට දියණිය ගැබිනියකව සිටියාය. ඉන් පසු වූ සියල්ල ලුණුගම්වෙහෙර පොලිසියේ සටහන් විය. මම දුවගෙන් ඇහුවාම සිද්ධියට හේතුව තාත්තා කියල හැමදේම කිව්වා. මම දුවත් එක්‌ක ගිහින් පොලිසියේ පැමිණිලි කළා. පස්‌සෙ පොලිසිය එනකොට සැමියා ගෙදරින් පැනල ගිහින් හැංගිලා හිටියා. එහෙම ඉන්නකොට ගන්දර පැත්තෙදී තමයි පොලිසියෙන් අල්ලගෙන එයාව උසාවි දැම්මෙ. වනිගසිංහ නීතියේ රැහැනට කොටු කරගැනීමට පොලිසියට එතරම් පහසු කාර්යයක්‌ නොවීය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් විවිධ වෙස්‌ ගෙන ඒ සඳහා දිවා රෑ නොබලා ගන්දර, දික්‌වැල්ල, ප්‍රදේශවල සැරිසැරුවේය. තංගල්ල කොට්‌ඨාස බාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි මෙහෙයුමට යෙදවූයේ පොලිස්‌ පරීක්‍ෂක සිසිර ගමගේය. උප පොලිස්‌ පරීක්‍ෂක ආර්¾ එම්. රත්නායක, පො. සැ. චන්ද්‍රසේන (37522), පො. කො. පතිරණ (86255) සහ සමරකෝන් (31716) ඔහුගේ සහයකයෝ වූහ. එලෙස සිදුවූ දීර්ඝකාලීන මෙහෙයුමකදී වනිගසිංහ පොලිසියේ අත්අඩංගුවට පත්වන්නේ ඔහු බහුදින යාත්‍රාවක සේවකයකු ලෙස සේවය කර ගන්දර වෙරළට පැමිණ සිsටි අවස්‌ථාවේදීය.

එතෙක්‌ හැංගිමුත්තන් කරමින් සිටි වනිගසිංහ පසුව මාස ගණනකට හිරේ වැටුණේය. නමුත් නීතිය ඉදිරියේ මේ අවනඩුව ඇදෙන විට වනිගසිංහ ඇප ලබාගෙන එළියට ආවේය. ඇප ලබාගෙන එළියට ආවාට පස්‌සේ එයා නඩුවට යන එක මඟහැරියා.

ඊට පස්‌සේ නඩුවට නොගිහින් ඉන්නකොට වරෙන්තු කළා. එදා ඉඳලා එයා පොලිසියට බයෙන් තැන් තැන්වල හැංගිල තමයි හිටියෙ.

වරෙන්තු මත පොලිසියට කට්‌ටි පනිමින් හිඳි වනිගසිංහ කැලෑ වැදුණේය. ඒ අතරතුර ඇතැම් රාත්‍රියකදී ඔහු බිරිඳ සහ දියණිය සොයා ආවේ යහපත් සිතින් නොවේ. දියණිය මව සමඟ තමන්ට එරෙහිව පොලිසියට කළ පැමිණිල්ල නිසා අවස්‌ථාවක්‌ ලැබුණු විගස ඔවුන්ගෙන් පලි ගැනීමේ ෙච්තනාවකින් වනිගසිංහ පසුවිය. එහෙත් වාසනාවකට ඒ එකදු රාත්‍රියක දියණිය හෝ බිරිඳ සොයාගැනීමට වනිගසිංහට නොහැකි විය.

ඒ වනවිට ලුණුqගම්වෙහෙර රක්‍ෂිතයේ කොතැනක හෝ වනිගසිංහ සැඟවී සිටින බව ඔහුගේ බිරිඳ දැන සිටියාය. කැලයට වැදුණු වනිගසිංහ ටික කලක්‌ යන විට දඩයමට හුරු විය. වනිsගසිංහ සිතුවේ සොබාදහම් මාතාව සියලු පව් කමා කර තමන් ආරක්‍ෂා කරනු ඇත කියාය. නමුත් කර්මය පඩිසන්දෙන විට මේ විශ්වයේ සැඟවෙන්නට තැන් නැත. වනිගසිංහගේ කර්මය කැලයේ සිටි, මහා සද්දන්තයකුගේ චිත්ත වේගයට මුසුව ඔහු ඉදිරියටම මුණගැසින. ඇතැම්විට වනිගසිංහට ඒ බියකරු මොහොතේ තමන්ගේම ලෙයින් උපන් දියණිය ග්‍රහණයට ගත් රාත්‍රිය සිහිවන්නට ඇත. කළ පව් කමා කළ නොහැකිය. හස්‌තිsයාගේ හොඬයට හිරවූ වනිගසිංහට පොළවත් තමනුත් අතර වන සමබරතාව ගිලිහී යනු දැනුණේය. ඊට පසු දින ලුණුගම්වෙහෙර රක්‍ෂිතයේ කඩවර අසල මියෑදී සිටි මිනිසකුගේ මරණ පරීක්‍ෂණයට ලුණුගම්වෙහෙර මරණ පරීක්‍ෂක කේ. ජී. සී. මහතාට කැඳවීSමක්‌a ලැබිණ.

වල් අලියකුගේ දරුණු පහරදීම මත හිසට මොළයට හා හෘදය වස්‌තුවට බරපතළ හානි සිදුවීමෙන් එදිරිසූරිය පටබැඳිගේ වනිගසිංහගේ මරණය සිදුව ඇතැයි අවසන මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන්ව තිබිණි.

තිස්‌ස ගුණතිලක
දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive